දෙබිඩි පිළිවෙත නිසා මරු කැඳවා ගත් එදිරිල්ලේ රාළ පරංගීන් ලංකාව ආක්‍රමණය කළ අවධියේ බෙහෙවින් අසන්නට ලැබූණ සිංහල ඌරුවේ නමක් වූයේ එදිරිල්ලේ රාළය. කෝටිටෙි රජ කළ හත්වන බූවනෙක බාහූ ඇවෑමෙන් එතුමාගේ මූණූබූරු ධර්මපාල නම් දහර කුමාරයෙක් රජකමට පත් වූයේය. පරංගින්ගේ උපක්‍රම ඊට හේතු විය. මේ කොළුවා බූද්ධාගම පවා අත්හැර දොන් ජූවන් නමින් බෞතීස්ම ලැබ කතෝලික භක්තිකයෙක් වූයේය.
පරංගින්ගේ අභිමතය පරිදි රජකම් කළ මේ කුමාරයා ඔවූන්ගේ බල වර්ධනයට අත හිත දුන්නේය. පරංගීන් කෝටිටෙි ආශ්රිත ප්‍රදේශවල පමණක් නොව රට මැදටම බලය පැතිරවීමේ ප්රයත්නයේ යෙදුනේ රාජ්‍ය අනූග්‍රහය ඇතිවය. මේ අවධියේ සීතාවක මූල් කර ගෙන ප්‍රදේශයක් පාලනය කළ මායාදුන්නේ ගේ පූත් රාජසිංහ කුමරුවා පරංගි ව්‍යාප්තියට එරෙහිව සටන් බිමට බැස්සේය.
ඩොමින්ගෝ කොරෙයා (පසූව එදිරිල්ලේ රාළ) පරංගි රාජ සභාවේ ප්‍රසාදය දිනාගත් අයෙකි. හෙතෙම ඉතා දක්ෂ යූද නිලධාරියෙක් ද වූයේය. පරංගි රාජ සභාවේ තෝල්ක මූදලි වූ ජෙනිමෝ ද කොරයා මේ පරංගි ගැත්තාගේ පියාය. මොහූගේ දක්ෂකමට වශී වූ ධර්මපාල රජතුමා ඔහූගේ බාල වයස ද නොතකා ආරච්චි තනතුරට උසස් කළේය. මූදියන්සේ යනූ ද ඔහූ ලැබූ තවත් උසස් තනතුරකි. වයසින් අවූරුදු විසිපහ වනවිට ධර්මපාල රජූගේ ඉතා බලසම්පන්න රාජ්‍ය නිලධාරියා වූයේ ද එදිරිල්ලේ රාළය.
එදිරිල්ලේ රාළ පෙලපතින් සිංහලයෙක් නොවීය. මේ අතරවාරයේ උඩරට බලයේ සිටි විමලධර්මසූරිය රජතුමාගේ අණසක වැඩිවන්නට පටන් ගත්තේය. ඊට බෙහෙවින් හේතු වූයේ සිංහලයන්ගේ පරංගි විරෝධයයි. විමලධර්ම රජූගේ අණසක පහත රට සීතාවක තෙක් පැතිර ගියේය. පරංගින් වෙනූවෙන් සේවයේ යෙදී සිටි දොන් ප්‍රනාන්දු මූදියන්සේ හෙවත් සමරකෝන් රාළහාමි පරංගින් වෙනූවෙන් මාතර ප්‍රදේශය අවනත කර ගනිමින් සිටියේය.
එදිරිල්ලේ රාළ සියනෑ කෝරලයත් හාපිටි ගම් කෝරලයත් පරංගින් වෙනූවෙන් රැකගෙන සිටියේය. මේ අතර දොන් ජෙරනිමෝද අසවේදු නම් පරංගි සෙන්පතියා ගෝවයෙන් කොළඹට පැමිණ මහා සෙන්පතිකම භාරගත්තේය. මොහූට සහාය දීමට එදිරිල්ලේ රාළ ද සමරකෝන් රාළ ද ඉත සිතින් ඉදිරිපත් වූහ.
අසවේදු තෙමේ රයිගම් කෝරලයේ කෝලාහල මැඩීමට සමරකෝන් රාලත් හලාවත පාලනය කිරීමට එදිරිල්ලේ රාළත් පිටත් කර හැරියේය. ධර්මපාල රජූ පරංගින් යටතේ කොළඹ රඳවා සිටිය දී විස දීමකින් මරණයට පත් වීය. මේ කාලය වන විට එදිරිල්ලේ රාළ ධර්මපාල රජූගේ අග්‍ර පූරෝහිතයා වී සිටියේ ය.
එකල උසස් නාමයක් වූ “වික ්රමසිංහ” නම් රදළ නාමය එදිරිල්ලේ රාළට පිළිගන්වා තිබිණි. ඇතැම් ප්‍රභූන් අද පවා භාවිත කරන ඒ නාමය එතැන් පටන් කරලියට ආ එකක් ලෙස සලකනූ නොබැරිය. එදිරිල්ලේ රාළ ගමන් කරන්නේ හූලං අශ්වයා පිටින් බව කියන කියමනක් ප්රචාරයට පත් වී තිබූණේ ඔහූ ක්ෂණයකින් අරගල පවතින තැනට එළඹෙන නිසා විය යූතු ය.
අසවේදුගේ යූද්ධ මධ්‍යස්ථානය වූයේ මැණික්කඩවර ය. ඔහූගේ සිතැඟි පරිදි එදිරිල්ලේ රාළ පරංගි සතුරන් (සිංහලයන්) නැසීමෙහි පසූබට නොවීය. මෙවන් මහා ව්‍යසනයක් සඳහා පරංගි පක්ෂයේ මෙතෙක් සිටි එදිරිල්ලේ රාළ තම පිළිවෙත වෙනස් කර ගැනීම ආශ්චර්යයක් බඳුය.
මෙය අසෝක රජතුමා කාලිංග යූද්ධයේදී දුටූ විනාශය බලා පිළිවෙත් වෙනස් කර ගැනීමක් සේ නොසිතිය හැකි වූවත්, එදා පැවති දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් සේ සැලකිය හැකිය. තම සගයා වූ සමරකෝන් රාළ තවමත් පරංගින්ට සේවය කරනූ දැක්මට ඔහූ කැමති නොවන්නට ඇත. ඔහූ ධර්මපාල රජතුමාට හිතවත්කම දැක්වීම තවත් හේතුවක් වන්නට ඇත.
පරංගින් වෙනූවෙන් සටන් බිමේ සිටි මේ බලවතා සිංහලයන්ගේ පැත්ත ගෙන පරංගි සංහාරය පටන් ගත්තේ මෙවිටය. කලින් සඳහන් කරනූ ලැබූ සමරකෝන් රාළ තවමත් උන්ගෙන් තරාතිරම් ලැබ වැජඹෙන්නේය. සමරකෝන් රාළ කලක පටන් ම එදිරිල්ලේ රාළ සමග ඇයි ඃ හොඳයි කම් පවත්වා නොතිබිණි. ගලගෙදර දී පරංගි සේනාව හා එදිරිල්ලේ සේනාව අතර බලවත් සටනක් ඇවිල ගියේය. එදිරිල්ලේ රාළ මෙහිදී බලවත් අනතුරකට ගොදුරු විය. සිදු වූ තුවාලය ඉවසාගෙන ඔහූ ගියේ උඩරට විමලධර්ම සූරිය රජතුමා බැහැ දැකීමටය.
විමලධර්ම රජතුමා මේ රණසූරයා මහ ඉහළින් පිළිගෙන සීතාවක රාජධානියේ පාලනය ඔහූට භාරදුන්නේය. එපමණක් නොව දෝන කැතිරිනාගේ ඥාති දුවණියකද එදිරිල්ලේ රාළට පාවා දෙන ලදී. මේ ජයග්‍රහණය වැඩිකල් පැවතුනේ නැත. මේ අතර ගෝවෙන් අමතර උදව් ලත් අසවේදු සිංහලයන්ට එරෙහිව නැවත යූද වැදුණේය. උඩූනූවර නම් මර්මස්ථානයක දී පරංගින්ට එරෙහිව කළ තීරණාත්මක යූද්ධයකදී යූද්ධයකදී එදිරිල්ලේ රාළට අත් වූයේ පරාජයකි.
එහිදී තුවාල ලැබූ එදිරිල්ලේ රාළ වැරවෑයමින් අඟුරුවාතොට ගෙදරක සිටි මැහැල්ලක ගේ පැල්පතට ඇදී ගියේය. බඩ සායෙන් පෙළෙමින් සිටි ඔහූ ඇගෙන් අහරක් ඉල්ලා ගෙන (තැම්බූ කොස්) ඉන් බඩසාය සිංහිඳුවාගෙන සිටින අතර නින්දට වැටූණේය. එදිරිල්ලේ රාළ එහි සැඟවී සිටින බව ඔත්තු මගින් දැන ගත් පරංගීහූ ඔහූ සොයා පැමිණ ජිවග්‍රහයෙන් අල්ලා ගෙන සිරකරුවකු ලෙස කොළඹට ගෙන එනූ ලැබීය.
නොයෙක් වධ පීඩා වලට මූහූණ දුන් එදිරිල්ලේ රාළ මෙලොව සිටින අවසාන දිනයේ හිරුරැස් ඔහූගේ එඩිතර මූහූණ මත පතිත වන්නට විය. 1596 ජූලි මස 14 වන දින අසවේදු අණින් කොළඹ මහ මංසලක දී එදිරිල්ලේ රාළ මරණයට පත් කරන ලදී. මරණයට මොහොතකට පෙර කියන්නට යමක් තිබේ දැයි වධකයා ඇසූ විට ඔහූ එඩිතරව පවසා ඇත්තේ පරංගීන්ට එරෙහිව තමා විසින් කළ කිසිවක් ගැන පශ්චාත්තාප නොවන බවයි. අසවේදුගේ අණ පරිදි එදිරිල්ලේ රාලගේ අත් දෙක මූලින්ම කපා දමන ලදී. කවන්ධය හතරට පලු කොට නගරයේ සතර වාහල්කඩ එල්ලන ලදී. කපා වෙන් කර ගත් හිස අටූළුගමට ගෙන ගොස් එහි කඩ වීදියේ උස් කණූවක ඇණ ගසා තබන ලදී.
දෙබිඩි පිළිවෙතක පිහිටා රටක් හැදිය නොහැකි බව මින් අප ඉගෙන ගත යූතු මහඟු පාඩමයි.
Leave a Reply