Posted by: lrrp | November 4, 2017

කෑගල්ලෙන් මතුවූ ඇරුම පුදුම පෘතුගීසි බලකොටුව

මෙතෙක් තොරතුරු අනාවරණ කර නොගත් පෘතුගීසි බලකොටුවක් කෑගල්ලෙන් සොයා ගැනීමට පුරාවිද්‍යා බලධාරීන් සමත්ව තිබේ..

මෙම බලකොටුව පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යා බලධාරීන්  එම ප‍්‍රදේශයට ගිය අවස්ථාවේදී ඒ පිළිබඳව තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන ඇත.

දෙහිඕවිට, පනාවල මඩගම්මන ප‍්‍රදේශයේ  කැළෑබදව පිහිටා ඇති මෙම බලකොටුව ක්‍රි.ව 1515 ත් 1540 ත් අතර කාලය තුළ සීතාවක ආක‍්‍රමණයෙන් පසුව ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම බලකොටුව නිර්මාණය කර ඇත්තේ පැති 3 ක් පමණක් ආවරණ වන ලෙස බැවින් සබරගමුවට පිවිසීමේ පහසුව අරඹයා මෙය ඉදිකර ඇති බවට අනුමාන කරයි.

මෙරට ඇති සියලූ පෘතුගීසි බලකොටු පසුව  ඕලන්ද සහ ඉංගී‍්‍රසි ජාතිකයන් විසින් භාවිතයට ගනු ලැබ ඇත.එබැවින් ඒවායෙහි පෘතුගීසි ලක්‍ෂණ වෙනස් වූ නමුත් අලුතින් සොයාගත් බලකොටුවේ පෘතුගීසි ලක්‍ෂණ කිසිවක් නොවෙනස්ව ඇති බැවින් එය භාවිත කර නොමැති බව පුරා විද්‍යා බලධාරීන් පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල සඳහන් කළේ මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් බවට හදුනාගත හැකි ලක්ෂණද ඇති බවයි.

මෙම බලකොටුව පිළිබඳ ඉතිහාසයේ තොරතුරු තිබුණද එය මෙතෙක් සොයා ගැනීමට නොහැකි විය.. ඝණ කැළෑවකින් වැසුනු මෙම බලකොටුව සොයාගැනීමට හැකි වූෙය්  ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය හේතුවෙන් බවද ඔහු මෙහිදී ප‍්‍රකාශ කෙෙළ්ය.

ඓතිහාසික වටිනාකමින් යුත් මෙම බලකොටුව ආරක්‍ෂා කර ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: