Posted by: lrrp | September 23, 2021

රජුන් පවා කුල්මත් කළ රඹුටන් රස ආ ගමන

මේ උදා වී ඇත්තේ අත්තක් ඉත්තක් රිකිල්ලක් පාසා බරට බරේ වලු බරවුණ රතට රතේ රතන් රතු ලෙස පල දරා ඇති පැණි රඹුටන් වාරයයි.

ලංකාවේ රඹුටන්වල අතීතය අවුරුදු පන්සියයකට එහා දිවෙන අතර, එබඳු අතීතයක් ඇති රඹුටන් සඳහා හොඳ වෙළෙඳපොළක් සකස්කර දීමට, ආදායම් ලබන මාර්ගයක් මෙන්ම විදේශ විනිමය ලැබෙන මාර්ගයක් ලෙස එය සකස් කිරීමට මේ රටේ සිටි කිසිදු රාජ්‍ය නිලධාරියෙකු හෝ පෞද්ගලික ව්‍යවසායකයෙකු සමත් වී නොමැත.

වර්තමානයේදීවත් මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කර රඹුටන් වගාව දියුණු කර හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන වගාවක් බවට රඹුටන් පත්කිරීමට හැකිවේවායි මල්වාන ජනතාවගේ පැතුමයි.

රඹුටන් කියූ සැණින් ලාංකිකයන්ට සිහිවනුයේ මල්වාන ප්‍ර‘දේශයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ අංක 413 ග්‍රාමසේවා වසමේ ඓතිහාසික මල්වාන පුරවරය පිහිටා තිබේ. මල්වානෙන් ලංකාවේ රඹුටන් උපත ලැබූ බව අතීතයේ සිටම පැවත එන කතාවකි.

15 වන සියවසේදී ලද දායාදයක් ලෙස රඹුටන් හැඳින්වේ. සප්ත මහා සාගරය තරණය කරමින් මලයාසියාවෙන් රඹුටන් සංක්‍රමණය වූ බවට පැරැන්නන් කියාදී තිබේ. රඹුටන්වල උපත සිදුව ඇත්තේ මලයාසියාවේ සරන්නාතිය නම් ප්‍ර‘දේශයේ බව ප්‍රකට අතර, මලයා භාෂාවෙන් %රඹු^ යනු මිනිසාගේ රැවුලයි, %ඌටාන්^ යනු මිනිසායි. රඹුටන් ලෙල්ලේ ඇති කෙඳි මිනිස් රැවුලට උපමාකර මෙයට (රඹු+ඌටාන්) රඹුටන් යන නාමය පටබැඳී ඇති බව විශ්වාස කෙරේ.

රඹුටන් විවිධ ආකාරයෙන් ආහාරයට ගැනීමට ලාංකිකයන් පුරුදුව ඇති අතර, රඹුටන්  පලදාවෙන් 30෴ක්  පමණ කලින් කලට අපතේ යයි. ඒවා ආරක්ෂා කරගැනීමට ක්‍රමවේදයක් තවමත් නැති බව මල්වාන ප්‍ර‘දේශවාසීහු පවසති. ඉතිරි වන රඹුටන්වලින් 95෴ක් පමණම ඍජුව ආහාරයට ගැනේ. ඉතිරි 5෴ක පමණ රඹුටන් දෝසි දැමීමටත්, ටින් කිරීමටත්, ජෑම් හා කෝඩියල් සැදීමටත් යොදා ගනී. මේ කුමන ආකාරයෙන් රඹුටන් ආහාරයට ගත්තද එහි පෝෂණ ගුණයේ හෝ රසයේ අඩුවක් සිදු නොවේ. සියනෑ කෝරළයේ ඓතිහාසික මල්වාන පුරවරයට හා තදාසන්න ප්‍ර‘දේශවලට වසරකට වරක් කැඳවන සිරි අසිරිය රඹුටන් වාරයත් සමග පැමිණෙයි.

ක්‍රි.ව.1597 දී ඇති වූ මල්වානේ ගිවිසුමට අනුව කෝට්ටේ රාජ්‍යය ක_ර පෘතුගීසි සෙන්පතියෙකු වූ දොන් ජෙරෝනිමෝද අසවේදෝ යටතේ පාලනය කෙරුණු අතර, අසවේදෝ කැලණි ගඟ මිටියාවතේ පිහිටි සුන්දර ගම්මානයක් වූ මල්වානේ, නරංගස් කොටුව නම් ස්ථානයේ පිහිටි මාලිගාවක විසූ බැවින් %මල්වානේ රජ^ නමින් ප්‍රකට විය.

එසමයේ පෙරදිග මහා වෙළෙඳ පොළ එනම් ජාත්‍යන්තර වෙළෙඳ නගරය ලෙස %මලක්කාව^ සැලකූ අතර, මලයානු අර්ධවීපයේ පිහිටි මලක්කාවේ සමුද්‍රසන්ධියේ නැංගුරම්ලා සිටි පෘතුගීසි නැව් කපිතාන්වරයෙකු ඇතුළු හේවායන් එක් අවස්ථාවක මලයාසියාවට ගොඩ බැස තිබේ.

ඒ කාල වකවානුව මලයාසියාවේ %සුරන් තානිය^ යන ප්‍ර‘දේශයේ රඹුටන් වාරය වූ අතර, එහිදී ඒ සුවිශේෂී පලතුර දැක එහි රස බැලීමට නැව් කපිතාන් ප්‍රමුඛ හේවාපන්නයකට අවස්ථාව උදා වී ඇත. එහි රසයෙන් ඔවුන්ගේ රස නහර පිනා ගිය බැවින් මල්වානේ තම රජුට තෑගි කරන්නට ඉතාම සුදුසු පලතුරු විශේෂයක් බව සිතා ඔවුන් ඒවා රැගෙන පැමිණ තිබේ.

රඹුටන් ගෙනැවිත් නැව් කපිතාන්වරයා විසින් අසවේදෝ හට ඒවා පරිත්‍යාග කර ඇති අතර, එහි රස බැලීමෙන් ක_ර පාලක අසවේදොගේ සිත පිනාගොස් රඹුටන් රසයට වශීකෘතව තිබේ.

අසවේදෝගේ මාලිගාව පිහිටි උද්‍යානය විවිධ මල් ගස් හා පලතුරු ගස්වලින්, ඖෂධ ඇතුළු හරිත ශාකවලින් අලංකාර වී තිබි ඇති අතර, එම උද්‍යානය තවත් අලංකාර කිරීම සඳහා රඹුටන් රසයෙන් කුල්මත් ව සිටි අසවේදෝ රඹුටන් රස බැලීමෙන් පසුව ඉතිරි වූ රඹුටන් ඇට කිහිපයක් සිය උද්‍යානයේ රෝපණය කර වීමට කටයුතු කර තිබේ.

රඹුටන් ඇට රෝපණය කර වසර පහක් හයක් ගතවීමෙන් පසු ඒවයේ රඹුටන් ගෙඩි හටගෙන ඇත. ඒවා රස බැලූවන්ද එම රඹුටන් ඇට රෝපණය කර තිබේ.

අනතුරුව ඓතිහාසික මල්වාන පුරවරයේ පිහිටි ලෙනගම්පලවත්ත, වැවළඟවත්ත, පිඩලියවත්ත, මල්වත්ත, දෙමටානගෙවත්ත, කොස්කොළවත්ත, උදුවගේවත්ත, කාවේරිගොඩැල්ල ආදී වතුවල මුලින්ම රඹුටන් රෝපණය කර ඇති අතර, සතුන් විසින් රඹුටන් ආහාරයට ගෙන ඉතිරි වන බීජ තැන්තැන්වල වැටීමෙන් ඒවාද පැළ වී ප්‍ර‘දේශය පුරා ව්‍යාප්තව තිබේ.

පසුකාලීනව මල්වාන අවට පිහිටි පහළ මාපිටිගම උඩමාපිටිගම, කළුදොඳයාව, වල්ගම, යබරළුව, රක්ෂපාන මෙන්ම කැලණි ගඟෙන් එගොඩ පිහිටි ගඟ මිටියාවත, නවගමුව, රණාල, බෝමිරිය, ආටිගල ආදී ප්‍ර‘දේශවලත්, ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳවැල, පූගොඩ, තරාල, රඳාවාන, මණ්ඩාවල, වැලිවේරිය, අත්තනගල්ල, නිට්ටඹුව, පස්යාල ආදී ප්‍ර‘දේශ හා තදාසන්න ප්‍ර‘දේශවලත් රඹුටන් ව්‍යාප්ත විය.

මේ අතර ගම්පහ දිසාවට සීමා වී තිබූ රඹුටන් වගාව මෑතකාලීනව ගාල්ල, කුරුණෑගල, මොනරාගල, බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර ආදී දිස්ත්‍රික්කවල විවිධ ප්‍ර‘දේශවලට ව්‍යාප්තව ඇත.

රඹුටන් සඳහා හොඳ වෙළෙඳපොළක් තායිලන්තයේද පවතින අතර, මලයාසියාවට අමතරව තායිලන්තයද රඹුටන් වගා කරන ප්‍රධාන රටක් බවට පත්ව තිබේ. ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල්ද සුවිශේෂී පලතුරක් ලෙස රඹුටන් වගාකිරීම ආරම්භ කර ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: