Posted by: lrrp | November 4, 2017

මැණික්කඩවර පෘතුගීසි බළකොටුවට ලැබෙන සැලකිලි මදි

වල්බිහිවී ඇති මැණික්කඩවර පෘතුගීසි බළකොටුව

එකදහස් පන්සිය අනු අට වර්ෂයේදී විශාල බිම් ප්‍රමාණයක ඉදිකරන ලද මැණික්කඩවර පෘතුගීසි බලකොටුව මේවනවිට වල්බිහිවී බිම් ප්‍රමාණයද අඩුවෙමින් පවතී. ඓතිහාසික දැදිගම් පුරවරයේ මනස්කාන්ත කඳු වළල්ලකින් වටවූ මනරම් බිම් පෙදෙසක මේ බලකොටුව ඉදිකර ඇත.

මෙය ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් ගෙනැවිත් ඇත්තේ සැතපුම් දෙකක් පමණ දුරින් වූ දැදිගම පැරකුම්බා රජු විසින් ඉදිකරන ලද සූතිගර චෛත්‍යයෙනි.

බළකොටුව ආරක්ෂා වන අන්දමට විශාල දඬු වැටකින් ආවරණය වන පරිදි ජෙනරාල් අසවිදු නැමැත්තා විසින් හයමසක් වැනි කෙටි කාලයක් ඇතුළතදී මේ බළකොටුව ඉදිකර ඇත.

මැණික්කඩවර තිබූ පෘතුගීසි ලාංඡනය

බළකොටුවට එල්ලවන සතුරු බලපෑම්වලින් ආරක්ෂාවීමටත් මෙහි සිට සැඟවී පහරදීමට හැකිවන අයුරින් මේ බළකොටුව ඉදිකර ඇත.මෙහි තිබුණ පෘතුගීසි ලාංඡනය කලක් මැණික්කඩවර රජමහා විහාරයේ තැන්පත්කර පසුව 1890 දී බෙල් මහතා කොළඹ කෞතුකාගාරයට ගෙනැවිත් භාරදෙන ලදී.

එදා ඉතාමත්ම ශක්තිමත්ව තිබුණ ආරක්ෂක බළකොටුවද මෙය වේ. අසවිදු නමැත්තා මෙහි නැවතී සිට සියලු පාලන කටයුතු සාර්ථකව කරගෙන ගොස් ඇත. සොල්දාදුවන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් මෙහි නවතා තබා ආරක්ෂක ශක්තිය වැඩි දියුණු කර ඇත.

මැණික්කඩවර රජමහා විහාරාධිපති හා වරකාපොළ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති මැණික්කඩවර ධම්මරතන හිමියෝ මෙසේ කීහ.

මේ බළකොටුව බලන්න දෙස් විදෙස් සංචාරකයෝ පැමිණියා අද මැණික්කඩවර බළකොටුව කාටත් අමතක වෙලා. මේ ස්ථානය ඉතිහාස ගතවෙලා.

මැණික්‌ කඩවර පුරාණ රජමහාවිහාරයේ ප්‍රතිකාල් සමයේ අඳිනලද චුල්ල ධර්මපාල ජාතිකය සිතුවම් වී තිබේ. රජු ඇතුළු පිරිස (වධකයා පවා) සැරසී සිටින්නේ පෘතුග්‍රීසි ඇඳුම්වලිනි. ප්‍රතිකාල්වරුන් විසින් පෘතුග්‍රීසි ලාංඡනය සහිත මල් ආසනයක්‌ද එකී පන්සලට පූජා කර ඇත.

දරුවන් පොත්පත්වලින් බළ කොටුවගැන ඉගෙන ගන්නවා. ඒ වුණත් අධ්‍යාපන චාරිකා මගින් බළකොටුව බලන්න ආපුවහම බලන්න තියෙන්නේ කැලෑවක් පමණයි.

ඓතිහාසික දැදිගම තමයි පුරාණයේ ලංකාවේ අගනුවර හොඳ පිරිවෙන් තිබුණා.

This slideshow requires JavaScript.

හොඳ අධ්‍යාපනයක් ලබපු අය හිටියා. දැන් ඒ පිරිවෙනත් නැහැ. දැදිගම පූජාභූමි වැඩ සටහනත් අතරමග නැවතිලා කරන්න කෙනෙක් නැහැ. අපේ දරුවන්ට මොනවා හරි ඉගෙන ගන්න මේ ස්ථානයේ වැඩි දියුණු කිරීමත් සිදුවිය යුතුයි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Categories

%d bloggers like this: