Posted by: lrrp | May 14, 2021

රාජසිංහ රජු බේරේ වැවේ වතුර හිස්‌ කර කොළඹ කොටුව වැටලූ හැටි

සිවිල් අර්බුද මධ්‍යයේ ද රාජසිංහ රජුගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ පරංගීන්ගෙන් ලංකාව නිදහස්‌ කර ගැනීමයි.
සියලු අභියෝග ජය ගනිමින් දෙවෙනි වරටත් ඔහු කොළඹ කොටුව වැටලීම සඳහා සූදානම් විය. ඒ ක්‍රි.ව. 1587 වර්ෂයේ දීය. රාජසිංහයන්ගේ පළමු ප්‍රහාරයට වඩා මෙම ප්‍රහාරය අතිශයින්ම බිහිසුණු එකක්‌ විය.
 
 මෙම වැටලීම ඉතාමත් ක්‍රමාණුකූලව සිදු කෙරිණි. එහිදී රාජසිංහ රජුගේ ඒකාබද්ධ ප්‍රහාරක බල ඇණිය සෙබළුන් 50000 කින් සමන්විත විය. අවශේෂ කූලීකරුවන් 60000 පමණද, අලි ඇතුන් 2200 පමණ ද, ලෝකඩ කාලතුවක්‌කු 150 පමණ ද, බර ඇදීමට ගවයින් 40000 පමණ ද, පොරෝ 10000 පමණ ද, නාරස්‌සන 3000 පමණ ද, කැති 20000 පමණ ද, කුන්තානි 2000 පමණ ද, උදලු 6000 පමණ ද, ලෝකුරුවන් 400 පමණ ද , වඩු ශිල්පීන් 1000 පමණ ද , කාලතුවක්‌කු වෙඩිකරුවන් 400 පමණ ද, බෝට්‌ටු 400 ද µස්‌ටිස්‌ සහ කැටූර් නැමති යාත්‍රා 65 කින් ද සමන්විත විය. (අමරසිංහ 1998) මීට අමතරව ඉන්දියාව ඇතු`ඵ විදේශීsය රටවලින් රැගෙන එන ලද විශේෂිත සටන් කරුවන්ගෙන් ද මෙම හමුදාව සමන්විත විය. එසේම තමන්ට ඉතාමත් අවශ්‍ය වූ නාවික බලයද විදේශිකයන්ගෙන් ලබා ගැනීමට රාජසිංහයන් සමත් විය.
 
 

අවසානයේ කොළඹ කොටුව වැටලීම ආරම්භ විය. මුලදී මෙන්ම මේ අවස්‌ථාවේදී රාජසිංහ හමුදාව බේරේ වැවේ වතුර හිස්‌කරන ලදී. ක්‍රි.ව. 1588 දක්‌වා කෙරුණ මෙම සටන පෘතුගීසීන්ට මහත් අලාභ හානි සිදු කිරීමට සමත් විය. බේරේ වැවේ ජලය හිස්‌වීමෙන් අතරමන් වූ බෝට්‌ටු කිහිපයක්‌ද සීතාවක හමුදාවන්ගේ අත්අඩංගුවට ගන්නා ලදී. ලංකා ඉතිහාසය තුළ සිදුවූ අති විශිෂ්ටතම වැටලීම එයයි. පෘතුගීසින්ට ඇසිපිය හෙළීමට ඉඩ නොතබා බිහිසුණුq ප්‍රහාර කොටුවට එල්ල විය. විටක ජය සීතාවකටය. තවත් විටෙක ජය පෘතුගීසීන්ටය. නිරන්තරයෙන්ම කොළඹට ආධාර ලැබීම, ඔවුන්ගේ දියුණු යුද්ධෝපකරණ හා දියුණු නාවික ශක්‌තිය හමුවේ රාජසිංහයන්ට සටන අවාසිදායක විය. සටන සිදුවන අතරතුර උමං කිහිපයක්‌ කැණීමෙන් කොටුවට ඇතුළු වීමට ගත් උත්සාහයද අසාර්ථක විය. අවසානයේ රාජසිංහ රජු පසු බැසීමට තීරණය කළේය. නමුත් ඒ වන විට පෘතුගීසීන් හොඳ පාඩමක්‌ උගෙන හමාරය. ඔවුන්ට අහිමු වූ දෑ බොහෝය. රාජසිංහයන්ගේ පළමු ප්‍රහාරයට වඩා මෙම ප්‍රහාරය අතිශයින්ම බිහිසුණු එකක්‌ විය. පෘතුගීසීන් එම ආක්‍රමණයෙන් බේරුණේ දේව හාස්‌කමින් බව ඔවුන්ගේම ලේඛකයන් විසින් සඳහන් කර තිබේ. මෙම වැටලීම ක්‍රි.ව.1587 ජූනි සිට ක්‍රි.ව. 1588 පෙබරවාරි දක්‌වා පැවතුණි.
 
 මින් පසු උඩරට රාජ්‍යයේ හා රට අභ්‍යන්තරයේ කැරළි කෝලාහල බහුල අවධියක්‌ උදාවෙයි. හත්කෝaරලයේ ජනතාව සෝතුපාල බණ්‌ඩාර නම් අයෙකු යටතේ කැරළි ගසා ඇත. එහිදී රාජසිංහ රජු එම ප්‍රදේශය ආක්‍රමණය කොට ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක්‌ ඝාතනය කොට එම ප්‍රදේශ යළිත් අත්පත් කරගනීs.
 
 කන්ද උඩරටද මේ වන විට අලුත් සිදුවීමක්‌ ආරම්භ වී ඇත. එනම් වීරසුන්දර බණ්‌ඩාරගේa පුතා වූ කොනප්පු බණ්‌ඩාර හා යමසිංහ බණ්‌ඩාර කුමරු පෘතුගීසීන් සමඟ උඩරටට පැමිණීමයි. මෙහිදී උඩරට ජනතාව ඔවුන් හරසරින් පිළිගෙන තිබේ. ඒ සමගම නිකපිටියේ බණ්‌aඩාර පලාගොස්‌ ඇත. ටික දිනකින් කොනප්පු බණ්‌ඩාර යමසිංහ බණ්‌ඩාර කුමරු මරණයට පත්කරනු ලබයි. පසුව භික්‌ෂූන් වහන්සේගේ හා ප්‍රභූන්ගේ ආශිර්වාදය මධ්‍යයේ කොනප්පු බණ්‌ඩාර විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත්කර ඇත. ඔහු විසින් පෘතුගීසී බට පිරිස පලවා හරින ලදී. මෙය සිදුවන්නේ ක්‍රි.ව.1592 දී ය.
 
 අප මුලින් සඳහන් කළ පරිදි උඩරට භික්‌ෂූන් වහන්සේගේ හා ප්‍රභූන්ගේ රාජසිංහ විරෝධී කුමන්ත්‍රණයේ අවසන ජයග්‍රහණය මෙයයි. ඔවුහු අවස්‌ථාව ලද විටම ක්‍රියාත්මක වූහ. විදේශීය සතුරා සමඟ සටන නවතා රාජසිංහ රජුට සිදුවන්නේ දේශීය සතුරන්ට විරුද්ධව නැගීසිටීමටය. ඒ කන්ද උඩරට හා සත්කෝරලයයි.
 
 තමාට අහිමි වූ උඩරට නැවත ලබා ගැනීමට ක්‍රි.ව.1592 දී ආක්‍රමණයක්‌ මෙහෙයවයි. එය ශේ්‍රෂ්ඨ රාජසිංහයන්ගේ අවසාන සටනයි. ඓතිහාසික බලයේදී සිදු වූ එම සටනින් රාජසිංහ රජුq තීරණාත්මක පරාජයකට පත්වේ.
 
 …… එකොලොස්‌ වයස පටන් හේවාකම් කළ මාගේ ඉදිරියේ රජෙක්‌ හිටියේ නැත. මෙදා උඩ රටට පැමිණුන අය පින් ඇති කෙනෙකි. මාගේ පිං පල අඩුය…..(රාජාවලිය පිටුව, 242) යනුවෙන් පවසා පසුබැස විත් පෙතන්ගොඩ උයනෙහි මඳක්‌ නතර වී ඇත.

රාජසිංහ රජුගේ මරණය.

රාජසිංහ රජුගේ මරණය සිදුවු ආකාරය පිළිබඳ යම් යම් මතවාද තිබුණ ද පිළිගත හැකි මතය වන්නේ බලනේ සිට ආපසු එන ගමනේදී පෙතංගොඩ උයනේදී දී සිදුවු අනතුරයි. එනම් පෙතංගොඩ උයනේදී උණ කටුවක්‌ ඇනී ඇතිවු තුවාලයයි. මේ පිළිබඳව ජනප්‍රවාදයේ එන කවියක්‌ මෙසේය.

 රුසිරු පෙතංගොඩ උයනට වැඩියාය
 නපුරු උනකටුව පතුලේ ඇණුqනාය
 එක්‌ව සිටි සැවොම වටකොට මතුලාය
 රාජසිංහ දෙව් නාමෙත් මැකුනාය


 මෙම උණ කටුව ඇනීSමෙන් වූ තුවාලය රාජසිංහ රජු ඝාතනය කිරීමට තැත්කළ පිරිසට මහත් පිටිවහලකි. මෙම කුමන්ත්‍රණය දියත් කරන්නේ රජුගේම මුනුපුරා වු රාජසූර්ය කුමාරයා හා දොඩම්පේa ගණිතයාය. රාජසූර්ය කුමාරයා රාජසිංහ රජුගේ නැඟනිය වූ මැණික්‌ බිසෝ බණ්‌ඩාරගේ පුතණුවන්ය. මේ පුවත රාජාවලියේ දක්‌වන්aනේ.

 ‘ශ්‍රී පතුල උණකටුව ඇණුනාට දොඩම්පේ ගණිතයා හූනියම් කර විෂ බැඳපීය, රාජසූර්ය අදහසින් වින කරපීය. දැන ගත යුතුයි.’ (රාජාවලිය 242 )

 මේ පුවත මානියංගම පුස්‌කොළ ලිපිය හා සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය යන පුස්‌කොළ පොතින් ද තහවුරු වන බව මහාචාර්ය සිමන් අමරසිංහ මහතා පවසයි. කේරෝස්‌ පවසන්නේ ද තුවාලයට විෂ යෙදීමෙන් රජු මරණයට පත්වු බවයි.

 මෙමගින් පැහැදිළි වන්නේ උණ කටුව ඇනී සිදුවු තුවාලයට විෂ යොදා බැඳීමෙන් එයින් හටගත් රෝගාබාධයෙන් රාජසිංහ රජු මරණයට පත්වු බවයි. පතුලේ තුවාලයට විෂ බෙහෙත් ගැල්වීම නිසා උණකටුව ඇනී දින හතරකින් රාජසිංහ රජු මරණයට පත්වී තිබේ. එය ඉතිහාසයේ සැඟවී ගිය මහා කුමන්ත්‍රණයකි. සාපරාධී ඝාතනයකි. රාජසිංහ රජුගේ මරණය ඔහු පෙතංගොඩ උයනේ සිට සීතාවක ග`ග දිගේ රැගෙන එන අතරතුරේ කිකිලි බිත්තර වැල්ලේදී සිදුවූ බව රාජාවලිය කියයි.

 ‘රාජසිංහ රජ දේවඅ`ගුලෙන් පෙතන්ගොඩ සිට එන විට කිකිළි බිත්තර වැල්ලේදී කතා කළා මිස දෙවනු කී කළ දෙයක්‌ නැතුව උකුත් වූ වාය.’ (රාජාවලිය 242)

එහෙත් සමහර මුලාශ්‍රවල ඔහුගේ මරණය රජමාලිගයේදී සිදුවු බවටද තොරතුරු සඳහන් වෙයි. රාජසිංහ රජුගේ ආදාහන උත්සවය එතරම් උසස්‌ අයුරින් සිදුවූවා යෑයි සැක සහිතය.

 මේ සඳහා එකල පැවති සිවිල් අර්බුද ද හේතු වන්නට ඇත. සීතාවක ආසන්නයේ පිහිටි වැලිවිටිය ගමෙහි හිගුරමෝදරවත්තේ මෙම ශ්‍රේෂ්ඨ නරපතියාගේ සොහොන් ගැබ පිහිටා තිබේ.

 රාජසිංහ රජුගේ මරණය සිදුවූ දිනය සම්බන්ධයෙන් ද විවිධ අදහස්‌ දක්‌නට ලැබේ. මහා වංශය සඳහන් කරන්නේ එම වර්ෂය 1593 ලෙසටය. නමුත් රාජාවලිය ශකවර්ෂ එක්‌වාදහස්‌ පන්සිය දහහතර අවුරුද්දක්‌ ගියා යයි දැනගත යුතුයි. ශකවර්ෂ දහහතර ලත් අවුරුද්දේ ගුරුදින හතවත් ලත් හතේ නැකතින් සිරිලක එක්‌සත් කළ රාජසිංහ රජ උකුත් වූවාහ. (රාජාවලිය 242) යනුවෙන් සඳහන් කරයි.

 මෙම වර්ෂයේම මරණය වූ බව අලකේශ්වර යුද්ධය, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය, මානියංගම පුස්‌කොල ලිපිය, රාජ්‍ය ලෙඛණාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ OR 6606 (104) දරණ තල්පත බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ OR 5289 තල්පත ද දියුණු පත්‍රයෙහි ද සඳහන් වන බව අමරසිංහ මහතා සඳහන් කරයි. පෝල්. ඊ. පීරිස්‌ මහතා දක්‌වන්නේ 1593 මාර්තු 08 දින එම මරණය වු බවයි.

 රාජාවලියේ හා අනෙකුත් මුලාශ්‍ර වල අවුරුද්ද සමාන වුවද දිනයෙහි වෙනසක්‌ ඇත. රාජාවලිය ගුරුදා ලෙස ද අනිකුත් මුලාශ්‍ර බදාදා ලෙසත් දක්‌වා ඇත. මේ අනුව මුලාශ්‍ර කිහිපයකම සඳහන්ව ඇති 1592 පෙබරවාරි 16 වැනි බදාදා දින රාජසිංහ රජුගේ මරණය සිදුවු බවට ප්‍රකාශ කළ හැකිය. රාජසිංහ රජුගේ උපත සිදුවී ඇත්තේ ක්‍රි.ව. 1532 ජුලි මසදීය. (ජන්ම පත්‍රයට අනුව – අමරසිංහ) ඒ අනුව රාජසිංහ රජු මියයන විට හැටවෙනි වර්ෂයෙහි පසු වූ බව මෙයින් තහවුරු කරගත හැකිය.

 අප මෙතෙක්‌ සාකච්ඡා කළේ රාජසිංහ රජුගේ කාර්යසාපල්‍යත් හා ඔහුගේ මරණය සිදුවු ආකාරය පිළිබඳව කරුණුයි. මීළඟට අප අවධානය යොමුකළ යුත්තේ මෙම ශේ්‍රෂ්ඨ නරපතියාට විරුද්ධව ඔහු දේශෙද්‍රdaහියකු බවට පත්කරමින් ඉදිරිපත් වී ඇති මතවාදයත් රාජසිංහ විරෝධීන් පිරිසක්‌ විසින් ගොතන ලද බව පෙන්වා දීමටය.

 රාජසිංහ රජුට විරුද්ධ මතවාදයන් හා ඔහුගේ චරිත ඝාතනය කිරීම ආරම්භ වන්නේ ඔහු රාජ්‍යත්වයට පත්වීමත් සමගය. මොහුට එල්ල වූ ප්‍රබල චෝදනාවක්‌ වූයේ රාජ්‍ය ලෝභයෙන් සිය පියා ඝාතනය කළාය යන්නයි. එය මුසාවක්‌ බව සාධක සහිතව ඉහත තහවුරු කර තිබේ.

 රජසිංහ රජුට එල්ල වන ප්‍රබලම ඊළඟ චෝදනාව වන්නේ බුද්ධශාසනයට විරුද්ධව සිදු කරනු ලැබූ විනාශයන් පිළිබඳවයි. මෙම චෝදනාව ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ මහාවංසය හා මන්දාරම් පුර පුවතයි. මෙම මතයද අනිකුත් සමකාලීන මුලාශ්‍ර ඇසුරෙන් විමසීමේදී බිඳී යයි. රාජසිංහ රජු බෞද්ධ විරෝධී ක්‍රියාකලාපයක්‌ ආරම්භ කරන්නේ පියා මැරූ පාප කර්මයෙන් මිදීමට මගක්‌ නැති බව භික්‌ෂූන් විසින් ප්‍රකාශ කළ පසුව යෑයි මහා වංශයේ සඳහන් වේ. මෙය රාජසිංහ රජු භික්‌ෂු විරෝධී ක්‍රියාකලාපයක්‌ ආරම්භ වීමට තුඩු දුන්නායෑයි සිතීමට නොහැකි වන්නේ රජු විසින් තම පියා මැරූ බව සඳහන් පුවත ඉහතදී බිඳවැටණුq බැවින්ය. රාජසිංහ රජු භික්‌ෂූන්ට විරුද්ධව සමහර කටයුතු සිදුකරන්නේ ඔවුන් විසින්ම ආරම්භ කරන ලද කුමන්ත්‍රණයක්‌ නිසාය. එම සත්‍ය පුවත සඟවා රජු පීතෘ ඝාතකයකු කොට එතුමා පිට වරද පැටවීමට ඔවුන් මුසාවක්‌ ගොතා ඇත. රජු විසින් රාජ්‍ය ලෝභයෙන් පියා මැරුවේ යෑයි අසත්‍ය පුවත දෙවගල රතනාලංකාර හිමි ද විඡේසුන්දර බණ්‌ඩාරයන් විසින් ද උඩරට ප්‍රචාරය කොට හැරිය බව සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය සඳහන් කරයි. එසේම එහි රාජසිංහ රජුගේ පුත් කුමරෙකු වු ධර්ම කුමරු රතනාලංකාර හිමි හා විඡේසුqන්දර බණ්‌ඩාරයන් විසින් පෘතුගීසින් ලවා ඝාතනය කරන ලද බවත් එහි සඳහන්ව ඇත.

 එම නිසා උඩරට පෙරළි කිරීමත් මෙවැනි අපරාධයන් සිදුකිරීමත් නිසා විඡේසුන්දර බණ්‌aඩාර මරවා ඇත. රතනාලංකාර හිමි පලාගොස්‌ තිබේ.

 මෙමගින් පැහැදිලි වන්නේ භික්‌ෂූන්ගේ විවිධ කුමන්aත්‍රණකාරී ක්‍රියාකලාපයක්‌ නිසාම එම භික්‌ෂූන්ට විරුද්ධව රාජසිංහ රජු නැගී සිටි බවයි. විඡේසුන්දර බණ්‌aඩාරගෙන් පසු කන්ද උඩරට බලයට රාජසිංහ රජු පත්කරන්නේ රාජසූරිය කුමාරයාය. මෙම නව රජුට විරුද්ධව උඩරට කුමන්ත්‍රණ දියත් වී ඇත. වරෙක විෙ-සුන්දර බණ්‌ඩාරට රජකම ලබාදීම සඳහා දෙවනගල රතනාලංකාර හිමි හා ගම්පොල රාජගුරු ධර්මකීර්ති හිමියන් එක්‌ව කුමන්ත්‍රණය කළ බවත් පසුව එය හෙළිවීමෙන් රාජසිංහ රජු ඔවුන්ට විරුද්ධව ක්‍රියා කර ඇත. එහිදී භික්‌ෂූන් ඝාතන කළ පුවතක්‌ සඳහන් නොවේ. උඩරට මුලාශ්‍රයක්‌ වන අස්‌ගිරි තල්පතෙහි බොහෝ සංඝයා සිර අඩස්‌සියට ගත් බවත් සිවුරු හැරවූ බවත් විහාරගම් හේවා නිල සමකළ බවත් රදලවරුන්ට විපත් කිරීමටත් පටන් ගත් විට සංඝයා රාජ භයින් පලාගිය බවත් සඳහන් වේ.

 මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ කොනප්පු බණ්‌ඩාර විමලධර්මසූරිය නමින් ඉහත භික්‌ෂූන් හා ප්‍රභූන් විසින් රජකමට පත්කිරීමයි.

 මහාවංසයේ දැක්‌වෙන්නේ

 ……. බුද්ධ ශාසනය නසන්නේ භික්‌ෂු සංඝයා ද මරවමින් ධර්ම පුස්‌ථක දවන්නේ ආරාමයන්ද බිඳුවා ස්‌වර්ග මාර්ගය ද වැසුයේය….(මහාවංසය පිට, 93 ගාථා, 11)

 රාජසිංහ රජු ක්‍රියා කළේ කුමන්ත්‍රණය කළ භික්‌ෂූන්ට විරුද්ධවය. තම රාජ්‍යත්වය අහිමි කිරීමට කුමන්aත්‍රණය කළ භික්‌ෂූන්ට ප්‍රභූන්ට විරුද්ධවය. ඔහු විනාශ කළ ආරාමයන් පිළිබඳ නම් දැක්‌වීමේ දී මෙම මූලාශ්‍ර නිහඬය. මෙකල ප්‍රධාන ආගමික මධ්‍යස්‌ථාන වූ මානියන්ගම රජමහා විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, සබරගමු මහ සමන් දේවාලය ආරක්‌ෂිතව පැවතුණි. එසේම දෙල්ගමු රජමහා විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ වර්ෂයක්‌ පාසා සබරගමු මහ සමන් දේවාලය වැඩමවා වතාවත් පවත්වා ඇත. ඉහත මහාවංස පුවත හුදු ප්‍රබන්ධයක්‌ පමණි. මේවා පසුකාලීනව විනාශ කරන ලද්දේ පරංගීන් විසින්ය.

 භික්‌ෂූන් කෙරෙහි රජු කලකිරී සිටි අවස්‌ථාවේ තවත් වැදගත් සිදුවීමක්‌ සිදුවේ. එනම් ඉන්දියාවෙ සිට පැමිණි ආඬිගුරෙකු වු අරිට්‌ඨකීවෙන්ඩු පෙරුමාල් රජුගේ සිත් දිනා ගැනීමට සමත්වීමය.

 භික්‌ෂූන් හා රජු අතර පැවති විරසකයෙන් ප්‍රයෝජන ගත් ඔහු රජුගේ සිත් දිනාගෙන ඔහු වෙත තව තවත් ළංවිය. එපමණක්‌ නොව දක්‌ෂ කපටියෙකු වු ඔහු රජුගේ සියලු ක්‍රියාදාමයන්ට උදව් කිරීමට ඉදිරිපත් විය. ඔහුට අවසානයේ රජුගේ අග්‍ර පුරෝහිත තනතුර මෙන්ම සේනාපති තනතුර ද හිමිවිය.

 මොහුගේ අරමුණ වූයේ සීතාවක බලය ලබා ගැනීමය. රාජසිංහ රජුගේ මරණින් පසු සීතාවක රජකම පැතූ ඔහු එය ඉටු නොවන විට පෘතුග්‍රීසීන්ට එක්‌ වී සීතාවක රජකම පැතීය. අවසානයේ ඔහු මිය යන්නේ ද කුමන්ත්‍රණයකිනි.

 රාජසිංහ රජුට ලාංකීය නිදහස උදෙසා සටන් කිරීමට සිදුවූයේ දුනු හීතල හා කඩු වලින් නොවේ. ඔහුගේ විරුද්ධ පාර්ශ්වයන් එම සම්ප්‍රදායික අවි ආයුධ වෙනුවට භාවිතා කළේ එදා ලෝකයේම පැවති දියුණු අවි ආයුධයන්ය. ඒ අතර කාලතුවක්‌කු අත්තුවක්‌කු කොඩිතුවක්‌කු ආදිය විය. ඒවා රාජසිංහ රජුට මෙන්ම සමස්‌ත ලංකාවට ම අලුත් අත්දැකීමක්‌ විය. අනෙක්‌ කරුණ නම් පෘතුගීසින් යුද්ධයෙහි ඉතාමත් දක්‌ෂයෝ වීමය. ඒ හැරුණු විට ඔවුන්ට දියුණු නාවික හමුදාවක්‌ද සිටියේය. අවශ්‍ය විටෙක බාහිරින් ආධාර ලබාගැනීම හා බිහිසිණුq සටන් කිරීමටත් ඔවුන් අති දක්‌ෂයෝය. රාජසිංහ රජුට මේ සියල්ලම මහත් අභියෝගයක්‌ විය.

 නමුත් ඉන් නොපසුබටව ඔවුන්ට මුහුණ දීමට අවශ්‍ය අවි ආයුධ තනා ගත්තේය. ඒ තාක්‌ෂණය තමන්ම හැකි පමණින් භාවිතා කළේය. ඊට අමතරව සිවිල් අර්බුදයන්ට ද මුහුණ පාන්නට සිදු විය.

 කෙසේ හෝ ලාංකීය නිදහස දිනා ගැනීමට අවස්‌ථා දෙකකදී දරන ලද ප්‍රබලතම උත්සාහයන් දෙක අසාර්ථක වන්නේ ඉහත සාධකයන්හිද බලපෑම මතය. රාජසිංහ රජුට විරුද්ධව ගොඩනැගුනු භික්‌ෂූ බලවේගය හා ප්‍රභූ බලවේගයද එයට කදිම අවස්‌ථාවක්‌ විය. එම පරාජයන් සමඟම ඔහුගේ ශ්‍රේෂ්ටත්වය යටපත් කිරීමට ඔවුන්ට මහඟු අවස්‌ථාවක්‌ උදාවිය. එනිසා ඔහු පීතෘ ඝාතකයකු, භික්‌ෂු ඝාතකයකු කොට ඔහුගේ චරිතය ඝාතනය කර ලංකා ඉතිහාසය තුළ ඔහුගේ අනුපමේය සේවය ද ඉතිහාසයෙන් වසංකර දැමුවේය.

 මේ අනුව බැලීමේදී ප්‍රමුඛ වංසකතා වල සීතාවක රාජසිංහ රජු ඉතිහාසය තුළින් වසන් කර ඇත. නමුත් සමකාලීන මූලාශ්‍ර කිහිපයක්‌ම එතුමා පිළිබඳව වෙනස්‌ තොරතුරු සඳහන් කරයි. එමගින් පැහැදිළි වන්නේ එතුමාගේ ශ්‍රේෂ්ඨත්වයයි. එතුමා පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කළ යුතුය. නූතන සමාජය තුළ ඉතිහාසයේ එතුමාට හිමි තැන පිළිබඳව දැනුවත් කළ යුතුය. එය ශේ්‍රෂ්ඨ සීතාවක රාජසිංහ රජුට කෙරෙන උපහාරයකි.

 ආශ්‍රිත ග්‍රන්ථ

 01. පරණවිතාන, රෝහිණී (1999) සීතාවක හටන, සංස්‌කරණය මධ්‍යම සංස්‌කෘතික අරමුදල, කොළඹ 07.

 02. සුරවීර, ඒ. වී. (1997), රාජාවලිය, මධ්‍යම සංස්‌කෘතික අරමුදල, කොළඹ 07.

 03. අමරසිංහ සීමන් (1998) සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්‌. කර්තෘ ප්‍රකාශනය, තරංජි ප්‍රින්ටර්ස්‌ මහරගම

 04. මහවංසය (2010) සංස්‌කරණය කිරම විමලජෝති ස්‌ථවිර. බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, අජිත් ප්‍රින්ටර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් බොරලැස්‌ගමුව.

 05. ලංකාවේ පෘතුගීසි යුගය (2008) 1 කාණ්‌ඩය පෝල් ඊ. පීරිස්‌, පරිවර්තනය අභය හේවාවසම්.සූරිය ප්‍රකාශකයෝ කොළඹ 10. මුද්‍රණය එස්‌ ඇන්ඩ් එස්‌ ප්‍රින්ටර්ස්‌ කොළඹ 10.

 06. අස්‌ගිරියේ තල්පත (1997). සංස්‌කරණය, මැන්දිස්‌ රෝහණධීර, සූරිය ප්‍රකාශකයෝ.

 කොළඹ 10. තරංජි ප්‍රින්ටර්ස්‌ මහරගම.

 07. බැල්දියස්‌ගේ ලංකා පුරාවෘත්තය (2007) පරිවර්තනය බී. එන්. ආර්. ජයසේන, සූරිය ප්‍රකාශකයෝ කොළඹ 10. මුද්‍රණය එස්‌ ඇන්ඩ් එස්‌ ප්‍රින්ටර්ස්‌ කොළඹ 10.

 08. සැවුල් සංදේශය (2005) සංස්‌කරණය. අබයරත්න වීරසිංහ. කොළඹ විජය මුද්‍රණාලය. කොළඹ 10


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: