ලංකා ජාතික සටන වෙනුවෙන් පරංගි ආධිපත්‍යයට එරෙහිව එදිරිල්ලේ රාළ දිවි පිදීම (1595).(මෙම එළඹූණූ ජූලි මස 14 වනදාට දේශීය නිදහස වෙනූවෙන් සටන් කොට එදිරිල්ලේ රාළ දිවි පූදා වසර 422 ක් ගත වීම නිමිත්තෙනි.)
ලංකා ඉතිහාසය වරින් වර විදේශ ආධිපත්‍යයන්ට යටත් වූ බව මූලාශ්රගත තොරතුරුවලින් සනාථ වේ. 16 වන සියවසේ මූල භාගයේදී ද, එවැනි විජාතික බලවේගයකට මෙරට ගොදුරු වේ. ඔවූන් නමින් පෘතුගීසීන්ය. ලංකාවේ අභ්‍යන්තර ආරවූල්වලින් නිසි ප්‍රයෝජන ලබාගත් ඔවූන් මෙහි දේශපාලනයට පවා සම්බන්ධ වීමට සමත් වෙයි.
1505 දී අහම්බෙන් මෙරටට ගොඩබසින ඔවූන් 1551 සිදුවන ඪෂෂ වන බූවනෙක බාහූ රජූගේ මරණයෙන් පසූ රජවන ධර්මපාල රජූ තමන්ගේ අතකොලුවක් බවට පත්කර ගනිමින් මෙහි පාලනයට සෘජූවම හවූල් වේ. මොවූන්ගේ මර්දනකාරී මෙන්ම කෲරතර පාලනයේ උච්චතම අවස්ථාව වන්නේ ජෙරනිමෝද අසවේදුගේ පාලන සමයයි. එම පාලනයට විරුද්ධව අභීතව සටන් වැදී එදිරිල්ලේ රාළ නම් සෙන්පතියා මෙම ජූලි මස 14 වන දිනට දිවි පූදා වසර 422 ක් ගතවේ.
මෙම ලිපිය එම බිහිසූණූ මෙන්ම සංවේදී අවස්ථාව සදානූස්මරණය කිරීම වෙනූවෙනි. සීතාවක රාජධානියේ රාජසිංහ රජූගේ අභාවයත් සමගම පෘතුගීසී විරෝධී සටන් ව්‍යාපාරය අඩපණ වූ බවක් පෙනේ. මෙයින් වාසි ලැබීමට සිතූ පෘතුගීසී කපිතාන් ජනරාල්වරයා මූළු මහත් ලංකාවේම බලය තහවූරු කර ගැනීම සඳහා උඩරටට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කරයි. නමූත් උඩරට හමූදාව සූකෂම අයූරින් මෙහෙයවා 1594 වර්ෂයේ දන්තුරේදී විමලධර්ම සූරිය රජූ විසින් ඔවූන් අන්ත පරාජයකට පත් කරනූ ලබයි.
මෙම පරාජයත් සමගම පෘතුගීසීන්ට විවිධ කැරැළි රාශියකට මූහූණ පෑමට සිදුවේ. එවන් කැරළි මෙහෙය වූවන් අතර අකරගම අප්පූහාමි මෙන්ම එදිරිල්ලේ රාළද ප්රමූඛස්ථානයක් ගන්නේ එමගින් පෘතුගීසීන්ට සිදුකළ විනාශය මහත් වූ බැවිනි. එදිරිල්ලේ රාළ පෘතුගීසීන් අතර හැදී වැඩී ඔවූන්ගේ අයූක්තිය නොඉවසා නැගී සිටි ප්‍රබල සෙන්පතියෙකි.
මොහූ උපතින්ම කි‍්‍රිස්තු භක්තියෙක් විය. මොහූගේ පියා දොන් ජූවන් ධර්මපාල රජූගේ භාෂා පරිවර්තකයා වූ එදිරිල්ලේ ආරච්චිය. එදිරිල්ලේගේ බෞතීස්ම නාමය දොමිංගු කොරයා වූ අතර විවාහ වී සිටියේද පෘතුගීසී කාන්තාවක් සමගය. පෘතුගීසින් පිළිබඳව මනා පරිචයක් මොහූට කුඩා කළ සිටම තිබිණි. සටනේ දකෂයකු බැවින් තරුණ වියට එළඹෙත්ම පෘතුගීසි ලස්කිරිඤ්ඤ හමූදාවේ සෙන්පතිකම මෙන්ම සත් කෝරළයේ පාලන ධූරයද මොහූ විසින් ඉසීලීය.
මේ ආකාරයට පෘතුගීසීන්ට පකෂග්රාහීව ඔවූන් ආරකෂා කිරීමේ නිරත වූ එදිරිල්ලේ වැඩි කලක් නොගොස්ම ඔවූන්ට විරුද්ධව නැගී සිටියේය. පෘතුගීසි පාලන සමය පිළිබඳව තොරතුරු සටහන් කර තැබූ ක්වේරෝස් නම් පූජකවරයා එදිරිල්ලේගේ වෙනස් වීමට හේතුව ලෙස බලලෝභයත්, දුර්ජන ගතියත්, සිංහලයන් වෙත නිසඟයෙන්ම පිහිටි ද්‍රෝහීකමත් නිසා යැයි කියයි.
නමූත් මෙය පිළිගැනීමට නොහැකි හේතුව වන්නේ සියලු සිංහලයන්ට විරුද්ධව ඔහූ මේ චෝදනාව කරනූ ලැබීමෙනි. බල්දෙයස් නම් ඕලන්ද ජාතික ඉතිහාසඥයා මෙයට වෙනස් අදහසක් ඉදිරිපත් කරයි. එදිරිල්ලේ ඔවූන්ට විරුද්ධව නැගී ආයේ පෘතුගීසින් සිදුකළ අයූක්ති සහගත ක්‍රියා කලාපයන් හේතුවෙන් යැයි ඔහූ කියයි. එම අදහස පිළිගත හැකිය. මන්ද යත් මේ වන විට පෘතුගීසි කපිතාන් ජනරාල්වරයා ලෙස කටයූතු කළ අසවේදු ඉතා කෲරතර පාලකයකු වූ බැවිනි.
පෘතුගිසී හමූදා සත්කෝරළයේ කැරැල්ලක් මැඩලමින් සිටි අවස්ථාවේදී තමා බලාපොරොත්තු වූ අවස්ථාව එළැඹී බැවින් 1595 නොවැම්බර් මස 17 වන දින ධර්මපාල රජූට හා පෘතුගීසින්ට විරුද්ධව නැගී සිටියේය. ජාතියේ විමූක්ති දායකයා තමා බව කියා ගනිමින් 7000 ක පමණ හමූදාවකින් යූත් ඔහූ මෙතැන් පටන් තමන් ඉදිරිල්ලේ බණ්ඩාර නමින් හඳුන්වා දෙන ලදි. මෙම සටනට ඔහූට අමතරව සීමන් කුරේ රාළත් ඥාති සහෝදරයකු වූ විජයසේකර මූදලිත් එක්කර ගන්නා ලදි.
සීතාවක ඇතුළුව පස්දුන්, හේවාගම් සහ රයිගම් යන කෝරළ මෙම සටනේ ප්‍රධාන ස්ථාන විය. නමූත් වැඩි කල් යන්නට මත්තෙන් මූළු පහත රට පූරාම ලැව් ගින්නක් සේ කැරැල්ල ව්‍යාප්ත වී ගියේය. ක්වේරෝස් පවසන පරිදි පෘතුගීසීන්ට අවසානයේ ඉතිරි වූයේ කොළඹ හා ගාල්ල පමණි. දිනෙන් දින ව්‍යාප්තවී යන කැරැල්ල ගැන තොරතුරු ඇසූ අසවේදු ඊළඟට සිදුකළේ විවිධ ප්‍රදේශවල සිටි තම හමූදාවන් ධර්මපාල රජූ විසූ සීතාවකට කැඳවීමයි. සීතාවක, කැරැලිකරුවන්ගේ ප්‍රධාන ඉලක්ක වූ බැවින් වැඩිකල් නොගොස්ම ඉදිරිල්ලේ විසින් එය වටලනූ ලැබීය. අසවේදු මෙයින් පත්වූයේ ඉතාමත් අසීරු අවස්ථාවකටය.
ආහාර පාන, අවි ආයූධ ලබා ගැනීම ආදී සියලු කටයූතු ක්‍රමක්‍රමයෙන් බිඳ වැටිණි. අවසානයේ කොළඹ හා සීතාවක අතර සබඳතා ඇනහිටියේය. අසවේදු විසින් මේ අවස්ථාවේ කළයූතු හොඳම කාර්යය ලෙස දුටූවේ කොළඹට පලා යෑමයි. එහි යෑමට කෙටීම මාර්ගය කැලණි ගඟ ඔස්සේ වැටී තිබූණද, එහි එදිරිල්ලේගේ හමූදා කඳවූරු බැඳගෙන සිටියේය. එනිසා අවසානයේ කළු ගඟ ඔස්සේ රයිගම් කෝරළය හරහා කොළඹට යා යූතු බව ධර්මපාල රජූ යෝජනා කළේය.
ඒ බව දෑනගත් එදිරිල්ලේ රාළ එම මඟ අවූරා සිටියේය. දෙසෙනෙඟ පාදුක්ක අසල ගලගෙදරදී මූණ ගැසූණි. 15000 ක පමණ සමන්විත යූද හමූදාවක් හා අලි ඇතුන් කිහිප දෙනෙකුද, සමග එදිරිල්ලේ එම අවස්ථාවට මූහූණ දුන්නේය. එම සටනින් පෘතුගීසින් හේවායන් 134 ක් මැරී වැටූණහ. තවත් 118 කට තුවාල සිදුවිය. මෙම සටන් මධ්‍යයේ පෘතුගීසි හමූදාව හොරණ දක්වා පසූ බැස්සේය. අවසානයේ ඔවූන් මරණය බලාපොරොත්තුවෙන් පසූවිය.
එහෙත් පෘතුගිසී ගැති සමරකෝන්රාළ ආහාර හා ආධාර සේනා රැගෙන පැමිණි බැවින් පෘතුගීසින් සමූල Gාතනය කිරීමට තිබූ අවස්ථාව ඇහිරි ගියේය. සමරකෝන් රාළගේ හා එදිරිල්ලේ රාළගේ පවූල් අතර තිබූ ජන්මාන්තර වෛරය නිසා ඔවූන් විරසක වීම හේතුවෙන් පෘතුගීසින් ලංකාවෙන් අතුගා දෑමීමට තිබූ අවස්ථාව ඇහිරී ගියේය. එසේ නොවන්නට ඔවූන් ලක් ඉතිහාසයේ ලැබූ අපකීර්තිමත්ම පරාජය එය වනවාට නොඅනූමානය.
සමරකෝන් රාළගේ ආධාර මත පෘතුගීසිහූ සාර්ථක ලෙස කොළඹට පසූබැස ගියහ. ඉන්පසූ අසවේදු සිදු කළේ එදිරිල්ලේට විරුද්ධව යූද වැදීමයි. වැඩිකල් යෑමට මත්තෙන් අසවේදු හා සමරකෝන් රාළ විසින් කැලණි ගං මිටියාවත ප්‍රදේශ මෙන්ම එදිරිල්ලේ සතු වස්තුව ද ලබා ගැනීමට සමත් විය.
කඩු ඊ ප්‍රහාරවලින් රෝගාතුරව මහලු ස්ත්‍රියකගේ පැලකට වැදුණු හේ ඇය විසින් ධන ලෝභයෙන් පෘතුගීසින් වෙත පාවාදෙන ලදුව ඔවුන් කෙරෙන් දස වධ විඳ රට වෙනුවෙන් සිය ජීවිතය පුජා කළේය.
Leave a Reply