කළුගඟ දිගේ පෘතුගීසීන් රට අභ්‍යන්තරයට පැමිණියේ, මෙරට සිරි නැරඹීමට නොව, සිය වාණිජ හුවමාරු කටයුතු සඳහා අවශ්‍ය කුළුබඩු ද්‍රව්‍ය රැස්‌කර ගැනීමට සහ රට අභ්‍යන්තරයේ ද බලය තහවුරුකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ය. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්, කළු ගං දෑලෙහි කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ බලකොටු ඉදිකළ බව, අපේ ඉතිහාස තොරතුරු අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වේ. අඟුරුවාතොට, නම්බපාන, ඇල්ලගාව, කිරිඇල්ල, රත්නපුර සහ බටුගෙදර එසේ ඉදිකළ බලකොටු ය.

කිතු වසින් ගෙවී ගිය 1505 නොවැම්බර් මස 15 වැනි දින, ලක්‌බිමට අහම්බෙන් මෙන් බටහිර රකුසෙකු ගොඩ බටුයේ ය. ඔවුන් නමින් පෘතුගීසීන් හෙවත් පරංගින් ය. සුදු තිරුවානා ගල් කමින් ලේ බොන ඔවුන්ගේ මාතෘ භූමිය වූයේ පෘතුගාලය යි. ඔවුන් මෙරටට ගොඩ බසින අවස්‌ථාවේ, මෙරට රජ කළේ, 08 වැනි වීරපරාක්‍රමබාහු (ක්‍රි(ව(1484-1506) රජතුමා ය.

මේ වකවානුව වනවිට ලංකාවේ කුරුඳු, කරාබු නැටි, කරඳමුංගු, සාදික්‌කා, වසාවාසි, පුවක්‌, ගම්මිරිස්‌ වැනි කුළුබඩු මෙන්ම ඇත් දළ වැනි දේ ද මිල දී ගැනීමේ ඒකාධිකාරය පැවතුණේ මුහුදු මාර්ගයන් ඔස්‌සේ පෙරදිගින් පැමිණි මුස්‌ලිම් වෙළෙඳුන් අත ය. ලංකාවේ කුළුබඩු ඉතාමත් අනර්ඝ උසස්‌ තත්ත්වයෙන් යුතු ඒවා විය. මුස්‌ලිම් වෙළඳුන් සහ පෘතුගීසීන් අතර ද වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු සිදු වූ අතර, මෙතරම් අනර්ඝ කුළුබඩු ගෙන එන රට දැන ගැනීමට පෘතුගීසීන් ද අවශ්‍ය විය. එහෙත් මුස්‌ලිම් වෙළෙඳුන් මෙම දිවයින පිහිටි දිසාව හෝ ඔවුන්ට නොපවසන්නට වග බලාගත්හ. පෘතුගීසීන් මෙහි පැමිණියහොත් තමන් බලය රඳවා ගෙන සිටින මෙරට වෙළෙඳ ඒකාධිකාරයට පහර වදිනවා පමණක්‌ නොව, එම කටයුතු ඔවුන් අතට පත් කර ගනී යෑයි යන සැකය නිසා, මුස්‌ලිම් වෙළෙඳුන්, පෘතුගීසීන් මග හැරිය හ. කැලිකට්‌ නුවරට යාත්‍රා නො කොට, ඒඩ්න් සහ පර්සියානු බොක්‌කට යාත්‍රා කළහ. මෙයින් කෝපයට පත්, ෆ්‍රැන්සිස්‌කෝ ද අල්මේදා සිය පුත්‍රයා වූ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රධාන නාවික කණ්‌ඩායමක්‌, ක්‍රි:ව:1505 දී මුස්‌ලිම් වෙළෙඳුන්ගේ නැව් අත්අඩංගුවට ගැනීමට පිටත්කර හැරියේ ය. පෘතුගීසීන් ආක්‍රමණික නාවිකයන් පිරිසක්‌ ය.

එසේ පිටත්ව ගිය ලොරෙන්සෝ ද අල්මේදාගේ නැව් හමුදාව මහ මුහුදේ දී දරුණු කුණාටුවකට හසුවී අහඹු ලෙස ගොඩ ගැසුවේ කොළොම්තොට වරායට ය. එහෙත් මෙරට වැසියන් ගෙන් අල්මේදාගේ පිරිසට යහපත් ප්‍රතිචාරයක්‌ හිමි වූයේ නැත. අවසානයේ කාලතුවක්‌කු වෙඩි පත්තු කිරීම නිසා බියට පත් සිංහලයන් පරංගින්ට මෙරටට ගොඩ බැසීමට ඉඩ දුන්නේ කැමැත්තකින් නොවේ. තමන් සිටින ගොඩබිම කුමක්‌දැයි සොයා බැලු අල්මේදා ඇතුළු පිරිසට දැනගත හැකි වූයේ, මෙතෙක්‌ කලක්‌ තමන් සොයමින් සිටි -සෙයිලාන් නම් රටට තමන් අහම්බෙන් වුවත් ගොඩ බැස ඇති බව ය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ, රජතුමා හමුවට දූත ගමනක්‌ යැමට කටයුතු සකසා ගැනීම ය.

පරංගීගේ පැමිණීම මෙන්ම ඔවුන්, රජතුමා හමුවීමට යැම මුස්‌ලිම් වෙළෙඳුන්ට බියක්‌ ගෙන දෙන කරුණක්‌ විය. එම නිසා රජතුමා හමුවුණ ඔවුන් එතුමන්ට කියා සිටියේ, පරංගීන් සහ ගිවිසුම්වලට නො එළඹෙන ලෙසත් ය. රජතුමා හමුවුන පරංගීන් එතුමා ගෙන් ඉල්ලා සිටියේ, මුස්‌ලිම් ජාතිකයන්ට මෙන්, තමන්ට ද සෙයිලමේ වෙළෝදාම් කිරීමට අවසරය ලබා දෙන මෙන් ය. මෙයට ප්‍රති උපකාර වශයෙන් රටේ සියලුම නාවික වරායන් ආරක්‍ෂාකර දෙන බවටත් ඔවුන් රජතුමාට පොරොන්දු වූහ. මේ කපටින්ගේ බහට රැවටුණු, රජතුමා ගිවිසුමකට එළඹුණා පමණක්‌ නොව, වාර්ෂිකව කුරුඳු තොගයක්‌ ද කප්පමක්‌ වශයෙන් දීමට එකඟ විය. පෘතුගීසීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වී තිබුණේ ද ලංකාවේ කුරුඳු ලබා ගැනීම ය.

එසේ අහම්බෙන් කොළොම්තොට වරායෙන් ලක්‌දිවට ගොඩ බසින ලද පරංගීන්, ලක්‌දිව පළමුවෙන්ම බලකොටුවක්‌ ඉදිකළේ, කොළඹ වරාය ආශ්‍රිතව ය. ඉන් අනතුරුව, ඔවුන් ක්‍රමක්‍රමයෙන් වෙරළබඩ තීරයේ වරායවල් ආශ්‍රිතව සිය බලකොටු ඉදිකළේ රජවරුන්ගේ ද නියෝගයන්ට ද අභියෝග කරමින් ය. රට වටේ බලකොටු ඉදිකළ පරංගීන්, රට මැද ද කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ බලකොටු ඉදි කළහ. ඔවුන් එම ඉදිකිරීම්වලින් බලාපොරොත්තු වූයේ, ආරක්‍ෂාව මෙන්ම, එක්‌රැස්‌කර ගන්නා කුළුබඩු වර්ග ගබඩාකර තබා ගැනීම යි.

කළුතර ඔවුන්ගේ එක්‌ බලකොටුවක්‌ විය. එකල කළුගඟ දිගේ රට මැදට ද පිවිසි පරංගීන්, රට අභ්‍යන්තරයෙන් ද කුළුබඩු මෙන්ම තවත් වෙළෙඳ භාණ්‌ඩයන් එක්‌රැස්‌ කළහ. එසේ රැස්‌කර ගන්නා, ද්‍රව්‍යයන් ගබඩා කිරීමට කළුගඟ දෑලෙහි ද බලකොටු ඉදිකළ බව අපගේ ඉතිහාස පුවත්වල සඳහන් වේ. එම තොරතුරුවලට අනුව, අඟුරුවාතොට, නම්බපාන, ඇල්ලගාව, කිරිඇල්ල, රත්නපුර සහ බටුගෙදර එසේ බලකොටු ඉදිකර තිබෙන අතර, කළුගඟේ ප්‍රධාන අතු ගංගාවක්‌ වූ, කුරුගඟේ ඉහත්තාවට වෙන්නට දෙල්ගමුවේ සහ තෙප්පනාවේ ද බලකොටු ඉදි කළහ. මේ සෑම කොටුවකම පාහේ ගබඩා කාමර ද විය.

රට අභ්‍යන්තරයෙන් එක්‌රැස්‌කර ගන්නා වාණිජ ද්‍රව්‍ය ඉහත සඳහන් ගබඩාවන් හි ගබඩාකර තබා පසුව, අදාල ගංගා ඇළ දොළ ඔස්‌සේ ඔරු, පාරු සහ තෙප්පම් මඟින් ගෙන ගොස්‌ ඔවුන්ගේ කළුතර පිහිටි ප්‍රධාන ගබඩාවෙහි ගබඩා කර තැබූහ. ඉහත නම් සඳහන් ආරක්‍ෂිත බලකොටු ගැන යම් යම් තොරතුරු සඳහන්ව ඇතත්, සමහර ඒවා නාම මාත්‍රික ය.කිරිඇල්ලේ පෘතුගීසි කොටුව මෙයට වසර ගණනාවකට පෙර, කිරිඇල්ලේ පෘතුගීසි කොටුවක්‌ ගැන පළමුවෙන්ම මා දැනුවත් කළේ, එවකට කිරිඇල්ල ලේක්‌හවුස්‌ සමූහ වාර්තාකරු වූ, ප්‍රවීණ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විඡේබණ්‌ඩාරයන් ය. එහෙත් විවිධ හේතූන් නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට යැමට නො හැකි විය. කාලයත් සමග රජයේ සේවයෙන් විශ්‍රාම ගියත්, පැරණි ස්‌මාරක සෙවීමේ කටයුතු අත් නො හළේ, රත්නපුර ඈත සියවස සම්බන්ධයයෙන් මා ලියනු ලබන ග්‍රන්ථ මාලාවට අවශ්‍ය කරුණු එක්‌ රැස්‌කර ගැනීම සඳහා ය. ඒ අනුව, 2019.04.26 වැනි දින, කිරිඇල්ලේ කොටුව පරික්‍ෂා කර බැලීමට යාමට හැකි වූයේ, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ රත්නපුර ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්‌ ද සමඟ ය. කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ඉඩම්ගොඩ (කිරිඇල්ල) නගර මධ්‍යයේ විද්‍යාල මාවතේ සිට කිලෝ මීටරයක්‌ පමණ දුරින් මෙම පැරණි බලකොටුව පිහිටා ඇත. කොටුගොඩැල්ල නමින් අද හඳුන්වන මෙම පරංගි බලකොටුව අක්‌කර භාගයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක්‌ පුරා පවතී. රත්නපුරයේ සිට කළුතර දෙසට ගලා බසින කළුගඟේ නැම්මක දකුණු ඉවුර දෑලේ උස්‌ බිම්කඩක මෙම ඓතිහාසික පුරාස්‌මාරකය පිහිටා ඇත. සාමාන්‍ය පොළෝ මට්‌ටමේ සිට මෙම ස්‌මාරකයේ මුදුනත උස අඩි 40 කට පමණ ආසන්න වේ. වගා කටයුතු, නිදන් සොරුන් සහ තවත් මානව ක්‍රියාකාරකම් නිසා මෙම පැරණි කොටුව බොහෝදුරට විනාශයට පත්වෙමින් පවතී. මෙම බලකොටුව සුවිසල් කළුගල් කුට්‌ටිවලින් බැඳ ඇති බව තැන් තැන්වල දක්‌නට ඇති ගල් කුට්‌ටිවලින් පැහැදිලි වේ. එමෙන්ම කොටුව මුදුනත ළිඳක්‌ තිබූ බවට සැක කළ හැකි වළක්‌ දැක ගන්නට හැකි අතර, නිදන් හොරුන් සෑරූ වළවල් කිහිපයක්‌ ද විය. ස්‌ථානය තරමක්‌ දුරට වන වැදී ඇති නිසා, වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට නො හැකි විය. ප්‍රදේශවාසීන් ගෙන් දැනගත හැකි වූයේ, බලකොටුවේ සිට පහළට බැසගත හැකි ගල් පඩි පෙළක ශේෂයන්, ගඟේ ජල මට්‌ටම බැස ඇති දිනවලට දැකගත හැකි බව ය.

කිරිඇල්ල කොටුව ගැන පෙම්බර ලංකා කෘතියේ එන සඳහන;

කිරිඇල්ල කොටුව ගැන තරමක්‌ දුරට හෝ විස්‌තරයක්‌ සඳහන් වන්නේ, බ්‍රිතාන්‍ය පාලන සමයේ, මෙරට සිවිල් නිලධාරියෙකු වශයෙන් සේවය කළ, ආර්. එච්. බැසට්‌ (Ralph Henry Basset) විසින් 1929 දී ප්‍රකාශයට පත් කරන ලද, Romantic Ceylon නම් ග්‍රන්ථයේ ය. (මෙම ග්‍රන්ථය -පෙම්බර ලංකා නමින් ප්‍රේමචJද්‍ර අල්විස්‌ මහතා විසින් පරිවර්තනය කර, සූරිය ප්‍රකාශනයක්‌ ලෙසින් 2002 සැප්තැම්බර් 27 වැනි දින ප්‍රකාශයට පත්කර ඇත.) බැසට්‌ මෙම ග්‍රන්ථයට කරුණු උපුටා ගෙන ඇත්තේ, රිබෙයිරෝගේ විස්‌තරයක්‌ උපුටා දක්‌වමින් ය. එම පොතට අනුව කිරිඇල්ල පෘතුගීසි කොටුව ගැන මෙසේ සඳහන් වේ.

පානදුර සිට රත්නපුරට යන මාර්ගයේ කිරිඇල්ල පිහිටා ඇත. කිරිඇල්ලේ දී කළු ගඟේ නැගෙනහිර ඉවුරබඩ ඉතාමත් තියුණු නැම්මක උස්‌ බිමක ඉදිකළ සුවිසල් පෘතුගීසි බලකොටුවක්‌ දැක ගන්නට ඇත. ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම බලකොටුව, සවිමත් බවෙත්, අලංකාරත්වයෙත් සංකලනයක්‌ යයි කිව හැකි ය. මෙතැනට කළු ගඟේ විශාල ප්‍රදේශයක්‌ දැක ගන්නට පුළුවන. පුවක්‌, කුරුඳු ඇතුළු අනෙකුත් කුළුබඩු වර්ග එක්‌රැස්‌කර තැබීම සඳහා ගබඩාවකුත්, මෙහි අණදෙන නිලධාරිs (Commandant of Kiriella‌) සඳහා අලංකාර නිල නිවාසකුත් ඇත. එම නිවසේ ගඟ පැත්තේ ජනෙල් කවුළුවලින් පිටත බලන විට, පහළින් ගඟ දෙසට යොමු වුණු පුළුල් වූ වේදිකාවක්‌ ඇති අතර, එහි සිටින්නෙකුට කුකුළු කෝරළයේ කඳු වැටිත් මැනවින් පෙනෙන්නේ ය. සවස්‌ භාගයේ රාජකාරි කටයුතුවලින් මිදුණු පෘතුගීසි අණදෙන නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට, වේදිකාවේ ආරක්‍ෂිත තාප්පය අසළ සිට, හමන සිසිල් මඳනල සමඟ සැඳෑ සුවය විඳින්නට හැකි ය. මෙම බලකොටුව ආයතචතුරශ්‍රාකාර ය. සෝදා පාළුව වැළැක්‌වීමට ගං ඉවුර දිසාවෙන් බැඳි ආරක්‍ෂිත තාප්පය සඳහා, විශාල ගල් කුට්‌ටි ගෙනැවිත් ඇත්තේ ඈත දුර සිට අලි ඇතුන් මඟින් ය. එසේ ගෙනැවිත් ගිල්වන ලද ගල් කුට්‌ටිවලින් පියවර 60ක්‌ පමණ දුරට සහ උසට ආරක්‍ෂිත වට ප්‍රාකාර බැම්මක්‌ බැඳ ඇත. ගිනිකොණ දිසාවෙන් හැර අනෙක්‌ සෑම පැත්තකින්ම බැස්‌ටියන් හෙවත් මුර අට්‌ටාල ඉදිකර තිබේ. නැගෙනහිර පැත්තෙන් ඇති දොරටුවේs සිට ගං ඉවුර තෙක්‌ වැටුණ මංපෙත අවසන් වූ තැන බලකොටුවේ රැකවරණය සඳහා ආරක්‍ෂක අඟුල් සේවයක්‌ යොදවා ඇත. බලකොටුවට වයඹ දිසාවෙන් කෘතිමව බිම සමතලාකර ඇත්තේ යුධ අභ්‍යාස භූමිය සඳහා ය. නැගෙනහිර සහ බටහිර දෙසින් වූ ගැඹුරු ඇළවල් දෙක සම්බන්ධකර ඇත්තේ, කලින් තනවන ලද දිය අගලකට ය.

රිබෙයිරෝගේ සඳහන : මෙම බලකොටුවේ සිටින පරංගි සෙන්පතියාගේ මූලික රාජකාරිය වූයේ, පෘතුගීසීන් විසින් කුකුළු කෝරළයෙන් මහා පරිමාණයෙන් එක්‌රැස්‌ කරන හකුරු, පුවක්‌ සහ අනෙකුත් කුළුබඩු වර්ග නිසි පරිදි සිදුකරන්නේ දැයි අධීක්‍ෂණය කිරීම යි. එම නිසා කිරිඇල්ල බලකොටුව ඔවුන්ට ඉතාමත් වැදගත් තැනක්‌ විය. උපරිම බලයකින් යුත් හමුදා භට පිරිසක්‌ කොටුව වටේට යොදවා සිටි අතර, හත් සියයක පමණ යුද සෙබළුන් රැසක්‌ මෙහි රැඳී සිටි බවත්, ඒ මෙවැනි කාර්යයක්‌ සඳහා යොදවන උපරිම සෙබළ සංඛ්‍යාව බව රිබෙයිරෝ සඳහන් කරයි. මෙහි දී රිබෙයිරෝ තවදුරටත් සඳහන් කරන්නේ, ඔවුන්ට වැටුප් ගෙවන්නේ වසරකට දින දෙකක්‌ පමණ ය. ඒ නත්තල් දිනයෙ දි සහ සැන් ජො ආඕ මංගල්‍ය දවසේත් පමණි. වැටුප් මුදල් පාවිච්චි කළේ සෙබළුන්ගේ ඇඳුම් සැපයීමට ය. එමෙන්ම නිල රාජකාරි තනතුරු ගැන සැලකීමක්‌ නොමැතිව, සෑම අයකුටම මාසයකට පර්දාවෝ (Pardao) 01 ක්‌ සහ දිනකට හාල් සේරු එක හමාරක්‌ ආණ්‌ඩුකාරවරයා විසින් සපයන ලදී. එම සහල් කපිතාන්වරු අතට පත්වීමෙන් පසු, ඔව්හු සොල්දාදුවන්ට දිනකට ආහාර වේල් 03ක්‌ සැපයූහ. තම කඳවුරට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම, එළදෙනුන්, කිකිළියන්, කුකුළු මස්‌, වෙඬරු සහ කුළුබඩු සපයා ගැනීම සඳහා එක්‌ කපිතාන්වරයෙකුට ගම් දෙක බැගින් පැවරී තිබුණ අතර, සපයා ගන්නා දේ වෙනුවෙන් ඔවුන් ගම්මුන්ට මුදල් ගෙවූහ. කිරිඇල්ල බලකොටුව භාරව සිටි කපිතාන්වරයා වටිනා වෙළෙඳ භාණ්‌ඩ අතපත ගෑ බැවින් ඔහු ධනවතෙකු වූ අතර, ඔහු වටා ඉතාමත් ශක්‌තිමත් සේනාවක්‌ නිරන්තරයෙන්ම රැඳී සිටිය හ. මොහුගේ නිවසේ රන් ආලේපිත ඇඳන් කිහිපයක්‌ ද ඉතාමත් වටිනා දැවයෙන් නිර්මාණය කළ ගෘහ භාණ්‌ඩ රාශියක්‌ විය. ඒ අතර කැටයම් කරන ලද මේස, පුටු මෙන්ම විහාරස්‌ථානවලින් පැහැරගත් නොයෙකුත් විසිතුරු භාණ්‌ඩ රාශියක්‌ ද විය. ලන්දේසීන් කොළඹට පැමිණීම නිසා, කිරිඇල්ල බලකොටුවේ කපිතාන්වරයාට අගනගරයේ බලකොටුව ආරක්‍ෂා කිරීමට යාමට සිදු විය. මොහු කොළඹට යැමට පෙර, තමා සතුව තිබූ වටිනා භාණ්‌ඩ රාශියක්‌ බලකොටුවට පහළින් ගලා බසින කළුගඟේ ඉතා ගැඹුරු වක්‌කලමකට විසිකර දැමුවේ ය. මෙම වළේ ගැඹුර කෙතෙක්‌දැයි කියතොත්, දිග නූල් පන්දු 03 ක්‌ එකට ගැට ගසා දැමුවත් එහි ගැඹුරාන්තයට යාමට දිග මඳි ය. දියට විසි කළ වටිනා දෑ අතර, කාලතුවක්‌කුවක්‌ සහ -පූනෑවක්‌ ද විය. පූනෑව යනු නාග හිස්‌ දොළසකින් අලංකාර කරන ලද භාජනය කි. ගඟේ ජලය බැස ගිය එක්‌ අවස්‌ථාවක, ගඟ පත්ලේ තිබී පෘතුගීසීන්ගේ පිත්තල කාලතුවක්‌කුවක්‌ හමුවූයෙන්, මෙම කතාවේ සත්‍යතාවයක්‌ ඇති බව පිළිගත හැකි ය. මේ වටිනා භාණ්‌ඩ යළි කිසි කලෙක හමු නොවනු ඇත. සමහර සඳ ඇති රාත්‍රියට නාගයන් දොළොස්‌ දෙනෙකුගේ හිස්‌ දිය මතුපිටට පෙනෙන බවත්, එමෙන්ම කලකට උඩ දී මියගිය පරංගි සෙබළුන්ගේ අවතාර රාත්‍රී කාලයේ දී මෙම වක්‌කලමේ දියබුං ගසමින් සෙල්ලම් කරන අයුරු ද දැක ගන්නට ඇති ගම්වාසීන් පවසන බව, රිබෙයිරෝ උපුටා දක්‌වන බැසට්‌ සඳහන් කරයි. කිරිඇල්ල බලකොටුවේ අණදෙන නිලධාරියාට කුළුබඩු ද්‍රව්‍යවලට අමතරව තවත් වටිනා කියන වෙළෙඳ ද්‍රව්‍ය එක්‌රැස්‌ කිරීමට හැකි විය. හකුරු, පැණි, මැණික්‌, ඇත් දළ මෙන්ම අලි ඇතුන් ද ඒ අතර විය. මේ නිසා මෙහි සිටි කපිතාන්වරයා පොහොසතකු ද විය.

 

පෙළපතක ආරම්භය : මේ දෙවැනි රාජසිංහ රජ දවස යි. රාජ නියෝගයන් සහ ගිවිසුම්වල සඳහන් කොන්දේසි උල්ලංඝනය කරමින් පෘතුගීසීන් රට තුළ කටයුතු කළේ අත්තනෝමතිකව ය. මොවුන්ගේ ක්‍රියා කලාපයන් නිසා රජතුමා ඔවුන්ට විරුද්ධව යුද වැදුණු අතර, මේ සඳහා එතුමන්ට සහයෝගය ලබාදුන්නේ, මේ වන විට ලක්‌දිව තුළ යම් තරමක බලයක්‌ ස්‌ථාපිත කර ගෙන සිටි ලන්දේසීන් ය. මේ වන විට කිරිඇල්ල කොටුවේ සිටි පරංගීන් ද කටයුතු කළේ හිතුවක්‌කාරි ලෙස ය. ගම්මුන්ගේ අටු කොටුවල තිබෙන භව භෝග මෙන්ම, ගව පට්‌ටිවල සිටි ගවයන් හොරෙන් මෙන්ම බලහත්කාරයෙන් ගෙන යාම වැනි කරුණු නිසා ඔවුන් ද කිරිඇල්ලෙන් නෙරපා දැමීමට රජතුමා කටයුතු කළේය. රජතුමා මේ කටයුත්ත භාර දුන්නේ, එතුමන්ගේ විශ්වාසවන්තයෙකු මෙන්ම අංගම් පොර සටන් වලදී ද දක්‍ෂතා දැක්‌ වූ, සියනෑ කෝරළේ, දොම්පේ ග්‍රාමවාසි, යුද මුලාදෑනියෙකු වූ සමරි නම් අයෙකුට සහ ඔහුගේ පුත්‍රයෙකුට ය. මොවුන් දෙදෙනා මෙයට පෙර, උඩරට රාජ්‍යයට පක්‌ෂව, පරංගීන්ට විරුද්ධව කළ සටන්වල දී හටන් බිමේ දක්‍ෂතා දැක්‌ වූ පිය පුතු දෙදෙනෙකි. යුද සේනාංකයක්‌ සංවිධානය කරගත් ඔවුන් කිරිඇල්ලට පැමිණ පරංගීන් සමඟ යුද වැදී ඔවුන් පරාජයට පත්කර කොටුවේ බලය සියතට ගත්තේ ය. මෙම ජයග්‍රහණයෙන් සතුටට පත් රජතුමා, සමරි ට සහ ඔහුගේ පුත්‍රයාට කිරිඇල්ල ප්‍රදේශයෙන් නින්දගමක්‌ ලබා දි, ඔවුන් දෙදෙනාට ජයසුන්දර මුදියන්සේ නම් පෙළපත් නාමය ලබාදුන් බව, එම පෙළපතේ වර්තමානිකයකු වන, සමරිගේ වත්තේ පදිංචි, ඡේ. එම්.ආරියවංශ බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය. බණ්‌ඩාර මහතාට අනුව, ඔවුන් ප්‍රසිද්ධ වූයේ, කිරිඇල්ලේ ජයසුන්දර මුදියන්සේ නමින් ය. මේ පිය පුතුන් දෙදෙනා, කිරිඇල්ලේ වලව්වක්‌ ඉදිකර ගත් අතර, එම වලව්ව කිරිඇල්ලේ ජයසුන්දර වලව්ව නම් විය. එය ඉදිකළේ -සමරිගේ වත්ත ඉඩමේ ය. එම භූමිය අද ද හඳුන්වන්නේ, -සමරිගේ වත්ත නමින් ය. (හඳුනා ගැනීමේ පහසුව තකා මේ පිය පුතු දෙදෙනා, ජයසුන්දර මුදියන්සේ I, සහ ජයසුන්දර මුදියන්සේ සස වශයෙන් හඳුන්වමු.) ජයසුන්දර මුදියන්සේ (II) විවාහ වූයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් ය. ඔහු විවාහ වී පෘතුගීසි බලකොටුව පිහිටි ඉඩමේ නව නිවාසයක්‌ ඉදිකර ගෙන එහි පදිංචි වූ අතර, එම නිවස -මාහේන වලව්ව නම් වූ අතර, එම ඉඩම අද ද හඳුන්වන්නේ, මාහේන නමින් ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස හෙවත් ක්‍රි:ව:1761 දී, ලන්දේසීන්ට විරුද්ධව කටුවන-මාතර සටනට කළේ, සබරගමුවේ සිංහල යුධ නායකයන් 13 න් දෙනෙකු පෙරමුණ ගැනීමෙනි. පෙරමුණ ගත් නායකයන් 13 නාගෙන් එක්‌ නායකයෙකු වූයේ, -කිරිඇල්ලේ ජයසුන්දර මුදලි ය. මොහු පෙර සඳහන් කළ ජයසුන්දර මුදියන්සේ සස ගේ පුත්‍රයෙකු හෝ මුනුබුරෙකු යයි විශ්වාස කරති. කිරිඇල්ලේ ජයසුන්දර පෙළපතින් බෙදීගිය අතු ඉති බොහෝමයකි. පෘතුගීසීන් ගෙන් පසු ලන්දෙAසීන් ද මෙහි කලක්‌ සිටි බව ජනප්‍රවාදවල සඳහන් වේ.

ඇල්ලගාව දුවහේන කොටුව :පරංගීන් කළු ගඟ දිගේ ඔරු පාරු මඟින් රට මැදට එද්දී, ඇල්ලගාව ප්‍රදේශයේ දී කුඩා දූපතක්‌ සහ ගං ඉවුර විශාල පුස්‌වැලකින් අවහිර වී තිබුණේ ය. ගමනාගමනයට බාධාවක්‌ වූ මේ පුස්‌වැල ඔවුන් විසින් කපා දැමූ නිසා, මෙතෙක්‌ ගං ඉවුර හා බැඳී තිබුණ දූපත වෙන් විය. එමෙන්ම එතෙක්‌ ගඟ ඉහළ රැඳී තිබූ ජලය බැස ගියෙන් ගඟේ ජල මට්‌ටම ද පහළ බැස්‌සේ ය. පරංගීන් විසින් ප්‍රදේශයෙන් එකතුකර ගන්නා පැණි සහ හකුරු, කූඹීන් ඇතුළු කෘමි සතූන් ගෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා ගඟ මැද වූ ඉහත සඳහන් දූපතේ, -හකුරු අටුවක්‌ තනා එහි තැන්පත් කර තැබූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම ස්‌ථානය අද දූවහේන නමින් හඳුන්වයි. එමෙන්ම ගංවතුර ගලා ගඟ දෙගොඩතලා ගිය දිනෙක, ඉහත අටුවේ තිබූ හකුරු පැණි සියල්ලම දිය වී ගඟ පහළට ගලා ගොස්‌ ඇත. පැණි ගලා ගිය ස්‌ථානය -පැණිගල ඇල්ල නමින් අද ද හැඳින් වේ. රත්නපුර-පානදුර මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ හෙවත්, ඇල්ලගාව දේවාලය ප්‍රදේශයේ මෙම ස්‌ථානය පිහිටා ඇත. මෙම කොටුවේ සිටි සොල්දාදුවන්ගේ අපද්‍රව්‍ය ගෙන ගොස්‌ දමා ඇත්තේ, තරමක්‌ නුදුරින් පිහිටි කුඹුරු යායකට ය. එම කුඹුරු යාය අද ද හඳුන්වන්නේ, -ගූ කුඹුර නමින් ය. පුරාවිද්‍යා වටිනාකමකින් යුතු මෙම කිරිඇල්ල බලකොටු ස්‌මාරකය ආරක්‍ෂා කර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ වගකීමකි.

රත්නපුරේ එච්. එම්. ජයන්ත විඡේරත්න
විශ්‍රාමික පුරාවිද්‍යා නිළධාරි

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ රත්නපුර දිස්‌ත්‍රික්‌ කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකාරිනී දයා අබේගිරි, එම අරමුදලේ පුරාවිද්‍යා නිලධාරීන් වන සුමේධ, ඉන්දික මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විෙ-බණ්‌ඩාර, කිරිඇල්ලේ රංජිත් උඩුමුල්ල, මානිපුර, ෙ-. එම්.ආරියවංශ බණ්‌ඩාර යන මහත්ම මහත්මීන්ට අපගේ ස්‌තුතිය හිමි වේ.

  • වෙඩි ​බෙහෙත් ගබඩා, ගල් අඟුරු ගබඩා මතු කරගනියි   

ගාල්ල කොටුවේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් කරන ලද ඉදිකිරීම් පිළිබඳවත් ඔවුන් ඒවා භාවිත කළ ආකාරය පිළිබඳවත් නිශ්චිත අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ නිවැරැදි අර්ථකථනයක් දීමත් අරමුණු කරගනිමින් මේ දිනවල ගාල්ලේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6,400ක සහන ණයක් යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙම සංරක්ෂණ කටයුතු සිදුකරන අතර එයට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද දායකත්වයෙන් පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණ කටයුතු ද සිදුවෙයි. 

සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතා කටයුතු කරන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (කැණීම්) සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතාය. ඒ මහතාගේ මෙහෙයවීමෙන් සංරක්ෂණ ව්‍යාපෘතිය අතරතුර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු රැසක් සිදුවෙමින් පවතී. 

සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන් ගාලු‍ කොටුවේ ඇති භූගත කුටි සියල්ල සංරක්ෂණය කෙරෙන අතර ආරුක්කු සහිත ව්‍යුහයන් ද සංරක්ෂණය කිරීම සිදුකරයි. මේ කටයුතු අතරතුර පස් ඉවත් කිරීම් හා නැවත පිරවීම් සිදුවන බැවින් ඒ සියලු‍ ස්ථානයන් හි පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ද සිදුවෙයි. 

ආචාර්ය නිලාන් කුරේ සහ ආචාර්ය නිමල් පෙරේරා මහත්වරු පවසන්නේ මෙමගින් මෙතෙක් කිසිදා අනාවරණය නොවූ ඉතිහාසයක් ගාලු‍ කොටුවෙන් මතුවෙමින් තිබෙන බවයි. 

ආචාර්ය නිලාන් කුරේ මහතා සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙසේ කීවේය. 

“කොටු පවුර බැලූ බැල්මට ශක්තිමත්ව පෙනුණත් මෙය ස්ථාන රැසකින් කැඩී ගොස් තිබෙනවා. ඒ වගේම ඉරිතැළීම් තිබෙනවා. ඉංග්‍රීසි ජාතිකයන් විසින් කොටුව මැදින් ඇතුළුවීමට සෑදූ නව උමං මාර්ගය ඇතුළු ආරුක්කු කොටස් විශාල ප්‍රමාණයකින් ඇතුළට වැසි ජලය කාන්දු වෙනවා. ඒ ඉදිකිරීම් දැන් දුර්වල තත්ත්වයක තිබෙන්නේ. අපේ ව්‍යාපෘතියෙන් මේ සියල්ල සංරක්ෂණය කරනවා. මෙය සිදුකරන්නේ ආරුක්කුවලට ඉහළින් ඇති පස් තට්ටුව ඉවත් කරලා අලු‍තෙන් බදාම යෙදීමෙන්. කොටුව ඉදිකරන කාලයේ කොන්ක්‍රීට් තිබුණේ නැහැ. ඔවුන් ඒ කාලේ හැටියට ඉතා ශක්තිමත් බදාමයක් යොදාගෙන තිබෙනවා. අපි සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන්නෙත් එවැනි බදාමයක්. දැනටමත් ඒ විදියට ආරුක්කු හයක් සංරක්ෂණය කළා. ඉදිරියේ දී ප්‍රධාන දොරටුවේ ආරුක්කුවත් සංරක්ෂණය කිරීමට කටයුතු කරනවා.”‍ 

ගාල්ල කොටුවේ තැන තැන පිහිටි ආරුක්කු නිර්මාණ සහිත කුඩා කුටි සෙබළුන් රඳවා සිටි මුර කුටි ලෙසත් වෙඩි බෙහෙත් රැස්කළ ගබඩා ලෙසත් භාවිත කර ඇත. මෙතෙක් සිර මැදිරි යැයි සිතා සිටි ස්ථාන පවා වෙඩි බෙහෙත් ගබඩාවක් බව මේ වනවිට තහවුරු වී ඇතැයි ආචාර්ය කුරේ මහතා පවසයි. 

“ගාල්ලේ මුලින්ම යුරෝපීය ක්‍රමයේ බළකොටුවක් ඉදිකළේ පෘතුගීසි ජාතිකයන් විසින්. ඔවුන්ගේ ප්‍රධාන ‍බලකොටුව වරායට පසෙකින් ඉදිකළා. අදටත් එය කළු කොටුව නමින් දක්නට ලැබෙනවා. ඊට අමතරව ඔවුන් වත්මන් කොටුවේ ඉදිරිපස මුර අට්ටාල තුනක් ඉදිකර තිබූ බව මූලාශ්‍රවල සඳහන් වනවා. පෘතුගීසීන් සෑදූ කොටසේ සහ ලන්දේසි ජාතිකයන් සෑදූ කොටු පවුරේ මේ අධිරාජ්‍ය දෙකේම යුද කටයුතු සඳහා නිර්මාණය කළ දේ පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ අතර ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඔවුන්ගේ පාලන කාලයේ දී කරපු වෙනස්කම් ද පැහැදිලිව දැකිය හැකියි. යුද ‍බළකොටුවක් ලෙස හඳුනාගෙන තිබෙන මේ කොටුවේ ඇති ගෘහ නිර්මාණය ඉදිකිරීම් තාක්ෂණය හා ඒවා භාවිත කර ඇති ආකාරය ගැන අනාවරණය වන තොරතුරු ඉතාමත් රසවත්. ඒ වගේම ලෝකයේ අධිරාජ්‍ය පිහිටවූ ජාතීන් තුනක් මෙය භාවිත කළ ආකාරයත් ඔවුන්ගේ තාක්ෂණයත් එකිනෙකට වෙනස්. ඒ නිසා මේ සංරක්ෂණ ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස අපි මේවා පිළිබඳ නව අර්ථකථනයක් කොටුව නැරැඹීමට එන අයට ලබාදෙන්න කටයුතු කරනවා.”‍ යැයි ද ආචාර්ය කුරේ මහතා කීවේය. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙස සිට බැලූ විට කොටු පවුර දිස්වෙන්නේ දැවැන්ත තනි කළු ගල් බැම්මක් ලෙසිනි. කොටුව මතට නැගී බැලූ විට එය එක් එක් උස මට්ටම්වලින් සෑදූ අතිදැවැන්ත නිර්මාණයකි. නමුත් පෙනෙන්නට ඇත්තේ පිටත බැම්මත් ඇතුළතින් ඇති බැම්මත් පමණි. 

කොටු බැම්මේ කැණීම් සිදුකිරීමේ දී මේ බැම්ම තනි බැම්මක් නොවන බවත් එය පිටතින්, මැදින් හා ඇතුළතින් සුවිසල් ගල් තාප්ප තුනක් බැඳ මැද කොටසට පස් පුරවා හොඳින් තලා සැකැසූ අතිශය ශක්තිමත් ව්‍යුහයක් බව අනාවරණය කරගත හැකි වූයේ යැයි ද ආචාර්ය නිමල් පෙරේරා මහතා කීවේය. 

“ගාල්ල කොටුව ඉදිකරන්න ඉස්සෙල්ලා මේ ප්‍රදේශය වගුරු සහිත තැන තැන කුඩා කඳු ගැට හා ගල් පර්වත තිබූ ප්‍රදේශයක් බව පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන්ගේ සිතියම්වලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් මේ බැම්ම ගල්වලින් ඉදිකරලා මැදට පස් පුරවද්දී ගෙනැවිත් දමා තිබෙන්නේ පැරැණි ජනාවාසයක පස්. ඒ බව මේ පස්වලින් හමුවන අවශේෂවලින් පැහැදිලි ‍වෙනවා. මිනිසුන් විසින් භාවිත කළ විවිධ දේ මේ පස් අතර තිබෙනවා. එහි තිබෙන්නේ පැරැණි මිනිසුන්ගේ දහඩිය කඳුළු.”‍ 

“ගාල්ල කොටුව ඉදිකරන්න ඉස්සෙල්ලා මේ ප්‍රදේශය වගුරු සහිත තැන තැන කුඩා කඳු ගැට හා ගල් පර්වත තිබූ ප්‍රදේශයක් බව පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන්ගේ සිතියම්වලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් මේ බැම්ම ගල්වලින් ඉදිකරලා මැදට පස් පුරවද්දී ගෙනැවිත් දමා තිබෙන්නේ පැරැණි ජනාවාසයක පස්. ඒ බව මේ පස්වලින් හමුවන අවශේෂවලින් පැහැදිලි ‍වෙනවා. මිනිසුන් විසින් භාවිත කළ විවිධ දේ මේ පස් අතර තිබෙනවා. එහි තිබෙන්නේ පැරැණි මිනිසුන්ගේ දහඩිය කඳුළු.”‍

ගාල්ල කොටුවේ ඉදිරිපස පැරැණි වරාය දෙසට ඇති කොටස හඳුන්වන්නේ හිරු අට්ටාලය නමිනි. පෘතුගීසීන් විසින් මේ ස්ථානයේ මුර අට්ටාලයක් ඉදිකර තිබූ බවත් ලන්දේසීන් පැමිණ එතැනින් කොටු පවුර බිඳ ඇතුළු වූ බවත් එම අට්ටාලය මත බිහිසුණු සටනකින් පසු පෘතුගීසීන් පරාජය පිළිගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ ඒ බව මෙවර සිදුකළ කැණීම්වලින් තහවුරු වූ බවයි. 

“මෙතැන පෘතුගීසීන් විසින් කළ ඉදිකිරීම්වල කොටස් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ ගොඩනැගිලි කොටස් කැඩී ගිය ආකාරය පරීක්ෂා කළාම පෙනෙනවා පිටතින් එල්ල වූ කාලතුවක්කු ප්‍රහාර වැනි පහරදීමකින් විනාශ වී ඇති බව. ඒවා පසුව ලන්දේසීන් විසින් ප්‍රතිසංස්කරණය කළ බවත් අපිට නිරීක්ෂණය කරන්න හැකි වුණා. අපි හිරු අට්ටාලයේ සිට සඳු අට්ටාලය දක්වා තැන් තැන්වල කරන ලද කැණීම්වලින් පෘතුගීසි යුගයේ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් සොයාගත හැකි වුණා. ඔවුන්ගේ යුද උපක්‍රමත් ලන්දේසි යුද උපක්‍රමත් එකිනෙකට වෙනස් වෙනවා.”‍ 

හිරු අට්ටාලය අසල ඇති ලන්දේසීන් විසින් 1697 වර්ෂයේ දී ඉදිකරන ලද උමං මාර්ග‍යක ද ඔවුන් විසින් කැණීම් සිදුකර තිබේ. ගාලු‍ කොටුවේ උමං මාර්ග සැකැසීමේ දී එම උමග කොටස් දෙකකින් හෝ තුනකින් සෑදීමේ තාක්ෂණයක් භාවිත කර ඇත. එමෙන්ම උමඟ තුළට ඉහළ සිට වාතාශ්‍රය ලැබෙන ආකාරයෙන් සැකැසූ වා කවුළු පවා අනාවරණය කරගැනීමට පුරාවිද්‍යාඥයන් සමත්ව ඇත. පසු කාලීනව වසා දමා තිබූ මෙවැනි වා කවුළු කොටුවේ සෑම භූගත ඉදිකිරීමකටම වාතය සැපැයීම සඳහා සාදා තිබූ බව මේ වනවිට සොයාගෙන ඇත. ඒ බොහොමයක් පසු කාලීනව වසා දමා තිබිණි. 

හමු වූ මැටි බඳුන් දුම් පයිප්ප ඇතුළු අවශේෂ 

කැණීම් කිරීමේ දී අදින් සියවස් ගණනාවකට පෙර භාවිතයට ගත් වීදුරු බෝතල්වල කොටස් කිහිපයක් ද චීන පිඟන් කොටස් සහ මැටි භාජන කොටස් රැසක් ද හමුවී තිබේ. මේ අතර සුවිශේෂී සොයා ගැනීමක් වන්නේ බ්‍රිතාන්‍ය ලාංජනය සහිතව චීනයේ නිෂ්පාදනය කළ බවට ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පිඟානක කොටසක් හමුව තිබීමයි. 

යුද සෙබළුන් විසින් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි මුදු කිහිපයක් ද හමුවී ඇති අතර ඒවා බොහොමයක් මුහුදු බෙල්ලන්ගේ කවච කපා ඔපමට්ටම් කර සාදා ගනු ලැබූ ඒවාය. ඊට අමතරව කොටුවේ කැණීම් සිදුකර ඇති ස්ථාන රැසකින් සත්ත්ව අවශේෂ ද හමුවී තිබේ. මේ සත්ත්ව අවශේෂ අතර අතීතයේ මෙරට වාසය කළ බවට සැලකෙන කුරු ගවයාගේ අස්ථි කොටස් රාශියක් හමුවී ඇති අතර ඌරන්ගේ සහ හරකුන්ගේ කොටස් ද හමුවී තිබේ. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ මේ අස්ථි කොටස් කොටුවේ සේවය කළ හමුදා සෙබළුන් විසින් ආහාර ගැනීමෙන් පසු ඉවත දැමූ කොටස් බවයි. මේවා අධ්‍යයනය කිරීමෙන් යුරොපීය ජාතීන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළකරයි. 

ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකළ මුල්ම නිර්මාණය වූ කළු කොටුව නමින් අද හැඳින්වෙන ස්ථානයට ඒ නම ලැබී ඇත්තේ එහි ආයුධ නිෂ්පාදනය කළ කම්මල් පිහිටා තිබීමෙන් පිටවූ දුම නිසා යැයි මතයක් පවතී. එදා කම්මල් තිබූ ස්ථානයේ පසු කාලීනව ලන්දේසීන් විසින් ගොඩනැගිල්ලක් ඉදිකළ බවත් ඒ ගොඩනැගිල්ල ඉංග්‍රීසීන් 1840 සිට සිර කුටි ලෙස භාවිත කළ බවටත් ලේඛනවල සඳහන්ව තිබිණි. මේ ගොඩනැගිල්ල අදට ද දක්නට ඇති අතර විශාල ආලින්දයකින් ද යුතු ගොඩනැගිල්ලේ එක් කොටසක් කැඩී ගොස් තිබුණ ද වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබේ. පසුගිය සතියේ ගොඩනැගිල්ලේ එක් සිරමැදිරියක බිම ඇති ගල් ආස්තරණයක් ඉවත් කිරීමේ දී එතැන කළු පැහැති පස් මතුව තිබිණි. 

ඒ පිළිබඳ සොයා බැලූ ආචාර්ය නිලාන් කුරේ මහතා එතැන ගල් අඟු‍රු ඇති බව දැන කැණීමක් කරන ලෙස ආචාර්ය නිමල් පෙරේරා මහතාට දැනුම් දුන්නේය. ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇතුළු පුරාවිද්‍යාඥයන් කණ්ඩායම එහි කැණීම් සිදුකිරීමේ දී එතැන ගල් අඟරු සහිත වළක් මතු කරගැනීමට හැකියාව ලැබිණි. ‍කවාකාර වළක් වූ එය ඇතැම්විට කම්හලක උදුනක් ලෙස භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය. ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ ‍පැරැණි ලේඛනවල සඳහන් පරිදි මේ හමුවී ඇත්තේ පෘතුගීසි ආයුධ නිෂ්පාදනාගාරයක් විය හැකි බවයි. එය ඇතැම්විට ආයුධ නිෂ්පාදනය සඳහා ලන්දේසීන් විසින් ද භාවිත කරන්නට ඇත. දැනට ඇති ගොඩනැගිල්ල නම් ලන්දේසි නිර්මාණයකි. 

පෘතුගීසි කළු කොටුවේ තිබූ භූගත කුටි රැසක් මේ වනවිට සංරක්ෂණය කර අවසන් කරමින් පවතී. එම උමං තුළ ද පිටතට නිරාවරණය වූ වා කවුළු හා උමග සෑදීමේ දී කොටස් දෙකකට එකිනෙක යාබදව සිටින ආකාරයට සාදා තිබෙන අයුරු පැහැදිලිව දක්නට ලැබෙයි. 

ආචාර්ය නිමල් පෙරේරා මහතා ගාල්ල කොටුවේ කැණීම්වලින් ලැබී ඇති දේ පිළිබඳ මෙසේ ද කීවේය. 
“ගාලු‍ කොටුව යුරෝපීය ජාතීන්ගේ යුද බලය, ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ කියාපාන ස්ථානයක්. මෙහි කරන ගවේෂණවලින් මෙතෙක් අනාවරණය වී නොතිබූ අපූරු දේ සොයාගත හැකි වෙනවා. අපිට දැනට ලැබී ඇති වළං කටු කැබැලි, පිඟන් කොටස්, යුරෝපීය ජාතිකයන් භාවිත කළ විවිධ කාලවලට අයත් දුම් පයිප්ප කොටස්, සත්ත්ව අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණවලට යොමු කිරීමෙන් ඉතා වටිනා තොරතුරු සොයාගත හැකිවේවි. ඒ වගේම කළු කොටුවේ ගල් අඟු‍රු වළේ තිබිලා පිලිස්සුණු දැව කොටස් සොයාගන්න හැකි වුණා. ඒවා කාබන් කාලනිර්ණයෙන් කවර කාලයක දී භාවිත කරන්නට ඇත්ද කියා ස්ථිරවම සොයගන්න හැකියාව ලැබෙනවා.”‍ 

ආචාර්ය නිලාන් කුරේ මහතා කියා සිටියේ මෙරට මුල්ම ප්‍රදීපාගාරය ඉදිකර තිබූ ‍ෆ්ලෑග් රොක් අට්ටාලයේ ප්‍රදීපාගාරය ඉදිකිරීමට පෙර සවිකර තිබූ කොඩි කණුවේ පාදම ද සොයාගත් බවයි. ඊට පසෙකින් තවත් කොඩි කණුවක පාදමක් ද හමුවී ඇත. එය ඇතැම්විට පෘතුගීසීන් විසින් භාවිත කළ කොඩි කණුවක් විය හැකි බව ද ඔවුන්ගේ අදහසයි. එමෙන්ම කොටුවේ පස් යට තිබී කුඩා කාලතුවක්කුවක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේ දී එහි අැතුළත හිරිගල් සහ මුහුදු බෙල්ලන්ගේ කොටස් හමුවී තිබේ. ආචාර්ය කුරේ මහතා පවසන්නේ එය මුහුදේ ගිලී ගිය නැවක තිබී ගොඩට ගෙන තිබූ කාලතුවක්කුවක් විය යුතු බවයි. 

ගාල්ල කොටුවට පැමිණෙන සංචාරකයන් බොහෝ විට කොටුවේ ඇති කෞතුකාගාර ඇතුළු ගොඩනැගිලි කිහිපයක් නරඹා සංචාරක සේවා සපයන ස්ථානවලින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගෙන නික්ම යති. නමුත් ඔවුන්ට මෙහි ඇති ඉතිහාසය යුදමය නිර්මාණ පිළිබඳ නිසි අවබෝධයක් ලැබෙන්නේ නැත. එමනේම පැරැණි පෘතුගීසි බළකොටුව ආදි ස්ථාන කිහිපයක් තවමත් නිසි පරිදි විවෘත කර නැත. මේ ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් වන්නේ සංචාරකයන්ට ගාලු‍ කොටුවේ ඇති වැදගත්කම පෙන්වන විස්තර සහිත පුවරු සකසා ප්‍රදර්ශනය කිරීමයි. එවැනි පුවරු සෑම මුර අට්ටාලකම ප්‍රදර්ශනය කිරීමට ද සැලැසුම් කර ඇත. 

එමෙන්ම කොටුව පුරා පහසුවෙන් ඇවිද යා හැකි පරිදි ඇවිදීමේ මංතීරු ද මේ වනවිට සකස් කරමින් පවතී. කොටුව නරඹන සංචාරකයන්ගෙන් මුදල් අයකිරීමක් මෙතෙක් සිදුවන්නේ නැත. එසේ වුව ද ඉදිරියේ දී සංචාරකයන්ට කොටුවේ යුදමය හා ගෘහ නිර්මාණ ශීල්පීය ලක්ෂණ පිළිබඳ වඩාත් අර්ථාන්විත ලෙස පෙන්වීමට කටයුතු කර එවැනි ස්ථානවලින් මුදල් අයකිරීමට ද අපේක්ෂිතය. 

ආචාර්ය කුරේ මහතා පවසන්නේ යුරෝපීය ජාතීන් තුන භාවිත කළ යුද තාක්ෂණය එකිනෙකට වෙනස් බවයි. ඔවුන්ගේ කාලතුවක්කු ආකෘති සාදා ඒවා භාවිත කළ ආකාරයත්, ඒ ඒ ජාතීන් විසින් භාවිත කළ ආයුධ හා නිල ඇඳුම් පවා ප්‍රදර්ශනය කිරීමට පවා සැලැසුම් කර ඇති බවයි. එමගින් ‍ගාලු‍ කොටුවේ ඓතිහාසික වැදගත්කම වඩාත් ඉස්මතු කර පෙන්වීමට අපේක්ෂිතය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. 

දැවැන්ත කොටු පවුර තවමත් නිශ්චලය. යුද ගැටුම් හා ලේ වැගිරීම් මධ්‍යයේ වසර 500කට වැඩි කාලයක් ගාලු‍ සමුදුර ආසන්නයේ තිබූ මෙම බළකොටුවේ ඉතිහාසය ගවේෂණය කොතරම් කුතුහලය දනවන සුන්දර කතාන්තරවලින් ගහන වුවත් එහි සැඟවී ඇත්තේ මිනිසුන්ගේ ලේ කඳුළුය. 

ශ්‍රී ලංකාවේ විදෙස් අභ්‍යාසය ලත් ආරක්ෂක බළකොටු ගොඩනැන්වීම සියවස් පහක් පමණ අතීතයට දිව යන්නකි. ඒ පෘතුගීසි හා ලන්දේසි යුගවලය. ඔවුන් එම යුගයන්හි මුහුදුබඩ පළාත්වල ආධිපත්‍යය පතුරුවා ගොඩනැගූ ආරක්ෂක බළකොටු අද එම යුග සිහිපත් කරවන ස්මාරකයන් බඳුය. 

මෙම බළකොටුවල මුල් නිර්මාණ ශිල්පීන් වන්නේ පෘතුගීසින්ය. ඔවුන්ගේ ප්‍රථම නාවික පිරිස ක්‍රි.ව. 1505 නොවැම්බර් මස 15 වන දින අහම්බෙන් මෙරටට ගොඩ බැස ඇති අතර ඔවුන් බටහිර හා නැගෙනහිර වෙරළබඩ පෙදෙස්හි බලය පතුරුවා ඔවුන්ගේ ආරක්ෂාව හා පාලන කටයුතු සඳහා බළකොටු ඉදිකළහ. එයින් කොළඹ, කළුතර, මීගමුව, ගාල්ල, මාතර, මන්නාරම, යාපනය යන බළකොටු ඉන් සමහරක් වේ.   

පෘතිගීසින් හා ලන්දේසින් විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන අරමුණ වූයේ පෙරදිගින් කුළුබඩු ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය ලබාගැනීම හා රෝමානු කතෝලික ආගම ප්‍රචලිත කිරීමයි. ඒ අවධියේ I වන රාජසිංහ රජුගේ අභාවය සිදුවිය. ඒ සිදුවීමත් සමග ‘ගස්පර් පිගේරා’ යටතේ ආ පෘතුගීසි හමුදා අරන්දරින් හතර කෝරළයමත් රුවන්වැල්ල, සීතාවක හරහා දෙල්ගමුව දක්වා විත් සබරගමුව අල්ලා ගත්හ.   

රත්නපුර පෘතුගීසි බළකොටුව (සපරපුර)   

සබරගමුව ජයගත් පෘතුගීසිහු දෙල්ගමුව, පොත්ගුල්, සමන් යන විහාරස්ථාන හා සමන් දෙවොල විනාශ කළහ. එයින් පසු සමන් දේවාල භූමියේ (සපරපුර) පෘතුගීසි බළකොටුව හා පල්ලිය ඉදිකර එහි පාලන මධ්‍යස්ථානය පිහිටුවා ගත්හ. ඒ සඳහා පෘතුගීසි නායකත්වය ගෙන කටයුතු කළේ ‘ලුයින් කබ්රාල් පරී’ ය. මෙම බළකොටුව ගොඩනංවනු ලැබුයේ ක්‍රි.ව. 1618-1620 අතර කාලයේ විය හැක.   

එම පෘතුගීසි බළකොටුව පිළිබඳ German’s in Dutch Ceylon පොතේ 108 පිටුවේ මෙසේ සඳහන්ව ඇත.   

SAFFRAGAM- RATNAPURA (The Province Sabaragamuwa) THE P. Church (and Fort) and the D Fort Were at The Present Maha Saman Dewale, Probably Built by the P On The Site of an Older Dewale of The Church and Fort Still Survice

එහි සිංහල අනුවාදය  

සපරගම් – රත්නපුර සබරගමු පළාත (බළකොටුව ද සහිත) පෘතුගීසි පල්ලියක් එදා තිබුණේ මහා සමන් දේවාලයේ ය. මෙය මීට පෙර සමන් දෙවිඳුන්ම ප්‍රධාන ලද්දා වූ දේවාලයක් පිහිටා තිබුණ ස්ථානයේ පෘතුගීසින් විසින් ඉදිකරන ලද්දකි. පල්ලියේ හා බළකොටුවේ නටබුන් තාමත් නොනැසී පවතී.   

එමෙන්ම පෘතුගීසි බලකොටුවේ සැලැස්ම Portuguese map and plain of Ceylon පොතේ සඳහන්ව ඇත.   

ඒ වනවිට සපරගමුව Safragan and Nawadum Saffaragan යනුවෙන්ම ඇත. ඒ බව ‘PHILLIPUS BALOAUS IN SULA CEYLON OLD IN LANKAN’. පෙතෙහි සිතියමක සපරගමුව හඳුන්වා ඇත්තේ Safragan Province යනුවෙනි. එහි රත්නපුර යන්න සඳහන් වී නැතත් බටුගෙදර යන්න පැහැදිලිව සඳහන්ව ඇත. එහි බටුගෙදරට මදක් බටහිරින් බළකොටුව වැනි සලකුණක් ඇත. එය පෘතුගීසි බළකොටුව විය හැක.   

දැනට ඇති සමන් දේවාලය ඉදිකර ඇත්තේ II වන රාජසිංහ රජු විසින් පෘතුගීසි බළකොටුව හා දේවස්ථානය කඩා විනාශ කිරීමෙනි. එහි කැඩී බිඳී ගිය සෙල්ලිපි කොටස, ගල්කණු තැන් තැන්වල අදත් විසිර පවතී.   

රත්නපුර ලන්දේසි බළකොටුව.   

ක්‍රි.ව. 1505 දී මෙරටට පැමිණි පෘතුගීසීහු ක්‍රි.ව. 1638 තෙක් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ හා සබරගමුවේ රට මධ්‍යයේ ඇති යම් යම් කොටස් ද පාලනයට නතුකර ගත්හ.   

ඒ වනවිට කන්ද උඩරට රාජ්‍ය පාලකයා වූ II වන රාජසිංහ රජු ලංකාව එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවිය. II වන රාජසිංහයන් විසින් පෘතුගීසින් පරාජය කරනු වස් ක්‍රි.ව. 1636 සැප්තැම්බර් 09 වෙනි දින ලන්දේසින්ගෙන් ආධාර ඉල්ලා අලිකම් ආණ්ඩුකාර කැරල් රිඩිනියර් වෙත ලියැවිල්ලක් භාර දෙනු ලැබීය. ලන්දේසි මේ සංදේශය පිළිගෙන රාජසිංහයන්ට යුද ආධාර දීමට එකඟ වන්නේ පෘතුගීසින් යටතේ පවත්නා කුරුඳු ඉඩම් බලය තමන් වෙත ලබා ගැනීමේ අභිප්‍රායෙනි.   

ඒ අනුව 1638 දී මුල්‍ම මෙහි පැමිණි ලන්දේසි බළ ඇණිය විසින් වහාම ක්‍රියාත්මක වී පෘතුගීසි පාලන ප්‍රදේශ 25ක අණසක පතුරුවා ගන්නා ලදී.   

එහෙත් සිදුවූයේ අනෙකකි. පෘතුගීසින්ගෙන් ලත් ගැහැටට වඩා ගැහැටක් සිංහලයන්ට එල්ල වන්නට විය. පෘතුගීසින් මෙරටට ඇතුළු වූයේ ආක්‍රමණිකයන් ලෙස වුවද ලන්දේසින් මෙහි පැමිණ ඇත්තේ ආරාධනයක ප්‍රතිඵලයක් ලෙසිනි.   

ලන්දේසි ප්‍රධාන බළකොටුව පිහිටියේ කොළඹ කොට්ඨාසය තුළය. එයට අමතරව මීගමුව, කළුතර, අලුත්ගම, මඩකළපුව, ත්‍රිකුණාමලය යාපනය ආදී බළකොටු ස්ථාපිත කර රට අැතුළත හංවැල්ල, රුවන්වැල්ල, සබරගමුව හා බිබිලෙගම බළකොටු ඉදිකළහ. එය විදේශීන් දුටු හෙළදිව ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.   

‘අභ්‍යන්තර බළකොටු සැසඳීමේදී (මලුවාන) මල්වාන කොළඹ සිට පැය 06 ක දුරින්ද හැංග්වේලි (හංවැල්ල) හෙවත් ගොර්වේබල් (ගුරුබෑවිලට) පැය 2 ක දුරින්ද සැපේරියන් රුවන්වැල්ලේ සිට බිබිලේ ගමට පැය 8 ක දුරින් වේ’ යන්නට ලන්දේසි සබරගමුවේ පෘතුගීසි බළකොටුව යටත්කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය එය විය. පෘතුගීසින්ට වඩා ලන්දේසින් ගොඩබිම් ප්‍රවාහනයට වඩා ජල මාර්ග ප්‍රවාහනය කෙරෙහි සැලකිලිමත් වූහ. පෘතුගීසින් මෙන්ම ලන්දේසින් කළු ගඟ ජල මාර්ගය වෙළෙඳ ද්‍රව්‍ය රැස්කර ඒවා කළුතර දක්වා ප්‍රවාහනය සඳහා යොදා ගැනිණ. ඒ කළු ගං නිම්නයේ අඟුරුවාතොට, නම්බපාන, කිරිඇල්ල, රත්නපුර (සපරපුර) බළකොටු හා ප්‍රධාන තොටුපලයන් විය. එහි රත්නපුර තොටුපළ පිහිටියේ වරකාතොට පැරැණි මාර්ගයේ කළු ගං මෝය අසල ය. මෙහි එතෙර වීමට ලී පාලමක් (සුළුප්පුවක්) විය.   

මෙහි සිංහලයන් සහ ලන්දේසින් අතර වරින්වර ගැටුම් ඇතිවීම නිසා ස්ථිර බළකොටුවක් ගොඩනැගීමට සුදුසු බිමක් ලන්දේසීහු සෙවූහ. ඒ වන විට පෘතුගීසින්ට සමන් දෙවොල අසල බළකොටුව ප්‍රමාණවත් නොවූයෙන් රත්නපුර නගර මධ්‍යයේ බළකොටුවක් ඉදිකිරීමට කොන්තන්තීනු ද සා යටතේ සැලසුමක් සකසා තිබුණි. 

 එහෙත් පාලන බලය ලන්දේසින් නතුකර ගත් නිසා එය ඉදිකිරීමට සිදුවූයේ ඔවුන්ටය. ඔවුන් නගර මධ්‍යයේ උස් භූමිය අවට ස්ථිර ආරක්ෂක කලාපයක් ඇතිකර මුල්ම ලන්දේසි බළකොටුව ඉදිකර ඇත. එය ”Constantine De Sa’s Map and Plain” ග්‍රන්ථයේ සැලසුම සඳහන්ව ඇත.   

එහි සිංහල අනුවාදය මෙසේය. 

“සැලැස්මේ පෙන්වා දී ඇති ආකාරයට සපරගමු බළකොටුව ගොඩනගා ඇත්තේ කළුතර ලන්දේසි බළකොටුවට සමානවය. එය පිහිටා අැත්තේ දෙනවක රාජ්‍යය තුළය. මෙම බළකොටුව ආරක්ෂක කවුළු (උකුසුගුල්) 4 ක් හා අඩාන කවුළු දෙකකින් සමන්විත වේ. මෙහි හමුදා අනුකණ්ඩායමකට සිටිය හැකිය. දිස්ත්‍රික්කයේ දිශාවන්ගේ නිවස්න පිහිටියේ මෙම බළකොටුව තුළය”   

මෙම බළකොටුවේ ආරක්ෂක හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන තොටුපළ වූයේ වරකාතොට තොටුපළ විය. එයට අමතරව වේගඟ කළුගඟට සම්බන්ධ වන ස්ථානයේ දෙමුවාවත තොටුපළ වේ. එය රේන්ද තොටුපළ යැයි හඳුන්වා ඇත. බළකොටුවට අවශ්‍ය ආහාර සපයන ප්‍රධාන සැපයුම් කොටුව විය.   

ලන්දේසින්ගෙන් පාලනය නතු කරගත් විගස ඉංග්‍රීසිහු බළකොටුව හා ගොඩනැගිලි නවීකරණය කර ඇත්තේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසිනි. ඒ බව ඉංග්‍රීසි වාර්තාවක මෙසේ සඳහන්ව ඇත. එහි සිංහල අනුවාදය මෙසේය.   
මෙම බළකොටුව නවීකරණයකර ක්‍රි.ව. 1817 මාර්තු 28 වන දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා සිංහල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්විය. ඔවුන්ට දින 2 කට   

පසුව කපුවත්ත හමුවිය. අලුත් යුද මධ්‍යස්ථානය බටුගෙදර සිට සැතපුම් 2ක් දුරට කළුගඟ හොඳින් පෙනෙන උස් බිමක විවෘත කරන ලදී.   

දැනට ඉතිරි වී ඇති ප්‍රධාන දොරටු දෙකෙහි G.R. 1817 යන්න පමණක් සඳහන්ව ඇත.   

මෙම බළකොටුව ක්‍රි.ව. 1831 අගෝස්තු මස 24 වන දින ප්‍රතිසංස්කරණය සඳහා ගිවිසුමක් එච්.ආර්. ස්කොට් මහතාගේ දින පොතෙහි වාර්තාවක මෙසේ සඳහන්ව ඇත.   

රත්නපුර මහ මරක්කලගේ දොන් හේන්ද්‍රික් පෙරේරා කොන්ත්‍රක්කරුය. මොහු විසින් බළකොටුව හා ගොඩනැගිලි අලුත්වැඩියාවට ඇස්තමේන්තු 6ක් වෙනම ඉදිරිපත් කොට ඇත. ඒ මෙසේය.   

 පවුම් සිලිං පැන්ස 

 
1. එහි නිලධාරින්ගේ නිවස්න අලුත් වැඩියාව 13 08 09  ගෘහ භාණ්ඩ සඳහා වියදම   


2. ප්‍රධාන ආඥාපතිගේ නිල නිවස්න 12 07 06   අලුත්වැඩියාව   


3. ආරෝග්‍යශාලාව හා බාහිර කාර්යාල 10 16 06   අලුත්වැඩියාව   


4. සොල්දාදු බැරැක්ක නවීකරණය කිරීම 35 01 09 

5. මුළුතැන්ගෙය අලුත්වැඩියාව හා 16 02 07 අවශ්‍ය භාණ්ඩ සැපයීම

6. ඇතුළත ගේට්ටු දෙකක් හා 09 12 09   ජනෙල් පියන් සැපයීම   

ඉහත සඳහන් කොන්ත්‍රාත්කරු හා සබරගමු ඒජන්තව සිටි රොබට් ස්කොට් මහතා ගිවිසුමට අත්සන් තබා තිබිණ   


බටුගෙදර බළකොටුව   

සිංහල රාජ්‍ය පාලන සමයේ රත්නපුර බටුගෙදර වෙනම ආරක්ෂක කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සිංහල රජවරු උත්සාහ ගෙන ඇත. ඒ පිළිබඳව ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාවේ යෙදී තිබුණ බව විමර්ශනය කිරීමේ දී හෙළිවී ඇත. එහි සිංහල යුද සේනාව පුරුදු පුහුණු කිරීම්, සටනට අවශ්‍ය ආයුධ තැනීම, සංවිධාන කිරීම ආහාර ගබඩා කිරීම් බටගෙදර බළකොටුව ආශ්‍රිතව සිදුකර ඇත.   

මෙම බළකොටුව සිංහල රාජ්‍ය පාලන සමයේ පාලන කේන්ද්‍රස්ථානය විය. එය පිහිටා තිබුණේ අත්ගම්මනට නුදුරු යකිණිගල වත්ත (අන්නාසි ගල්හේන) අසල පිහිටි විශාල ගල් ලෙනක් තුළය. මෙහි ඇතුළත සිංහල සේනාව 400-500 ක් රැඳී සිටීමට එකල ඉඩකඩ තිබී ඇත. එහි තුළ පිරිසිදු ජලය රැඳි පොකුණක් ද විය. එහි තුළට ඇතුළු වීම සඳහා වම් හා දකුණ වශයෙන් පිවිසුම් දොරටු දෙකක් ද එහි තිබී ඇත.   

එකල අංගම්මනට නුදුරු අන්කණුව ඕවිට ස්ථානයේ අංගම් සටන් පුහුණු කිරීම් සිදුකර ඇත. එකල එහි පුහුණුව ලත් අය අතර කුරුවිට රාළ, තැඹිලියන රාළ ප්‍රධාන සටන්කාමීහු වූහ. සමන් දේවාල භූමියේ පෘතුගීසි බළකොටුව හා කටුවන බළකොටුවට සටන්කරුවන් නර්තන විලාසයෙන් සටනට ඇතුළත් වී ඇත්තේ මෙහි පුහුණුව ලත් අය වෙති.   

පෘතුගීසින් හා ලන්දේසින් මෙම බළකොටුව යටතට ගැනීමට පෙරාතුව සිංහල සේනාව හා සටන් වැද කීප වරක් පසු බා ඇත.   

රුවන්වැල්ල (රුවනේල්) බළකොටුව   

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලන අවධියේ රුවන්වැල්ල (රුවනේල්) බළකොටුව පැරැණි කොළඹ නුවර මාර්ගයේ කැළණි ගඟත් ගුරුගොඩ ඔයත් එකට එක්වන ස්ථානයේ පිහිටා ඇත. එමෙන්ම රුවන්වැල්ල උඩරටත් පහත රටත් අතර ප්‍රධාන කඩඉමක් වේ. රුවන්වැල්ල බළකොටුව මුලින්ම සාදන ලද්දේ සිංහලයන් විසිනි. පෘතුගීසි ලන්දේසි පාලන සමයන්හි ඔවුන්ගේ ආරක්ෂක බළකොටුව ලෙස එම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇත.   

ඉංග්‍රීසින් මහනුවර අල්ලා ගැනීමට ගොස් ඇත්තේ ද රුවන්වැල්ල මෙම බළකොටුව හරහාය. ක්‍රි.ව. 1800 මාර්තු 12 වන දින මැක්ඩෝවල් ජනරාල්තුමා හේවායින් 1164 දෙනෙකු සමග ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග ගිවිසුමක් අත්සන් කිරීමට ගිය නමුත් රුවන්වැල්ලේ දී මේ සියලු අයට මහනුවර දෙසට යාමට සිංහල හමුදාව විසින් ඉඩ නොදෙන ලදී.   

එසේ වුවත් ක්‍රි.ව. 1815 දී ඉංග්‍රීසින් විසින් නැවතත් සිංහල රජුට විරුද්ධව යුද්ධයක් ආරම්භ කරන ලදී. මෙවර ඉංග්‍රීසි හමුදාව ගමන්කර ඇත්තේ රුවන්වැල්ල හරහාය. ඒ කාලය වන විට රුවන් වැල්ල බළකොටුව ඉංග්‍රීසින් විසින් යටත් කරගෙන තිබුණි. දැනටත් මේ බළකොටුවේ නෂ්ඨාවශේෂ දක්නට ලැබේ.   

එදා බළකොටුව ගොඩනගන ලද්දේ ආර්.බී. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් බව එහි සටහනකින් ප්‍රකාශ වේ. කොටු දොරකඩ ඇති විශාල සියඹලා ගස ඒ කාලයේ දී තිබෙන්නට ඇත.   

ක්‍රි.ව. 1915 දී මාෂල් ලෝ නීතිය යටතේ ඉංග්‍රීසින් විසින් සිංහලයින් අල්ලා මේ සියඹලා ගසේ බැඳ වෙඩි තබා මරා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.   

රුවන්වැල්ලේ බළකොටුවට ඇතුළුවන ස්ථානයේ ඉංග්‍රීසි නෝනා කෙනෙකු සිහිවීම සඳහා මහනුවර සම්ප්‍රදායට මඟුල් මඩුවේ සැලැස්ම අනුව ඉදිකර ඇති මඩමක් ද ඇත. මෙය ඉදිකර ඇත්තේ 1892-1896 මෙම දිස්ත්‍රික්කයේ උපඒජන්ත ධුරය දැරූ ඩේවිඩ්සන් මහතාගේ භාර්යාව වූ ඩේවිඩ්සන් මහත්මිය සිහිවීම සඳහාය.   

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා දීම සඳහා රුවන්වැල්ල ප්‍රධාන ස්ථානයක් ගනී. ඉංග්‍රීසින්ට රජු අල්ලා දීම සබරගමුවේ එක්නැළිගොඩ නිලමේ ඇතුළු පිරිස අල්ලා දීමට උදව් උපකාර කර ඇත්තේ මෙම බළකොටුවේ සිටය.   

බිබිලේගම බළකොටුව   

සබරගමුවේ ප්‍රාදේශීය බළකොටු අතර සුවිශේෂ තැනක් බිබිලේගම බළකොටුවට හිමි වේ. පෘතුගීසි, ලන්දේසි සමයේ කොළඹ, මල්වාන, හංවැල්ල, රුවන්වැල්ල, රත්නපුර (සපරගමුව) බිබිලේගම, කටුවන, මාතර, ගොඩවාය දක්වා රට අභ්‍යන්තරයෙන් ගමන් මාර්ගයක් විය. බිබිලේගම බළකොටුව පිහිටියේ ගොඩකවෙලට නුදුරුවය. එකල බිබිලේයෝගම් නමින් හැඳින් වූ බව විදේශින් දුටු හෙළදිව ග්‍රන්ථයේ සඳහන්ව ඇත.   
ක්‍රි.ව. 1660 සිට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා වූ රයික් ලොක්ෂන් කන්ද උඩරට රාජධානියට අයත් සපරගමුව සත් කෝරළය හා සතර කෝරළය ප්‍රදේශ අල්ලා ගැනීමට හමුදාව යෙදවීමට සුදානම් වුවත් බතාවියාවේ ලන්දේසි අධිකාරිවරයාගෙන් ඒ සඳහා ඉඩක් නොලැබුණි.   

මේ අතර 1664 දී කන්ද උඩරට රජතුමාට විරුද්ධව අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් කැරැල්ලක් ඇතිවීම ලන්දේසින්ගේ වාසියට හේතුවිය.   

රජතුමා එම කැරැල්ල මැඩ පැවැත්වීමට ලන්දේසින්ගෙන් උදව් උපකාර ඉල්ලූවිට කොළඹින් හා ගාල්ලෙන් ලන්දේසි හමුදා කාණ්ඩ දෙකක් උඩරටට යවන ලදී. මේ අවස්ථාවේ ලන්දේසි හමුදා කැළණි ගඟ අසබඩ රුවන්වැල්ල හා වලවේ ගඟ අසබඩ (ගොඩකවෙලට නුදුරු) බිබිලේගම බළකොටුව යටත් කර ගන්නා ලදී.   

මේ පිළිබඳ සටහන් Germans in Dutch Ceylon R.‏Pavan ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.   

This (With Ruwanvella and Bibiligma) Were Held by R.Vangoons With the grudging Consont of Bathavia Much of the rost of the New Tervitcries were about oned (H/92) this 1675 report ep.cits in Fignres as held gy lascar in it Was eveacuated that some yead, and in 1680 Schweitzer mentions it as” New demo lisnt” (VII/52)   

එහි සිංහල අනුවාදය මෙසේය.   

මේ වන විට අලුතින් ඈඳාගන්නා ලද රුවන්වැල්ල සහ බිබිලේගම ඇතුළු ප්‍රදේශ වැඩි කොටසක් අත්හැර දමා තිබුණ නිසා R.Vangoons යටතේ මෙය තබා ගන්නේ බතපියාව අදිමදි කරමින් දෙන ලද කැමැත්ත ඇතිවය. (H/92) 1675 ඔහුගේ වාර්තාව අනුව මෙම ස්ථානය තබාගෙන ඇත්තේ ලස්කිරිඤඤ හමුදාව විසිනි. 1675 වසරේදීමය. ස්වෙයිට්සන්ස් සඳහන් කරන මෙය අලුතින් බිඳ දැමූ එකක් ලෙසය.   

“ලංකා ඉතිහාසය ද්විතීය භාග්‍ය” හාන්දුපැල්පොල පුඤ්ඤරතන හිමිගේ 88 වන පිටෙහි මෙසේ සඳහන්ව ඇත.   

ක්‍රි.ව. 675 මාර්තු 12 ෆන්ගුන්ස් ආණ්ඩුකාර තැන ස්වකීය ආණ්ඩුකාර ධුරය පවරා හෝ බතාවියේ ආණ්ඩුකාර ධුරයට පත්විය. රාජසිංහ රජතුමා මේතාක් නිශ්ශබ්දව සිටියේය. රෛයික්ලොක් ගුන්ස් (කනිෂ්ඨ) ආණ්ඩු කාලය උදාවූ වහාම නැවතත් වියවුල් උපදවන්නට පටන්ගත්තේය. ජුලි මස රාජාධිරාජසිංහ රජුගේ සේනාව බිබිලේගම කොටුවට පහර දුන්හ. කොටුව වටලා ඊට ජලය ලබා ගැනීම අවහිර කළේය.   
කොටුව ගිනි තැබීමට මෙන් අවට විශාල දරගොඩවල් රැස්කළාහුය. එයින් බියපත් කොටුව ආරක්ෂා කිරීමට නියුක්ත භටයෝ විරුද්ධත්වයක් නොමැතිව යටත් වූහ. එහිදී අල්ලාගත් කාලතුවක්කු හතරක් (4) හඟුරන්කෙත මාලිගයේ කෞතුක භාණ්ඩ ලෙස තබන ලදී.   

කිරිඇල්ල බළකොටුව   

කිරිඇල්ල බළකොටුව රත්නපුර – පානදුර මාර්ගයේ කළු ගං නිම්නයේ නැගෙනහිර වම් ඉවුරේ පිහිටා තිබූ බවට සාධකයන් ඇත. පෘතුගීසි හා ලන්දේසින් කළු ගඟ ඔස්සේ කුරුඳු, කරුංකා හා කුළුබඩු ආදිය මෙම බළකොටුව තුළ රැස්කර තබා කළුතර දක්වා ප්‍රවාහනයට ජල මාර්ගය යොදා ගැණින. ඒ කළු ගං නිම්නයේ කළුතර සිට අඟුරුවාතොට, නම්බපාන, කිරිඇල්ල, රත්නපුර (සපරගමු) බළකොටු හා ප්‍රධාන තොටුපළයන් විය.   

මෙම බළකොටුව මුලින් සකසා ඇත්තේ පෘතුගීසීන්ය. මෙහි පැති බැම්ම සඳහා විශාල ප්‍රමාණයේ ගල්කුට්ටි අලි ඇතුන් ලවා අද්දවා සකස් කර ඇත. බළකොටුවේ හැඩය සෘජු කෝනාකාර විය. මෙහි ආරක්ෂක කුටි, ගබඩා හා අණදෙන නිලධාරින්ගේ නිල නිවෙස්ද මෙහි ඉදිකර තිබුණි. එහි නටබුන් අදත් දැකිය හැකිය.   

මෙම බළකොටුව පිළිබඳ දිසාපති (R.H BASST 1829 Romatic Ceylon) වාර්තාවක  (චමත්කාරජනක ලංකාව) මෙසේ සඳහන් වේ.   

Near the road from Panadura to Ratnapura on the eastern Bank of the Kaluganga at Kirilla, areth ruine as a largo Portuguese fort, Which Situated on high ground at a sharp bend in the stream, Occupied a Position Combining strongth and with beauty, Built both to the command to Water High way and also as a Store for Aroca Cinnamon and Spices, it Contained a fine Residence for the Commandant, below Whose Windows, on the Outer Escarpment at the Walls, Sproed a broad terrace over looking the river and Mounts of Kukul Korale, Here in the cool of the evening the governor and his lady could Withdraw from the military atmosphere within the battlements to enjoy the beauties of unrivalled tropical Seenary”

  එහි සිංහල අනුවාදය

“පානදුරේ සිට රත්නපුරයට එන මාර්ගය අසල කළුගඟේ නැගෙනහිර ඉවුරුබඩ කිරිඇල්ලේ, එම ගඟේ තියුණු වංගුවක උස් භුමියක විශාල පෘතුගීසි බළකොටුවක නටබුන් හමුවේ. මෙම ස්ථානය බලය හා ශක්තියත් සුන්දරත්වයත් එක් වූ තැනකි. ජල මාර්ගය පාලනය කිරීමටත්. හමුදා අණදෙන නිලධාරියා සඳහා කදිම නිවාසයක් තනවා තිබුණි. පුවක් කුරුඳු හා කුළුබඩු ගබඩා කිරීමටත් මේ මගින් හැකි විය. නිවාසය ඉදිකර තිබුණේ පුළුල් තැන්නකය. එම නිවාසයේ කවුළුවලට පහතින් බලන විට. ප්‍රාකාර බැම්මට පිටින් සානුවේ දිග දැඩි බෑවුම මත සිට ගංගා ගව්වත් කුකුළු කෝරලයේ කඳු වැටිත් දැකිය හැකි විය. ඝර්ම කලාපික ස්වභාවික දර්ශනය ද නැරඹිය හැකි විය. ඒ මෙසේය. සඳ සිසිලේ ආණ්ඩුකාරවරයාට ස්වකීය ආර්යාවත් සමග යුද වාතාවරණය මගහරිමින් වෙඩි තැබීම සඳහා ඉදිකර ඇති මන්දිරයේ මිටි කුලුන මත සිට මෙම දර්ශනය නැරඹිය හැකිවිය” යන්නය.  


මැණික් කඩවර බළකොටුව   

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්වන තවත් ප්‍රධාන බළකොටුවක් වන්නේ මැණික් කඩවර බළකොටුවයි. එය රුවන්වැල්ල – මහනුවර මාර්ගයේ නාමල්දෙණිය හන්දියට නුදුරින් පිහිටා ඇති අතර වරකාපොළ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත්ව පවතී.   

මෙම බළකොටුව සුවිශේෂී වන්නේ උඩරට හා කරන යුද්ධයකදී ඉතා වැදගත්වන බැවිනි. අසවේදුගේ කාලයේ දී පහතරට කැරැලි මර්දනය කිරීමට අමතරව උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට ක්‍රම යෙදීමට මෙමගින් හැකි නිසා විය හැක. මෙයට අමතරව හමුදා අනුකණ්ඩයන් ප්‍රාදේශීය කුඩා බලකොටුවන්හි රඳවා තිබිණ. එයින් අරන්දර, දිවෙල, අමුණුගස් හින්න, අට්ටාපිටිය බළකොටු ඉන් සමහරක් වේ. 

 ක්‍රි.ව. 1603 උඩරට ආක්‍රමණයට පෙර මැණික් කඩවර අට්ටාපිටිය බළකොටු ශක්තිමත් කළහ. මෙහිදී සතර කෝරළය සන්සුන්ව තබා ගනිමින් උඩරට රජු මෙල්ල කරගැනීම පිණිසත් මැණික් කඩවර ස්ථිර බළකොටුවක් තැනවීමේ වැදගත්කම අසවේදු තේරුම් ගත්තේය. අවශ්‍ය කම්කරුවන් හා නිර්මාණ ශිල්පීන් තෝරාගෙන ක්‍රි.ව. 1598 සැප්තැම්බර් මස සෙල්වදොර් පෙරෙයිරා නමැත්තෙකුට බළකොටු සෑදීම භාරකර ඇත.   

සුදුසු ස්ථානයක් තෝරාගත් හෙතෙම උඩරටින් එල්ල විය හැකි ප්‍රහාරයන්ට මුහුණ දීමට මුලින් ලී වැටක් සහිත බළකොටුවක් තනවා මාස 04 ක් ඇතුළත ආරක්ෂක ගල් බැම්මක්ද තනවා ක්‍රි.ව. 1599 ජනවාරි වනවිට බළකොටුවේ වැඩ අවසන් කොට ඇත.   

එහි හමුදාව නතර කරන ලදී. මැණික් කඩවරට නුදුරින් ‘හොලොම්බුව’ නමැති ගමේ විශාල බළකොටුවක් තිබුණු බවත් එතනට ද පෘතුගීසින් වඩා ප්‍රසිද්ධ නම වූ මැණික් කඩවර යන නාමය භාවිතා කළ බව ‘රේවන්’ හාර්ට් කියයි. එම ගමේ පැරැණි බළකොටුව යැයි සිතිය හැකි තැනක විශාල පස් ගොඩැල්ලක් තිබෙන බව බෙල් මහතා පෙන්වා දී ඇත   

සබරගමුවේ බළකොටු පිළිබඳ මෙමගින් කරුණු බිඳක් පසක් කර ගත හැකිය.  

පැරැණි ලංකාවේ වැව් අතර මධ්‍ය ප්‍රමාණ විශාලත්වයකින් යුතු කලාවැව ඉතා දර්ශනීය පරිසරයක පිහිටා ඇත. කලා වැව කරවූයේ ධාතුසේන රජුය. සැබැවින්ම කලා වැව යනු කලා වැව හා බළලු වැව යන වැව් දෙකක එකතුවකි. ඒ නිසා “පූජාවලිය” ග්‍රන්ථයේ මේ වැව හඳුන්වනුයේ කලා බළලු වැව නමිනි.

වැව් දෙක අතර කුඩා බිම් තීරුවකින් ඒ දෙක වෙන්වෙන අතර දිය ඇළකින් වැව් දෙක සම්බන්ධ වේ. මේ බිම් තීරුවේ අතීතයේ බලගතු කුවේණි කෝවිලක් තිබූ බව ජනප්‍රවාදවල කියැවෙයි. බිරිය හා අමනාපව වනගත වී මුව රංචුවක් සමඟ දිගු කලක් වනයේ ජීවත් වූ මිනිසකු හෙළි කළ රහසක් අනුව කල වැලකින් හිරවී පැවැති ස්වභාවික ජලාශයක් විශාල කොට බඳවා ධාතුසේන රජු කලාවැව කරවා ඇත. මෙහි එක් කෙළවර විජිතපුර විහාරය වෙයි. විජිතපුර විහාරයේ සිට සැතපුම් දෙකක් පමණ අෑතින් අවුකන බුදුපිළිමය ඇත. කලා වැවෙන් ඇරැඹෙන යෝධ ඇළ හෙවත් ජයගඟ මඟ දිගට වැව් පෝෂණය කරමින් අනුරාධපුර දක්වා ගලා යයි.

ගලේවෙල නගරයේ සිට මඩාටුගම හරහා කලා වැවට විහිදෙන පාර සිත් වශී කරවයි. වැව පීරාගෙන එන සුළඟ ඩා බිඳු නිවා ඇඟේ ගත සනහාලයි. කලා වැවේ යෝධ පැරැණි බැම්ම දිගේ මාර්ගය විහිදී ඇත. කුඩා කඳුවලින් ගලා එන ඔයවල් තාරපාර දිගේ ගලා ගොස් වැව දෙසට එක්වෙයි. වර්ෂා වේලාවට ඔයවල් ජලයෙන් පිරුණු විට තාර පාරේ ගලන ජලකඳ අඩු වනතුරු යෑම අසීරු වෙයි. මාර්ගය දිගටම කලා වැව පිරුණු ජල කඳ තෙමා ගෙන එන සීතල සුළං මැද සිත ගත ප්‍රබෝධවත් වෙයි. කලා වැව් අඩවිය හා අවට පරිසරය පණම් බණ්ඩාර දෙවියන්ගේ අඩවියයි.

පණම් බණ්ඩාර දෙවියන්ගේ අණසක හාස්කම් කලා වැව හා අවට ගම්වල පැතිර පවතී. අස්වැන්න කපාගත් පසු පණම් බණ්ඩාර දෙවියන්ට විශේෂ පුද පූජා පවත්වයි. සඳ පහන් රාත්‍රිවල පණම් බණ්ඩාර දෙවියන් වැවේ දිය ක්‍රීඩා කරන බව ඔරු පදින බොහෝ දෙනකු දැක ඇත. වැව් සුළං කඳ දෙබෑ කරමින් සඳපායා ඇති පාළු රාත්‍රිවල සුදු අසුපිට නැඟී පණම් බණ්ඩාර දෙවියෝ කලා වැවේ මාර්ගය ඔස්සේ අසු මෙහෙයවති. ලෙඩට දුකට අපල උපද්‍රවවලට පණම් බණ්ඩාර දෙවියන්ට භාරහාර වී පුදපූජා පැවැත්වීම වැසියන්ගේ චාරිත්‍රයයි.

පණම් බණ්ඩාර දෙවියන්ට අමතරව කලාවැව ආරක්ෂාවට කඩවර දෙවි කැපවී සිටියි. ධාතුසේන රජු කරවූ කලාවැවේ ගංවතුරකදී වැව් බැම්බ කැඩී යෑම වැළැක්වීමට මැටිදිය මාපකයක් විය. එය භාරව කටයුතු කළ මුරකරුවෙක් විය. එක් අන්ධ භික්ෂුවකගේ සැරයටිය වැදී මැටිදිය මාපකය බිඳී ගියේය. එක් දිනක පටන් ගත් නා කපන වැස්ස දින දෙක තුනක් නොකඩවා පැවැතුණේය.

මුරකරු වරින්වර මැටි දිය මාපකය වෙත ගොස් වැවේ ජල ප්‍රමාණයේ වැඩිවීම වරින්වර පරීක්ෂා කිරීමට විය. එය හිමි නමගේ සැරයටි පහරින් බිඳී ගොස් තිබුණු බැවින් මැටි ජල මාපකය වැවේ ජල මට්ටමේ වැඩිවීම පෙන්නුම් කළේ නැත. රාත්‍රියේ අන්ධකාරය සමඟ කලා වැවේ යෝධ බැම්ම කඩාගෙන වැවේ වතුර දෝර ගලන්නට විය. ශෝකය ඉහවහ ගිය මුරකරු කැඩී ගිය වැව් බැම්ම මත නැඟී වැව් දිය කඳට පැන මළේය.

ඉන්පසු කඩවර දෙවි නමින් භූතාත්මයක් ලබා අදත් කඩවර දෙවි ලෙස පුද පූජා ලබමින් බාරහාර ගනිමින් කලාවැව ආරක්ෂා කරයි. බහිරව දෙවියන්ට කැප වූ දේවාල කලා වැවේ ඇත. කලාවැව නුදුරු යටිගල්පොත්ත ගමේ පණම් බණ්ඩාර දෙවියන්ට පැවැත්වූ පූජා උළෙලක් බැලීමේ වාසනාව දඹුල්ල උපගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී මට හිමිවිය. අඳුරු වැටෙන විට යක්දෙස්සන් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරමින් පුරා පැය ගණනාවක් කවි කියමින් බෙර ගසමින් – නටමින් පූජා පැවැත් විණ. ඉන්පසු රැස්ව සිටි පිරිසට දෙවියන්ට පිදූ දේව පූජාව විශාලව වැඩුණු නෙලුම් කොළවල තබා කෑමට බෙදා දීම සිදුවිය.

රැස්ව සිටි අය ඉමහත් භක්තියෙන් ගෞරවයෙන් ලැබුණු දේව පූජාව නෙලුම් කොළවල තබා කෑමට බෙදා දීම සිදුවිය. රැස්ව සිටි අය ඉමහත් භක්තියෙන් – ගෞරවයෙන් ලැබුණු දේව පූජාව නෙලුම් කොළ මත තබා ගෙන අනුභව කරන අයුරු දැක ගත හැකි විය.

කලාවැව අවට ගම්මානවල මහලු හා මැදිවිය ගොවීන් අතර පණම් බණ්ඩාර දෙවියන්ට කැපවූ ගායනා කරන කවි රසවත් තාලයට කටපාඩමින් කියනු ඇසිය හැකිය. ගිනියම් අඩවිය කලාවැවේ සීතල ජල කඳෙන් තෙත් කළ බැවින් එයට කළ ගුණ ලෙස පණම් බණ්ඩාර දෙවියන් දෙවනුව කඩවර දෙවි පිදීම ගැමියන්ගේ කළගුණ සැලකීමක් මෙන්ම අව්‍යාජ ගැමි ජීවිතය විදහාපාන කැටපතක් වෙයි.

එස්. කේ. ජයවර්ධන

නිරෝධායනය අද අප අතර වැඩියෙන්ම භාවිත වන වචනය බවට පත්ව ඇත. රටේ නායකයන් නිතරම පවසන්නේ අපි නිරෝධායන කටයුතු නිසි වේලාවට ආරම්භ කළ නිසා කොවිඩ්-19 ව්‍යාප්තිය වළක්වා ගත හැකි වූ බවයි. අප මේ හාරා අවුස්සන්නට යන්නේ උඩරට රාජධානි සමයේ සිදු වූ නිරෝධායන කටයුත්තක් ගැනය.

එය යුරෝපීය ජාතීන්ගෙන් වසූරිය වසංගතය මහනුවර ඇතුළු උඩරට රාජධානියට බෝවීම වළක්වා ගැනීමට දරණ ලද ප්‍රයත්නයක් බව පසුව හෙළිව තිබේ.

වසූරිය 17 – 18 සියවස්වල යුරෝපයේ දස දහස් ගණනක් ජනතාව බිලිගත් වසංගතයකි. එම බියකරු රෝගය ලංකාවට පැමිණියේ පෘතුගීසි, ලන්දේසි වැනි ආක්‍රමණිකයන් සමඟ බවට මතයක් එකල පැවතුණි. පෘතුගීසි කාලයේදී (16 – 17 සියවස්) මෙරට මුහුදුබඩ ප්‍රදේශවල වසූරිය පැතිර ගියේය. පෘතුගීසි බලකොටුවල නිරත මේ රෝගය වාර්තා විය. වර්ෂ 1581 දී සීතාවක රාජසිංහ උඩරට ආක්‍රමණය කළ විට, මන්නාරමේ පෘතුගීසි රුකවරණය පැතූ කරල්ලියද්දේ බණ්ඩාර රජු මියගියේ වසූරියෙනි.

පෘතුගීසි පලවා හැර වර්ෂ 1658 දී ලන්දේසිහු මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලා ගත්හ. ලන්දේසි කාලයේද අප රටේ මුහුදුකරයේ වසූරිය පැතිර ගිය බව වාර්තා වේ. ඒ අතර ලන්දේසින්ට අවශ්‍ය වූයේ උඩරට රජවරු සමඟ යුද්ධ කිරීම නොව ගැටුමකට නොගොස් ඔවුන් සමඟ තානාපති සබඳතා පවත්වා ගනිමින් පාලනය කිරීමකි. ඒ මෙරට පාලනය කළ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ කපටි වාණිජ අරමුණු නිසාය. ලන්දේසිහු 1796 දක්වා සියවස් එකහමාරකට ආසන්න කාලයක් මෙරට මුහුදුබඩ පාලනය කළ අතර වාර්ෂිකව උඩරට රජු වෙත තානාපති චාරිකා පැවැත්වීමේ සම්ප්‍රදායක් අනුගමනය කළහ.

ලන්දේසි තානාපති නිලධාරීන් වැඩි වශයෙන් මහනුවර බලා ගියේ පැරණි රජ මාවත ඔස්සේය. ඒ පාරේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කොටස ලන්දේසීන්ට අයත් විය. සීතාවක සිට හතරකෝරළේ හරහා උඩරට දක්වා කොටස උඩරට පාලනය යටතේ පැවතුණි. සමහර අවස්ථාවලදී මේ සීමා වෙනස් වූ බවද පෙනේ.

උඩරටට තෑගිබෝග පඬුරු රැගෙන පැමිණෙන ලන්දේසීන් හරහා රාජධානි අගනුවරට වසූරිය පැමිණෙන්නට ඉඩකඩ පවතී යැයි මහ රජුට සැකයක් පැවතුණි. එබැවින් විදේශීය දූතයන් එක්වරම රාජධානියට වැද්ද නොගෙන යම් ස්ථානයක කාලයක් නවත්වා තබා අගනුවරට රුගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.

ඇතුන් හා අශ්වයන් පිට මෙන්ම දෝලාවෙන් ද ගමන් කරමින් උඩරට දක්වා පැවති දුෂ්කර මඟ තරණය කරන ලන්දේසිහු විවිධ ස්ථානවල නවාතැන් ගත්හ. රටේ තැන් තැන්වල සංචාරය කරන රජුට හා රාජ්‍ය නිලධාරීන්ට නවාතැන් ගැනීමට තානායම් ඉදිකර තිබුණි. ලන්දේසි තානාපති ද ඒවායේ නවාතැන් ගත්තේය. සීතාවක, රුවන්වැල්ල, ඉද්දමල්පාන, කැබැල්ලගහරුප්ප, හෙට්ටිමුල්ල, අට්ටාපිටිය (දොඹගහරුප්ප), වල්ගොවුවාගොඩ හා ගන්නෝරුව පැරණි උඩරට මාවතේ එවැනි තානායම් පැවති ස්ථාන විය. මහ රජ්ජුරුවන්ගේ නිරෝධායනය අට්ටාපිටිය නවාතැනේදී ක්‍රියාත්මක කෙරුණි. එහෙත් දූත පිරිසට එය ඍජුව දැනුම් නොදුන් අතර රජු අගනුවර නොමැති බව ආදී විවිධ හේතු දක්වා ගමන පමා කෙරුණු බව ලන්දේසි වාර්තාවලින් පැහැදිලි වේ

අට්ටාපිටිය ඒ සඳහා ඉතාමත් ගැලපෙන ස්ථානය වූ බව අද ඒ ගැන විමසන අපටත් පෙනේ. හතරකෝරළේ ගල්බොඩ කෝරළයට අයත් ඒ ගම උඩරට කඳු බෑවුම පාමුල පිහිටා තිබේ. අද නම් මාවනැල්ලේ සිට අරණායක පාරේ මඳ දුරක් ගමන් කර පිවිසිය හැකි ස්ථානයකි. එය පැරණි රජ මාවතේ සංධිස්ථානයකි.

යොහාන් වුල්න්ගැන්ග් හෙයිඩ්ට් 1736 දී මහනුවරට දූත චාරිකාවක යෙදුණු ලන්දේසි ජාතිකයෙකි. එවකට උඩරට රජකම් කළේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. හෙයිඩ්ට් තම අත්දැකීම් අරභයා පසුව පොතක් ලිව්වේය. ඔහු මෙසේ සඳහන් කරයි. අපි ගමන් මඟේ නොකඩවා පැමිණි ගමනේදී නොවැම්බර් 30දා අට්ටාපිටියට පැමිණියෙමු. මෙතැන තානාපතිවරයාට කිසියම් කාලයක් නැවතී සිටින්නට සිදුවිය. අපේ පමාව දින 14ක් විය.

තානාපති ඩැනියෙල් ඇග්‍රීන් සමඟ පැමිණි හෙයිඩ්ට්ට මෙන්ම තවත් බොහෝ නිලධාරීන්ට ද අට්ටාපිටියේ නවතින්නට සිදු වූ බව ඔවුන්ගේ වාර්තාවලින් පෙනේ. වර්ෂ 1750ට පෙර දූත පිරිස් සාමාන්‍යයෙන් රුඳී සිටි කාලය දින 16කි. 1742 දී රිචඩ් වැන් මික්ට දින 3කින් පිටත්වීමේ වරම ලැබුණි. 1739 දී රොබට් ක්‍රේමර් සති 5ක් මෙහි නැවතී සිටියේය. රජු මෙසේ ලන්දේසීන් අතරමග රඳවාගැනීම ගැන නිශ්චිත හේතු නොදැක්වුවත් 1739 දී උඩරටට යන යොහාන් ක්‍රිස්ටෝ ක්ලිබර්ට්ට අනුව බළලා මල්ලෙන් එළියට පැන තිබුණි.

සිරිත් පරිදි උඩරට යන දූත පිරිසට අට්ටාපිටියේ දින කිහිපයක් නැවතී සිටින ලෙස දන්වන ලදී. මැනවින් වාතාශ්‍රය ඇති, සනීපදායක මෙහි රුඳීම මැනවැයි රජු කල්පනා කර තිබුණි. පසුව දැනගත් ආකාරයට ප්‍රමාද කිරීමට හේතුව මගේ පිරිවරට වසූරිය වැළඳී ඇතැයි සැක කිරීම හේතුවෙන් රෝගය බෝවිය හැකි කාලය එසේ වෙන්කොට තැබූ බවයි. යොහාන් ක්‍රිස්ටෝ නැවතී සිටියේ කැබැල්ලගහරුප්පේ බව ඔහු සඳහන් කරයි.

අට්ටාපිටිය තානායම මහ ඔයට මෙගොඩ වහරක්ගොඩ තිබුණු බව ගවේෂක මහානාම දුනුමාල සඳහන් කරයි. වහරක්ගොඩ සොහොන් භූමිය හැඳින්වෙන්නේ තානායම්ගොඩ නමිනි. උඩරට රජුගේ නවාතැන් මාලිගයක් එහි තිබූ බවට ජනප්‍රවාද පැතිර පවතී.

අට්ටාපිටියේ යුදමය වැදගත්කම නිසා පෘතුගීසින් ද උඩරට ආක්‍රමණය කිරීමේදී එහි බලකොටුවක් ඉදිකළ අතර, ඉංග්‍රීසින් ද 1816 සහ 1834 කාලයේදී එහි මුරපොළක් පිහිටුවා තිබුණි. 1817 දී කපිතාන් කිං එහි බලකොටුවක් ඉදිකළ අතර එය කිංගේ බලකොටුව නමින් හැඳින්විණි. එච්.සී.පී. බෙල්ගේ 1892 පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් වන්නේ බලකොටුවේ ප්‍රාකාර මායිම පැහැදිලිව හඳුනාගත හැකි බවත් බිත්තියේ කොටසක් හොඳින් පවතින බවත්ය.

අප ඓතිහාසික ස්ථානවලට කෙතරම් සැලකිල්ලක් දක්වන්නේ ද යන්න හෙළි කරමින් මෙම භූමිය මෑතකදී අරණායක ප්‍රාදේශීය සභාවේ කුණු දැමීමට යොදාගෙන තිබුණි.

(පර්යේෂණ තොරතුරු: ප්‍රවීණ ලේඛක මහානාම දුනුමාල)

ලෝක මානසික සෞඛ්‍යය සතිය වෙනුවෙන් මහනුවර මහ රෝහලේ මානසික රෝග අංශය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එහි එක් අපූරු වැඩසටහනක් වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ච්ත්‍රපට නිර්මාණයක් වූ “ඝරසර්ප” චිත්‍රපටය ප්‍රදර්ශනය කර,එහි ප්‍රස්තුතය හා සම්බන්ධව ජයන්ත චන්ද්‍රසිරි මහතා සමග දෙපැයක පමණ කාළයක් විද්වත් සාකච්ඡාවක යෙදීමට අවකාශය සැලසීමයි. චිත්‍රපටයේ තේමාව ගොනුවී තිබුනේ කාන්තාවන්ට වැහෙනවා යැයි ජනවිශ්වාසයේ පවතින “කළු කුමාර දිෂ්ඨිය” පිළිඹඳවයි.

ච්ත්‍රපටය තුල එම චරිතය නිර්මාණාත්මකව යොදාගෙන තිබුනේ කළු කුමාරයා යනු ප්‍රේමය,සෘංගාරය,ඊර්ශ්‍යාව කෝපය,පළිගැනීමේ චේතනාව වගේම අනුකම්පාව වැනි මනෝභාවයන් සහිත,බොරු නොකියන,පොරොන්දු ඉටුකරන ,සුහදශීලී යක්ෂයෙකු ලෙසයි.

ජනශ්‍රැතියට අනුව කළුකුමාරයා කියන්නේ කාන්තාවන්ට ලොල්වූ අමනුස්ස ආත්මයක්.”කළු දේවතා යක්ෂකට්ටුවේ” ප්‍රධානියා ලෙස සැලකෙන්නේ කළුකුමාරයා.මේ යක්ෂ කට්ටුවට යක්ෂ කොට්ඨාශ 64ක් අයත්වන බවත් ඒ එක් එක් යක්ෂ කොට්ඨාශයකට යක්ෂයන් 84464 ක් අයත්වන බවත් කියවෙනවා.
කළුකුමාරයාගේ විකසනය ගැනත් විවිධ රසවත් ජනශ්‍රැති රාශියක් තියෙනවා.සත්සමුදුර මැද ඇති “කළුගල් දූව” නැමති දූපතක,ඇති රන් මාළිගාවක කරඬුමාන දේවිය සහ විජිත නම් රජුට දාව කළුකුමාරයා ඉපදුනු බව ඉන් එක් කතාවක්.තවත් කතාවකින් කියවෙන්නේ ඉන්දියාවේ රජමැදුරක සිටි රජකුමරියකගේ මල්වර රුධිරය සහිත රෙදිකඩ, රජක ස්ත්‍රියක් විසින් සෝදනවා දුටු කළුකුමාරයා එම කුමරිය සමග පෙම්සබදතාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළත් කුමරිය එයට අකමැතිවීම නිසා කළකිරීමට පත්ව සියදිවි නසාගත් බවත් ඉන් අනතුරුව එම ආත්මය කළුකුමාර යක්ෂයා වූ බවයි.

අනුරාධපුර යුගයේ ගජබා රජුගේ කාළයේ සිටි පුවෝතල නම් ප්‍රාදේශීය රජු සහ ඔහුගේ මුතුමාල නම්වූ බිසවට දරුවන් නොසිටියත් රජුට දාව මාළිගයේ රෙදි ඇපිල්ලූ රජක ස්ත්‍රියකට ඉපදුනු කුමරා නීල මදන කළුකුමාර නමින් හැඳින්වූවා.මොහු ඉතා ශක්තිසම්පන්න පුරුෂයෙක් වූ අතර ගජබා රජුට පමණක් එසවිය හැකිව තිබු මහා යගදාවක් නීල මදන කුමරා පහසුවෙන්ම පරිහරණය කළ බවත්,ගජබා රජු සමග යගදාවෙන් මුහුද දෙබෑකරමින් ඉන්දියාවට ගොස් අපේ රටෙන් පැහැරගෙන ගිය පුද්ගලයන්ද බේරාගෙන එයට එකට එක කිරීමක් ලෙස ඉන්දියාවෙන්ද එමෙන් සිව්ගුණයක් සොළී ජාතිකයන්ද රැගෙන ආ බවත් ජනකතාවලින් කියැවෙනවා.එදා නීලමහ යෝධයා නමින් හැඳින්වූ මෙම නීල මදන කළුකුමාරයා පසු අවස්ථාවක එලෙස පැහැරගෙන ගොස් සිටි තවත් තරුණයන් දෙදෙනෙක් සොයා ඉන්දියාවට ගියවිටෙක අවාසනාවකට මෙන් මග වැරදී ස්ත්‍රීන් පමණක් වෙසෙන පෙදෙසකට ගිය බවත්, රූමත් ස්ත්‍රියන් වූ ඔවුන් පිරිමින් ගැන අසා තිබුනත් කිසිදා පිරිමියෙකු දැක නොතිබුන බවත් කියැවෙනවා.ඔවුන් අතරට මැදිවූ නීල මදන කළුකුමරා ඔවුන්ගේ අතවරයන්ට තදබල ලෙස ලක්වෙනවා.අධික ලෙස ලිංගික ක්‍රියාවන්හි නිරතකරවීම හේතුවෙන් නීල මදන කළුකුමාරයා මියයන්නේ ස්ත්‍රින් සමග වූ මහත් කෝපයකින් යුතුව බවත් මරණින් පසුව කළුකුමාරයා ලෙසින් යක්ෂ ආත්මයක් ලබා කාන්තාවන්ට වින කරන බවත් එවන් තවත් කතාවකින් කියැවෙනවා.

කළුකුමාරයා ගැන තවත් අපූරු කථාවක් ජනවහරේ තියෙනවා. අම්බුළුගල නම් රජතුමාගේ බිසවුන් දෙදෙනාගෙන් බාල බිසවගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තනි වල්ලභ රජතුමා මාදම්පේ ප්‍රදේශයේ රජකළ බවත් අනෙක් කෙනා වූ සකළ කළා වල්ලභ උඩුගම්පොළ ප්‍රදේශයේත් රජකළ බවත් කියැවෙනවා.සකළ කලා වල්ලභ රජු උඩුගම්පල ප්‍රදේශයේ මහා පොකුණක් සාදා දියකෙළියේ යෙදුනාලු.රජතුමා නිරතුරුවම පොකුණේ ඉවුරේ ඉඳලා ජලයට පැනලා තමා දියකෙළියට එකතුවෙලා තියෙන්නේ. මේ රජතුමාගේ පුතා අධික කාමාශාවක් සහිත අයෙක්ලු.තරුණ,මහලු ,ගැබිනි ඕනෑම කාන්තාවක් මොහු විසින් දූෂණය කරනවාලු. මහජනයා විසින් රජතුමාට මේ පිළිඹඳව පැමිණිලි කලාම රජතුමා මේගැන සොයාබැලීමේදී දැනගත්තාලු තමන්ගේ අන්තඃපුරයේ කාන්තාවන් පවා මොහුගේ අතවරයට ලක්ව ඇතිබව.මින් කෝපයට පත්වු රජතුමා පුතාට තදබල දඬුවමක් ලබාදී තියෙනවා. මින් කිපුනු රජුගේ පුතා සිය පියරජු මරාදැමීමටත් ඉන් අනතුරුව රජකම ලබාගැනීමටත් අදහස්කරමින්, රජතුමා පොකුණේ දියට පනින ස්ථානයේ දිය යට උලක් සිටුවා තිබුනාලු.

නමුත් රජතුමා දියකෙළියට පැමිණි විට දිය මත බත්කූරෙක් වසා සිටිනු දැක,ඌ එසේ දියේ නොගිලී සිටින්නේ කෙසේදයි පරික්ෂාකිරීමට සේවකයන් යෙදවූ විට තමන්ව මරාදැමීමට සිය පුතා උපක්‍රමයක් යොදාඇති බව සොයාගත්තාලු.මින් බියට පත්වූ රජුගේ පුත්‍රයා සමනල අඩවියට පළාගොස් එහි කුණුදිය පර්වතයෙන් පැන දිවිනසාගත් බවත් ඔහුගේ ආත්මය කළුකුමාරයා වූ බවත් එමගින් කියවෙනවා
බිරින්දෑවරුන් 32ක් ඉන්නවා යැයි පැවසෙන කළුකුමාරයා ඉන් සෑහීමකට පත් නොවී තවත් බොහෝ කාන්තාවන් සිය ග්‍රහනයට ගන්නවාලු.ඒ අතරිනුත් කළුකුමාරයාගේ කැමැත්ත කළු පැහැති කාන්තාවන්ට බවයි පැවසෙන්නේ

කාන්තාවන්ට විනකරන්න කළුකුමාරයාට වරම් දෙන්නේ යකුන්ගේ අධිපති “වෙසමුණි” නම් යක්ෂ රජෙක්.ඔහු අවසරදී ඇති කොන්දේසි මත පමණයි ලු වින කිරීම සිදුකල හැක්කේ. මේ අනුව හිරු උදාවෙන විට සහ බැසයන විට(ගොම්මන් වෙලාවෙ), මල් උයන්වල,විශාල ගස්යට,බටනලා වයනවිට,රබන් ගසන විට,හස්තීන් අසල, ගොවිපලවල් වල,ලේ මස් ඇති ස්ථාන වල, පාලු ගෙවල්, මංසැල්,පාලු සොහොන්,ළිං, කඳුරු,වැව් ආශ්‍රිතව,රදා තොටුපලවල,බෙර ශබ්ද ඇතිවිට,පිම්මක් පනින විට,ඇඳුම් මාරුකරන ස්ථානවලදී මෙලෙස කාන්තාවන්ට වින කිරීමට වෙසමුණි විසින් වරම් දී තියෙනවාලු.ඉතින් මෙවන් ස්ථාන වලට කාන්තාවන්,විශේෂයෙන් මල්වරවීමට ආසන්න සහ අලුතින් වැඩිවියට පත් ගැහැනු දරුවන් තනිපංගලමේ නොයවන සිරිතක් ගැම්යන් අතර තාමත් පවතිනවා.
කළුකුමාරයා සිය සිරුරට ඇතුලුවූ විට උණ,ඔල්මාද ගතිය,සිරුර කෙට්ටුවීම,ඔසප් චක්‍රය අක්‍රමවත් වීම,ගබ්සාවීම,මළ දරු උපත් වඳ භාවය ඇතිවන බවත් සිය පෙම්වතා හෝ ස්වාමිපුරුෂයා ප්‍රතික්ෂේප කරන අතර ලිංගික සබදතා පවා ප්‍රතික්ෂේප කරන බවත් පැවසෙනවා. එසේ වන්නේ රාත්‍රිය පුරාවට හැඩි දැඩි කළුකුමාරයා සමගින් උපරිම තෘප්තිමත් ලිංගිකව එක්වීමක් මෙම කාන්තාවන් විසින් අත්දකින නිසාබවයි පැවසෙන්නේ.

කාන්තාවන් තුල ඇතිවන ලිංගික ආශාවන් සංස්කෘතික සීමාවන් හේතුවෙන් අවිඥාන මනසේ තෙරපාගෙන සිටීමට සිදුවේ.නව යොවුන් දැරියන් මෙන්ම ව්වාහය පමාවන කාන්තාවන්,ස්වාමිපුරුෂයා විදෙස් ගතව හෝ වෙනත් අයුරකින් වෙන්ව ඇති කාන්තාවන් තුල ඇතිවන ලිංගික ආවේගයන් යටපත් කිරීමට උඩුසිත දරන උත්සාහයේදී යටිසිත මගින් අව්ඥානිකව මෙවන් ජනවහරේ ඇති සංකල්ප ආවෙශ්‍ය කරගන්නා බවයි මේ පිළිඹඳව මනෝවිද්‍යාත්මක මතය වන්නේ

මේ සඳහා සම්ප්‍රදායික බලි තොවිල් වලින් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලින්ද සුවයක් අත්කරගැනීමට පුලුවන්. නමුත් මෙහිදී වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම නුවණට හුරු වන්නේ ඉහත රෝගලක්ෂණ සමහර ඉක්මනින් ඖෂධ ලබාදියයුතු රෝග තත්වයන් වලදීත් දක්නට ලැබෙන නිසයි උදාහරන ලෙස උණ, ඔල්මාද ගතිය,වෙව්ලීම, සිරුරට විෂබීජ ඇතුල්වී එමගින් මොළය ආසාදනයවීමේ දී දක්නට ලැබෙන සුලබ රෝගලක්ෂණ. කෑම අරුචිය,සිරුර කෙට්ටුවීම ක්ෂයරෝගය හෝ පිළිකාවක ලක්ෂණ වියහැකියි.

කෙසේ වුවත් චිත්‍රපටයේ අවසන් කොටසේදි එහි මානසික රෝග විශේෂඥ වෛද්‍යවරිය ඉතා වැදගත් සත්‍යයක් පවසනවා.

“සිත ආදරයෙන් පිරී ඇතිවිට කිසිවෙකුට එම සිතට ඇතුලුවී සිත ලෙඩකරන්න බැහැ.සිත තුල හිස් බවක්(අවකාශයක්)තිබුනොත් පමනයි යමෙකුට අනවසරයෙන් එහි ඇතුල්විය හැකි වන්නේ.”

නීතිවේදී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
M.B.B.S (PERADENIYA)
LL.B (O.U.S.L)

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කියන්නෙ වඩිග පරම්පරාවෙන් පත්වුණු දෙවැනි රජතුමා. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගුරු ඇසුර නිසා මේ රජු බුද්ධ ශාසනයට විශාල සේවයක් කළා. දඹුලූ විහාරෙ එහෙම ප‍්‍රතිසංස්කරණය කළේ මේ කාලෙ තමයි. සමනක්කොඩි නිලමේ ගෙන් පසුව රජුගේ ප‍්‍රධාන මහ අදිකාරම් තනතුර හොබවන ලද්දේ පිළිමතලව්වේ නිලමේ තුමා. ඔහු නුවර කලාවිය නැතිනම් අනුරාධපුර පළාතේ දිසාපති තනතුරත් දරා තිබෙන බව පැහැදිලියි.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී විශාල කැරැුල්ලක් හටගත්තා. වඩිග රජු බලයෙන් පහකොට සිංහල කුමාරයකු නැවත සිංහාසනයේ තැබීම එහි බලාපොරොත්තුවයි. දෝන කතිරිනා බිසවගේ ඥාති සහෝදරයා වන දෙනවක මායාදුන්නේ කුමරුගේ පරම්පරාවේ මුණුපුරෙක් පහතරටට පැන ගොසින් ලන්දේසීන්ගේ සිත් දිනාගෙන හිටියා. ඔහු ලන්දේසි හමුදාවක් සමග එකතුවෙලා කුරුණෑගල හරහා මහනුවරට සේන්දු වෙන්නට උත්සාහ කළා. ගලගෙදර කපොල්ල තරණය කොට කටුගස්තොට අභිබවා ගියාම මහනුවර යටත් කරගන්න හැකිවන නිසා වර්ෂ 1760 -65 කාලයේ දී මේ පහරදීම සිද්ධ වුණා. නමුත් උඩරට රජුට ශක්තියට හිටි නිලමේවරු නිසා මේ කැරැුල්ල පරාජයට පත් කළා. මහා සංඝයා වහන්සේගේ සහායත් රජුට හිමි වූ නිසා පහසුවෙන් මේ කැරැුල්ල මැඬ පවත්වන්නට හැකි වුණා.

කැරැල්ලෙන් පසු 1766 දී උඩරට රජු ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹුණා. සුප‍්‍රසිද්ධ හඟුරන්කෙත ගිවිසුම යනුවෙන් ප‍්‍රකට වන්නේ එයයි. මේ ගිවිසුම නිසා මුහුදුකරයේ සිට ගව්වක ප‍්‍රමාණයක් තමන්ගේ පාලනයෙන් අත්හරින්නට රජුට සිදු වුණා. උතුරුකරය මෙන්ම නැගෙනහිර ප‍්‍රදේශයත් මෙලෙස අත්හැරීම නිසා උඩරට රාජධානිය හුදකලා වුණා. මේ නිසා ලන්දේසි පාලන සීමාවට යාබදව තිබෙන බොහෝ ප‍්‍රදේශ සන්නද්ධ කරන්නට තීරණයක් ගත් ආකාරය අපට දැක ගන්නට පිළිවන්. මේ කාලයේ ත‍්‍රිකුණාමලයට සහ මඩකලපුවට යාබදව තිබෙන පළාත් අතරින් අනුරාධපුරය නැතිනම් නුවර කලාවිය ප‍්‍රබලයි. කාලිංග මාඝ ආක‍්‍රමණවලින් පස්සෙ මේ පළාත් ජන ශූන්‍ය වුණා. පිළිමතලව්වේ මහ නිලමේ විසින් මෙහෙයවපු ක‍්‍රියාදාමයක් මගින් නැවත මේ පළාත්වල රාජකාරි සඳහා උඩරට ප‍්‍රභූවරු යොදවන්ට තීරණයක් ගත්තා. එ් අනුව මහනුවර පළාතේ සේවයේ යෙදී සිටි බොහෝ රට කෝරලේ ඇත්තන් සේවයෙන් මුදවල නුවරකලාවියේ ගම්බිම් අස්වද්දන්ට සහ ආදායම් එකතු කරන්නට ගම්ප‍්‍රධානීන් බවට පත් කළා. මේ කාලයේ රජරට වන්නිය මුර කළ වන්නි මුදියන්සේවරුත් හිටියා. ඔවුන් මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන රජරට ගම්වල තමුන්ගේ මිනිසුන් පදිංචි කරන්නට පෙළඹණු බව පේනවා. එ් අනුව හුරුලූ පළාතේ දුටුවෑ තුලානේ ගම් කීපයක්ම මඩකලපුවේ වැසි මරක්කල වානිජයන්ට පවරා දී තිබෙන බවද තුඩපත්වලින් දැක ගත හැකියි.

මෙම ලිපියේ ප‍්‍රධාන කතාවට අදාළ පුංචිරාල නිලමේ සේවය කළේ මහවාසලේ ගබඩාවෙයි. ඔහු පරම්පරාවෙන්ම දක්ෂ වෛද්‍යවරයෙකි. රජුට මෙන්ම නිලමේවරුන්ට වෙදකම් කරමින් කීර්තියට පත් පුංචිරාළ මේ යුගයේ පැතිරුණු වසංගතවලට ද ප‍්‍රතිකාර කොට තිබෙනවා. කෝලය යනුවෙන් හැඳින්වූ ශ්වසන රෝග රාශියක් ඔහුගේ වෙදකම්වලින් සුවපත් වූ බව පැවසෙනවා. වෛද්‍යවරයකු වශයෙන් පමණක් නොව දක්ෂ සටන් ශිල්පියෙකු වූ පුංචිරාල ගබඩා රාජකාරියෙන් මුදවා නුවර කලාවියේ කෝරාළ ලෙසින් පත්කර හරින්නට පිළිමතලව්වේ තීරණය කරගත්තේ මේ නිසයි. මේ කාලය වන විට රට අස්ථාවරයි. ලන්දේසීන් සමග තිබෙන සටන් අපමණයි. මේ නිසා නැගෙනහිර පළාතේ සිට එන ආක‍්‍රමණ වළක්වා ගන්නට ගම්රකින්නට වැඩ පිළිවෙළක් හැදිය යුතුව තිබුණා.

නුවර කලාවිය කියන්නේ නුවර වැව, කලාවැව සහ පදවිය කියන මහා වාරිමාර්ගවලට ආවරණය වන ප‍්‍රදේශයයි. පුංචිරාළ කෝරලේ කරලා පත්කළේ දුටුවෑ තුලානේ කපුගොල්ලෑව කියන ගමටයි. පදවිය වැව ඉස්මත්තේ පූර්ව අනුරාධපුර සමයේ සිට සංවර්ධනය වූ මේ ගම්මානවල තිබෙන ලොකු කුඩා වැව් ගණන ඉතා විශාලයි. මේ වැව්වලට ජලය ලබා දෙන්නට මහා පැරකුම් රජ දවස දී යෝධ ඇළවල් බිහිවුණා. යාන් ඔය එහි ප‍්‍රධාන ජල මූලාශ‍්‍ර යයි. හොරොව්පතානේ සිට පදවිය සහ වාහල්කඩ දක්වා තිබෙන සියලූම වැව් පෝෂණය කරමින් මේ යෝධ ඇළවල් ගලා ගියා. කපුගොල්ලෑව වැවත් එලෙස පෝෂණය වූ මධ්‍යම පරිමාණයේ වැවක්. පුංචිරාළ කෝරලේට රජුගෙන් තුඩපත් ලැබුණා. තුප්පොට්ටියත් සමග ඇඳුම් ලැබුණා. ගබඩා රාජකාරිය අතහැර කපුගොල්ලෑවට ඇවීදින් ගම අස්වද්දලා කුඹුරු සරිකරලා පළාත රැුක්කා. මේ කාලයෙ වැටෙන්නේ ශකවර්ෂයෙන් 1710 නැතිනම් ක‍්‍රිස්තු වර්ෂයෙන් 1788 වැන්නටයි. එ් කාලේ වෙනකොට කීර්තී ශ‍්‍රී රාජසිංහ ඉකුත් වෙලා රාජාධිරාජසිංහ රජකමට පත්වෙලා. පුංචිරාළට ලැබුණු ගමේ කුඹුරු සහ හේන් ගොවිතැනට ඉඩකඩ ලැබුණා. එ් වගේම පැරණි කාලේ පටන් පැවතෙන මහ කැලෑද තිබුණා. නමුත් මේ මහ කැලෑවලට අත නොතියා හේන් ගොවිතැන් කරන්ට පුංචිරාළ සහ ඔහුගේ ඥාතීන් දැන සිටියා. පුංචිරාළට හිටියා පිංහාමි කියා පුත‍්‍රයෙක්.ඔහුගෙන් පස්ස මැණික්රාළ ආදී වශයෙන් වර්තමාන පරම්පරාව දක්වා පැවතෙන වෛද්‍යවරු රාශියක් සිටි බව පේනවා. පුංචිරාළගේ පෙළපත් නාමය වන චන්ද්‍රශේඛර මුදියන්සේ යන නාමය අද දකින්නට නැහැx දෙමළ රෙජිස්තාර්වරු ජනයා ලියාපදිංචි කළේ දෙමළ ක‍්‍රමයටයි. එ් අනුව තමයි උක්කුරාලගේ මුදලිනායක කියන වත්මන් වෛද්‍යවරයා හැඳින්වෙන්නේ. ඔහු කැඩුම් බිඳුම් වෙදකමට වගේම අර්ශස් වෙදකමටත් දක්ෂයි. තමන්ගේ පරම්පරාවේ උරුමය වර්තමානයේ දී විනාශ වී ගිය හැටි ඔහු පවසන්නේ මෙලෙසයි.

‘පුංචිරාළ වෙදනා කියන්නේ අපේ මුත්තා. පරම්පරා හතකට එහායින් නුවර රජවාසලේ ගබඩාවෙ කත්හාල් රාජකාරිය ඉෂ්ට කරන්න බැඳිල හිටිය කියල තමයි කියැවෙන්නෙ. වෙදකම පරම්පරාවෙන් එන නිසා රජ වාසලේ නිලමක්කාරයන්ට වෙදකන් කරලා තිබෙනවා. මහරජුටත් වෙදකන් කරන්න ඇති. රාජාධිරාජසිංහ වඩිග රජ්ජුරුවන් ගේ කාලෙදි එ් කියන්න වර්ෂ 1788 දී පිළිමතලව්වේ මහ නිලමේ තුමා විසින් අපේ මුත්තා ගබඩා රාජකාරියෙන් නිදහස් කරලා තිබෙනවා. එ් දක්ෂ වෙදකමක් කළ නිසා.

ඊට පස්සෙ මේ කාරණය තල්පතක ලියලා අත්සන් කරලා කෝරලේට අයිති ඇඳුම් ආයිත්තම් දීලා නුවරකලාවිය පැත්තෙන් කපුගොල්ලෑව කියන නින්දගම දීලා එහි ආදායම පඬුරු වශයෙන් රජ වාසලට ඔප්පු කරන්ට කියලා කෝරාළ තනතුර පංගාත්තු කරලා පිටත් කරලා තිබෙනවා. එ් නිසා පුංචිරාළ මුත්තා ගමට නායකයා වෙලා කපුගොල්ලෑව වැව යටතේ පමණක් නොව වීරවැව, හල්මිල්ලෑව මරදන්මඩුව වගේ වැව් යටතේ ඉඩම් අස්වද්දලා තමන්ගේ ඥාතීන් සමග සිටි බව පේනවා. පුංචිරාළගෙන් පසු පිංහාමි, පිංහාමි ගෙන් පසු මැණික්රාල, මැණික්රාල ගෙන් පසු රංහාමි. ඊට පස්සෙ මැණික්රාල. අපේ අප්පච්චි උක්කුරාල. මේ සෑම දෙනම වෙදකම් කළා ගමේ වරිග්කාරයන්ට නායකත්වය දෙමින් සිටිය කියල තමයි දැනෙන්නෙ. 1788 දී අප පරම්පරාවට ලැබුණු සන්නස වර්ෂ 1866 දී ඉංග‍්‍රීසි ආණ්ඩුවට පෙන්නල තිබෙනවා. පස්සෙ එහි පිටපතක් අරගෙන දැන් නුවර ලේඛනාගාරයේ තැන්පත් කරලා තිබෙනවා. නමුත් ඉඩම් රාජසන්තක වුණා. නිදහසින් පස්සෙ 1975 දී ගමේ ඉඩම් නිරවුල් කරන්න කියලා කච්චේරියක් තිබ්බා. අපේ අප්පච්චි උක්කුරාළ පැරණි සන්නස ආණ්ඩුවට ඉදිරිපත් කළා. එ්ත් එ්ක පිළිගත්තේ නෑ. අපේ ගමට පරවේණි ඉඩම් වශයෙන් වෙන් කරලා දුන්නෙ අක්කර 140 ක් පමණයි. කපුගොල්ලෑව ගමට තිබෙන සම්පූර්ණ ඉඩම් ප‍්‍රමාණය පමණක් අක්කර 2372 ක්. සන්නසෙන් හිමිවුණු මේ සියලූ ඉඩම්වලින් වැඩි හරියක් ආණ්ඩුවට ගත්තා.’

උක්කුරාල වෙදරාළගේ මුදලිනායක වෙද මහතා වර්තමානයේ පවසන මේ යථාර්ථය රජරට ගම් රාශියකට අත්ව ඇති ඉරණම කියාපාන්නකි. සන්නස් මගින් දුන් බොහෝ ඉඩම් රජයේ අවශේෂ කැලෑ බවට පත් වූ අතර වරින් වර එ්වා පුද්ගලයන්ට බැහැර කර තිබේ. විශේෂයෙන්ම අන්තවාදීන්ට පවරා දී තිබේ. දුටුවෑ තුලානේ පමණක් ගම් 11 ක් මුස්ලිම් ජනතාවට පවරා දී තිබේ. වර්තමානයේ මේ කැලෑ ඉඩම් පදවිය වන රක්ෂිතයට එක්කර තිබෙන අතර දේශපාලනඥයන් සහ පිටස්තර පුද්ගලයන් වෙත බැහැර කරමින් ඇත. ඵ ක්‍ ක්‍ වැනි ගිවිසුම් මගින් විදේශකයන් සතු කරන්නට උත්සාහ කරනුයේ මෙවැනි පාරම්පරික පරවේණි ඉඩම්ය. මේ තිත්ත ඇත්ත බොහෝ දෙනෙකුට වැටහී නොමැත.

ජේසු සමිඳුන්ගේ අත්තම්මා හෙවත් දේව මෑණියන්ගේ මාතා වූ ශා. ආනාතුමිය කිතුනු ජනතාව අතර බෙහෙවින් ප‍්‍රචලිත සන්තානම් මෑණියෝ යන ආදර නාමයෙනි. සන්තානම් මෑණියන් නමට කැප කළ දෙව්මැඳුරු රාශියක් මෙරට තිබුණ ද සන්තානම් පල්ලිය නමින් ප‍්‍රකටව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපයේකල්පිටිය පිහිටි සිද්ධස්ථානයයි. එහි වාර්ෂික මංගල උළෙල අගෝස්තු දෙවැනිදාට මෙවර යෙදී තිබේ.

තලවල ශා. ආනා සිද්ධස්ථානයේ ආරම්භය පිළිබඳව මුඛ පරම්පරාගතව පැවතෙන කතා දෙකක් තිබේ. 1867 නිකුත් වූ එවක පුත්තලම ආණ්ඩුවේ උප ඒජන්ත ඩබ්ලිව්. සී. මැක්රෙඞ් මහතාගේ වාර්තාවක් අනුව මෙම සිද්ධස්ථානයේ ආරම්භය 17 වැනි සියවස තරම් ඈතට දිවෙන්නකි. ඒ අනුව පෘතුගීසි ජාතිකයෙක් මෙම වෙරළ තීරයේ ගිමන් නිවා ගනු පිණිස ඇවිද යමින් සිටියදී වෙහෙසට පත්ව තලවිල වත්මන් සිද්ධස්ථානය අසල විසල් රුකක් යට සැතපී ඇත. එම රුක මුල දැල්වෙන ඉටි පහන් දෙකක් මැද ප‍්‍රතිමාවක් තිබෙනු ඔහු සිහිනයෙන් දුටුවේය. අවදිව බලන විට ප‍්‍රතිමාව එතැන තිබිණි. පුදුමයට පත් ඔහු වහා දණ ගසා යදින්නට වූ අතර සන්තානම් මෑණියන් ඔහුට දර්ශනය වී එය තම ප‍්‍රතිමාව බවත් එම ස්ථානයේ දෙව්මැඳුරක් තනවා ප‍්‍රතිමාව එහි වැඩමවන ලෙසත් දැන්වූ බව සඳහන්ය. පෘතුගීසි ජාතිකයා එපරිදි ක‍්‍රියා කළ අතර සන්තානම් පල්ලිය එලෙස බිහි වූ බව පළමු කතාවය. අනතුරුව ද ආනාතුමිය කිහිපවරක් ඔහුට දර්ශනය වූ බවත් ඔහු දෙව්මැඳුර විශාල කිරීමට ක‍්‍රියා කළ බවත් මෙම තොරතුරු එවක සිටි කතෝලික පූජකවරුන්ගෙන් ලබාගත් බවත් උප ඒජන්තවරයා තවදුරටත් සඳහන් කරයි.

දෙවැනි කතාව  හා සම්බන්ධය. 18 සියවස මුල් භාගයේ යුරෝපීය ජාතිකයකුට අයත් වෙළෙඳ බඩු නැවක් තලවිල අසලදී මුහුදුබත් විය. මෙම කුඩා නැව ශා. ආනාතුමිය නමින් කැප කර තිබිණි. නැවෙහි සිටි පිරිස ශා. ආනාතුමියගේ පිහිට පතමින් එතුමියගේ ප‍්‍රතිමාවක් ද රැුගෙන තලවිල වෙරළට පීනූහ. අනතුරුව අද සිද්ධස්ථානය ඇති තැන විසල් රුකක බෙනයක ප‍්‍රතිමාවක් තැබූ ඔවුහූ ප‍්‍රතිමාව ඉදිරිපිට යාච්ඤා කරන්නට වූහ. තමන් බේරාදුන් ආනා මෑණියන් නමින් දෙව්මැඳුරක් ඉදිකිරීමට ද ඔවුහූ ප‍්‍රතිඥා දුන්හ. අනතුරුව ඔවුන් ගාල්ල බලා ගිය අතර මුහුදුබත් නැව බැලීමට පැමිණි අය ගස් බෙනයේ ප‍්‍රතිමාව දැක වන්දනාමාන කිරීමට පටන් ගත්හ. නැවියන් යළි පැමිණ පොරොන්දු වූ පරිදි දෙව්මැඳුර ඉදිකළහ. මෙම ස්ථානයට නැව විනාශ වූ තැන යන අරුත ඇති ‘කප්පල් අඩි’ යන දෙමළ නම අද ද භාවිත කෙරේ.

1943 දී වෙරළ මුහුදු කෑමට ලක්වීමේදී වෙරළේ පොළොව යට තිබූ නැව් කඳක් මතුවිය. එම නැව් කඳ දෙවැනි කතාවට සම්බන්ධ නැව බවට විශ්වාසයක් පවතී.

කවර කතාව සත්‍ය වුව ද මෙම සිද්ධස්ථානයට 17 වැනි සියවස තරම් පැරණි බවට සැක නැත. ආනාතුමියගේ මංගල්‍යය ජූලි 26 ට යෙදෙන නමුදු ඊට පසු එන ඉරිදා අගෝස්තු 02 වැනිදා මෙවර මංගල්‍යය යොදාගෙන ඇත. තලවිලට ඇදෙන ලක්‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවෝ පෘතුගීසි ජාතිකයා හෝ යුරෝපීය නැවියා තිලිණ කළ ශා. ආනා ප‍්‍රතිමාව ඉදිරියේ වැඳ වැටෙමින් යදිනු දැකිය හැකිය.

Due to the Great War, waged for over seven months to capture Colombo, the Fort area was in ruins.

To replace the collapsed rampart, the Dutch built an even smaller rampart. The Dutch abandoned the rampart that was located at Fourth Cross Street in Colombo.

They extended the Beira Lake beyond it up to Kaymans Gate. The Dutch who strengthened the newly built rampart also constructed nine bastions on it.Those bastions were Leiden, Delft, Hoorn, Rotterdam, Kloppenburg, Dan Briel, Amsterdam, Enkhuizen and Middleburg.

A building in the present Navy Headquarters premises is also a construction of the Dutch.This building which was built around 1796 also is found near the Kloppenburg bastion that was one of the bastions in the Old Dutch Fort.

The old rampart gate of the Dutch Fort was located between President’s House premises and Flagstaff Street.Old Dutch bastions such as Dan Briel and Amsterdam had been built in the middle of that rampart. The gate was open at that time to the port’s warehouses. It was constructed around 1676 with stones and plaster of lime.

The largest building that was constructed inside the Dutch Fort was the Dutch Hospital. That was a main hospital built by them to treat their injured soldiers, after they seized the Fort from the Portuguese.There is another bastion between the President’s House premises and Navy Headquarters premises in addition to the Amsterdam bastion.

Its old rampart is in ruins. Its collapse has been prevented by using stones.
The Enkhuizen bastion which is close to the sea on the west is somewhat large. It was located between Flagstaff Street and the Galle Buck Road.

There were a few Dutch ruins close to the Battenberg battery near the breakwater to the north of the harbour. The battery there is not to be seen today.After demolishing a Portuguese building a private residence for the last Dutch Governor Johan Gerard van Angelbeek was built there in 1785.

After the British came to own it in 1804 it was named as Queen’s House, later as King’s House and is being used as the President’s House since 1972.The area covered by the Dutch Fort was about 40 acres.The Fort and the Pettah were separated by a bare stretch of land.In place of the roads built by the Portuguese, the Dutch constructed straight, wide roads. Governors, officials, soldiers and businessmen lived inside the Fort.

The building which belonged to the seminary seen in the map drawn by them for Colombo in 1723 is currently being used as the ‘Dutch Museum’.The Dutch continued to have their sway over Colombo for a period of around 150 years, constructing the Colombo Fort, buildings and roads.

However, the Prince of Orange had issued an order from the city of Kew to the Dutch colonies to prevent the Dutch colonies from falling into the hands of the French Republicans.Through that order it was said that the Dutch should allow the British warships and the British Army to enter areas controlled by the Dutch.

Accordingly, sending a communiqué to Dutch Governor Angelbeek, it was informed to hand over all Dutch possessions to the British.But, the Dutch did not do so. Therefore, the British attacked Trincomalee on 28 and 31 August 1795.Batticaloa on 18 September and Jaffna 10 days later capitulated to the British.
On 11 February 1796 the British forces headed towards Negombo and crossed the Kelani River.

As it was ordered on the 15th that Colombo Fort should surrender, Colombo Fort was handed over to the English after a discussion between the two parties.By that time the Colombo Fort had been under 31 Dutch Governors. On 12 October 1798 Frederick North took over as the first ever British Governor of Ceylon.Colombo Fort expanded as a commercial city during the period of the British. The area which formed the old Pettah, from the YMBA building up to the Gas Works Street Junction, also underwent changes.

The canals that were built by the Portuguese had been closed by putting earth over them during the time of the Dutch.After the lapse of half a century since Ceylon came under the British, Hercules Robinson (Lord Rosmead) who came as the Governor of Ceylon in 1865 decided to demolish the fortifications built by the Dutch for needs of space within the Colombo Fort. Hence, there is no fortifications to be seen today within the Colombo Fort and only a few ruins are there concealed at a few places.

පෘතුගීසීන්ගේ ආගමික ප‍්‍රතිපත්තිය පිළිබඳව විමසීමේ දී ඔවුන් උග‍්‍ර රෝමානු කතෝලික භක්තිකයන් වූ බව පෙනී යයි. කුරුස යුද්ධයෙන් අනතුරුව පෙරදිග ඉස්ලාම් ආගම්හි අධිපත්‍ය විනාශ කළ යුතුය යන අභිලාශයෙන් සහ 1517 දී මාර්ටින් ලූතර් විසින් ආරම්භ කරන ලද ආගමික ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හේතුවෙන් කතෝලික පල්ලියේ අධිපත්‍යය දෙදරවා හරිමින් රෙපරමාදු ආගම ඉස්මතු වීමත් සම`ග කතෝලික ආගම යුරෝපයෙන් පිටතට ඉතා ඉක්මනින් ව්‍යාප්ත කළ යුතුය යන අදහස පාප් වහන්සේ තුළ ඇති විය. මෙසේ යුරෝපයෙන් පිටතට කතෝලික ආගම ව්‍යාප්ත කිරීමේ වගකීම ඒ වන විට යුරෝපයේ බලවත් රාජ්‍යයන් ද්විත්වය වූ පෘතුගාලයට හා ස්පාඤ්ඤයට පවරනු ලැබීය. මෙවැනි පසුබිමක් තුළ ලංකාවට පැමිණි පෘතුගීසීන් හැකි සෑම අවස්ථාවකම කතෝලික ආගම ව්‍යාප්තිය සඳහා උත්සහා ගන්නා ආකාරයක් හඳුනාගත හැකිය.

1498 මැයි 08 වන දින ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණි වස්කෝ ද ගාමා විසින් ප‍්‍රකාශය කළ ‘‘අප ක‍්‍රිස්තු භක්තිකයෝ වම්හ. කුළු බඩු සොයා මෙහි පැමිණියෙමු…’’ යන්න තුළින් පෘතුගීසීන්ගේ යටත් විජීත පිහිටුවිමේ ප‍්‍රධාන අරමුණක් වශයෙන් ආගම ප‍්‍රචාරය කිරීම පැවති බව හඳුනාගත හැකිය. පෘතුගීසීන් විසින් මෙරට අනුගමනය කරන ලද ආගමික ප‍්‍රතිපත්තිය පිළිබඳව විමසීමේදී පෘතුගීසීන්ගේ යටත් විජිත ප‍්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පෘතුගීසීන්ගේ යටත් විජිත ප‍්‍රතිපත්තිය හැඳින්වීම සඳහා ඉතිහාසඥයන් භාවිතා කරනුයේ ‘කුළුබඩු හා ආගම (ආත්මය) සොයා පැමිණීම’ වශයෙනි. ඒ අනුව ඔවුන්ගේ මූලික අරමුණ බවට පත්ව තිබුණේ ආගම හා ආර්ථික අරමුණු බව ගම්‍ය වේ. ඒ අනුව මෙරට පසුකාලීනව බලය පිහිටුවනු ලබන ලන්දේසීන්ගේ හා ඉංග‍්‍රීසීන්ගේ යටත්විජිත ප‍්‍රතිපත්තියට වඩා ස්විශේෂී වූ ස්ථානයක් ආගමික අංශය කෙරෙහි යොමු වී පැවති බව හඳුනාගත හැකිය. ඒ අනුව මෙම අවධියේ ලාංකේය ස්වදේශීකයන් වූ සිංහල බෞද්ධයන්, ද්‍රවිඩ හින්දූන් හා මුස්ලිම් ඉස්ලාමිකයන් ඔවුන්ගේ ආගමික සතුරන් වූ අතර පෘතුගීසීන් මෙම ආගමිකයන් සිය කතෝලික ආගම සඳහා හරවා ගැනීම සඳහාත් එම ආගම් මර්දනය කිරීම සඳහාත් විවිධ ප‍්‍රතිපත්ති අනුගමනය කරනු ලැබීය. එමෙන්ම නිකලස් පාප් වහන්සේ ප‍්‍රකාශ කර තිබූ ආකාරයට ‘ක‍්‍රිස්තුස් වහන්සේගේ සතුරන්ට විරුද්ධව ජයග‍්‍රහණය කළ යුතුය’ යන ප‍්‍රකාශයත්, ‘දෙවියන් විසින් උතුමාණන්ට භාර කරන ලද බැටළුවන් ඔහු යටතට ළ`ගා කර ගත යුතුය’ යන ප‍්‍රකාශයත් මත මොවුන් ආගම ප‍්‍රචාර කිරීම සඳහා ඇතැම් අවස්ථාවල ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන්වල ද නිරතවන බව හඳුනාගත හැකිය.

පෘතුගීසීන්ගේ මෙරට ආගමික ප‍්‍රතිපත්තිය ගැන හැදෑරීමට ඇති ප‍්‍රධාන බාධකය වන්නේ දේශීය මූලාශ‍්‍රවල හි`ග බවයි. එහෙත් පෘතුගීසි මූලාශ‍්‍ර අධ්‍යයනය තුළින් එම තත්වය ම`ග හරවා ගත හැකිය. නමුත් පෘතුගීසීන් තමාට වඩා වෙනස් ජාතියක් මෙන්ම සංස්කෘතික පැවතුම් සහිත පිරිසක් බව පෘතුගීසීන් මෙරටට පැමිණි මුල්ම අවස්ථාවේ දීම දේශීයන් වටහා ගෙන ඇත.

 ක‍්‍රි. ව. 1505. 11. 15 වන දින ලංකාවට පැමිණි පළමු පෘතුගීසි

දූත ගමන වූ දොන් ලොරෙන්සෝ ද අල්මේදා විසින් සිය ලංකා ගමනය සිහිවීම සඳහා කොළඹ වරායේ පිහිටුවන ලද පෘතුගීසි ලාංඡනය සම`ග කුරුසයක සටහනක් ද සඳහන් කොට තිබීම තුළින් අනාගතයේ දී මෙරට කතෝලික ආගම ප‍්‍රචාරය කිරීම සඳහා ඔවුන් තුළ වූ අරමුණ පැහැදිලි වේ. පෘතුගීසීන් එවකට ලක්දිව රජු වූ I. වන ධර්මපරාක‍්‍රමබාහු රජු බැහැදැකීමට කෝට්ටේ නගරය වෙත ඉතා දුර බැහැර මාර්ගයකින් රැගෙන ගිය බව සඳහන් වන අතර මෙසේ රජු බැහැදැකීමෙන් පසු රජුව වෙළෙඳ ගිවිසුමකට කැමති කරවා ගැනීමට හැකි වූ බවත් ලංකාවේ කුරුඳු තොගයක්

ලබාගැනීමට හැකි වූ බවත් පෘතුගීසි වාර්තා තුළ සඳහන් වේ. මෙසේ පෘතුගීසීන්ගේ පැමිණීම ගැන මුස්ලිම්වරු කලබලයට පත් වූ බවත් එම වාර්තා තුළ සඳහන්ව ඇත. එමෙන්ම කොළඹ කොටුවක් ඉදිකිරීම සඳහා පෘතුගීසීන් අවසර පැතූ බව පෘතුගීසි වාර්තාවල සඳහන්ව ඇත. එම බලකොටුවේ කතෝලික දේව ගැතිවරයකු නැවැත්වීමට ද රජුගෙන් අවසර ඉල්ලූ බව සඳහන් වේ. එමෙන්ම මෙම පෘතුගීසීන්ගේ ලංකා ගමනය ගැන ඇසු ගෝවේ ක‍්‍රිස්තියානි පල්ලිවල ගණ්ඨාර නාද කරමින් දෙවියන්ට ස්තුති ස්ත්‍රෝත ගැයූ බව සඳහන්ව ඇත. එයින් පෙනී යන්නේ ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම ඔවුන්ට ආගමික වශයෙන් ඉතා වැදගත් සිද්ධියක් වූ බවයි.

මෙම අවධියේ දී ඔවුන් කොළඹ කොටුව ඉදිකිරීමට කටයුතු කරන ලදී. මුල්කාලයේ දී එනම් 1521 දී විජයබා කොල්ලය සිදුවන තුරු පෘතුගීසීන් වෙළෙඳ ප‍්‍රජාවක් වශයෙන් පමණක් කටයුතු කරනු ලැබීය. 1521 න් පසු කෝට්ටේ රාජ්‍ය දේශපාලනික වශයෙන් ව්‍යාකූල ස්වභාවයකට පත්වන අතර එම තත්ත්වය පෘතුගීසීන්ට සිය ආගමික අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලැබීය. ඒ අනුව කෝට්ටේ රාජ්‍ය කොටස් ත‍්‍රිත්වයකට බෙදී යෑමත් සම`ග කෝට්ටේ පාලක VII වන බුවනෙකබාහු රජු සීතාවකින් ආරක්ෂා වීම සඳහා පෘතුගීසි උපකාර ලබා ගැනීමට යොමුවිය. එත් සම`ග පෘතුගීසීන්ට කෝට්ටේ රාජ්‍යයට අයත් වූ ප‍්‍රදේශවල කතෝලික ආගම ප‍්‍රචාරය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගනු ලැබීය. රජු පෘතුගීසීගෙන් ලබා ගන්නා යුද ආධාර වෙනුවෙන් කුරුඳු බහාර් 300 ක් ගෙවීමට සිදු වූ අතර කතෝලික ආගම ප‍්‍රචාරය කිරීමෙහි කටයුතුවලට ඉඩදීමට සිදුවිය. මෙම අවධියේදී සීතාවක මායාදුන්නේ බලවත්ව නැ`ගී සිටියේය. ඔහු තමන් පෘතුගීසීන්ට විරුද්ධව දේශීය සංස්කෘතියේ ආරක්ෂකයා වශයෙන් පෙනී සිටියේය. එමෙන්ම කැලිකට්හි සැමොරින්ගේ ආධාර ලබා ගැනීමට සීතාවක රජු සමත් විය. 1524 වන විට කොළඹ කොටුවෙන් පෘතුගීසීන් ඉවත්ව සිටි අතර සැමොරින් එම අවස්ථාවේ ලංකාවට පැමිණ කෝට්ටේ සිටි පෘතුගීසි හේවායින් තමාට බාර දෙන ලෙස බුවනෙකබාහු රජුට දැන් වූ නමුත් රජු එය ප‍්‍රතික්ෂේප කළේය. එයින් අනතුරුව පෘතුගීසි හමුදාව හා එක්ව බුවනෙකබාහු රජු සැමොරින්ව පරාජයට පත් කිරීමට සමත් විය. අනතුරුව පෘතුගීසි උපදෙස් පරිදි 1526 දී කෝට්ටේ රාජ්‍යයේ සිටි මුස්ලිම්වරුන්ට තම බල ප‍්‍රදේශයෙන් ඉවත්වන ලෙස නියෝග කළේය. මෙම තත්ත්වයත් සම`ග කෝට්ටේ රාජ්‍ය ක‍්‍රමයෙන් පෘතුගීසි අවනත රාජ්‍යයක තත්ත්වයට පත්වීමේ අවදානමක් මතු විය.

සීතාවක රාජධානියේ බලපෑම වැඩිවන විට බුවනෙකබාහු රජු තවදුරටත් පෘතුගීසීන් වෙත යොමු වන ආකාරයක් හඳුනාගත හැකිය. 1538 දී රයිගම බණ්ඩාරගේ මරණින් පසු රයිගම රාජ්‍යයේ බහුතර ප‍්‍රදේශයක් සීතාවක වෙත ඈ`දා ගැනීම නිසා සීතාවක බලවත් වූ අතර බුවනෙකබාහු තමාගෙන් පසු රජකම සමුද්‍රදේවියගේ හා වීදිය බණ්ඩාරගේ පුත‍්‍රයා වූ ධර්මපාල කුමාරයාට පැවරීමට 1541 වර්ෂයේ දී තීරණය කළ අතර මෙය කෝට්ටේ හා සීතාවක බල අරගලය තවදුරටත් තිව‍්‍ර විය. එම නිසා තමාගෙන් පසු රජකමට පත් වන ධර්මපාල කුමරුට පෘතුගාලයේ අගරජුගේ ආශීර්වාදය ඇති බව පෙන්වීම සඳහා ධර්මපාල කුමරුගේ ස්වරූපයට සෑදු රන් ප‍්‍රතිමාවක් ලිස්බන් නුවරට 1542 දී කටයුතු කරනු ලැබීය.

ඒ අනුව මෙසේ යවන ලද රන් රුව පෘතුගාලයේ III වන දොන් ජුවන් රජු ලවා උත්සවශ‍්‍රීයෙන් ඔටුණු පැළඳවීම සිදු කරන ලද බව සඳහන් වේ. මෙසේ ඔටුණු පැළැන්ඳවීමේ උත්සවයෙන් අනතුරුව ධර්මපාල කුමරුට අධ්‍යාපනය ලබාදීම සඳහා කතෝලික පූජක පිරිසක් ලංකාව එවනු ලැබීය. ඒ අනුව ජෝන්ද විලා ද කොන්දේ පූජකතුමාගේ නායකත්වයෙන්, අන්තෝනියෝ ඩො පද්‍රා ඕ, සීමාඬේ ද කොයිම්බ‍්‍රා, ඉතාලි ජාතික ගොන්සාලෝ ප‍්‍රැන්සිස්කෝ ද මොන්ටේ, ප‍්‍රන්දෝනෙ යන ප‍්‍රැන්සිස්කානු පූජකවරු පස්දෙනා සලප්පු ආරච්චි සම`ග ලංකාවට පැමිණි අතර ඔවුන්ගේ මූලික අරමුණ බවට පත්වූයේ කතෝලික ආගම කෝට්ටේ රාජ්‍ය තුළ ව්‍යාප්ත කරවීමය.

පාප් වහන්සේ විසින් පෘතුගීසීන්ට පවරා දී තිබූ ආකාරයට පෙරදිග කලාපයේ කතෝලික ආගම ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම ප‍්‍රැන්සිස්කන් පූජක කණ්ඩායම කටයුතු කරනු ලැබීය. මොවුන්ගේ ප‍්‍රධානතම අරමුණ වුයේ VIII වන බුවනෙකබාහු රජුව කතෝලික භක්තිකයකු බවට පත්කර ගැනීමය. මොවුන් ඒ සඳහා විවිධ උපක‍්‍රම යෙදූ නමුත් එය අසාර්ථක වූ අතර රජු තමාගේ පරම්පරික ආගම වන බුදු දහම අතහැරීම ප‍්‍රතික්ෂේප කළේය. එයට හේතු වූයේ සම්ප‍්‍රදායික පිළිගැනීම අනුව මෙරට සිහසුනහි හිමිකම ඇත්තේ බෞද්ධයකුට පමනක්ය යන මතය හා බුවනෙකබාහු බුදු සමය අත්හැරියොත් එය සීතාවක බලවත් වීමට ප‍්‍රභල හේතුවක් වනු ඇතැ’යි ඔහු අනුමාන කිරීමය. මෙසේ පෘතුගීසීන් විසින් කතෝලික ආගම වැළඳගන්නා ලෙස රජුට බල කළ විට රජු ගෝවේ ප‍්‍රතිරාජ්‍යයාට සිය අකමැත්ත 1545.11.12 මෙසේ ලියා යැවූ බව සඳහන්ව ඇත. එනම්, ‘‘… එබඳු කල්පනාවක් කිසි දිනක මට පහළ වී නැත. ක‍්‍රිස්තියානිකාරයකු වීම මට කළ නොහැක්කකි. මට මා අදහන බුදුන්වහන්සේ මිස අන් දෙවියකු ගැන විශ්වාස කළ නොහැකිය. …’’ වශයෙනි. එහෙත් ඔවුන්ගේ ආගමික ව්‍යාපාර සඳහා බාධා නොකර අනුග‍්‍රහය දැක්වීය. ඇතැම් ප‍්‍රභූවරුන් හා සාමාන්‍ය ජනතාව කතෝලික ආගම වැළඳ ගනු ලැබීය. මෙසේ කතෝලික ආගම වැළඳගත් පිරිස් රජුට බදු නොගෙවා, රජු පැනවූ නීති පවා කඩ කළේය. එමෙන්ම බුවනෙකබාහු රජු බෞද්ධයෙකුව සිටිම සිය ආගම් ප‍්‍රචාර කාර්යට බාධාවක් බව ‘‘… පෘතුගීසීන්ගේ මිත‍්‍රයෙකැ’යි කියන මේ රජු තමයි, අපිට ඉන්න ප‍්‍රධානම හතුරා. …’’ ලෙස මිශනාරීන් පෘතුගාලයට ලියා යැවීය. මෙම තත්ත්වය තුළ ක‍්‍රි. ව. 1550.12.29 දින පෘතුගීසි හේවායෙකුගේ වෙඩි ප‍්‍රහාරයෙන් බුවනෙකබාහු රජු මරණයට පත් විය.

ඔවුගෙන් පසු ධර්මපාල කුමරු රජ වූ අතර ඔහුව කතෝලික ආගම ක‍්‍රි. ව. 1557 දී වැළඳ ගනිමින් දොන් ජුවන් ධර්මපාල/ දොන් ජුවන් පෙරිය බණ්ඩාර (ක‍්‍රි. ව. 1551-1597) වශයෙන් බෞතිස්ම ලැබීය. එත් සම`ග කෝට්ටේ රාජ්‍යයට පැවති ජන ප‍්‍රසාදය ඉවත්ව විය. එමෙන්ම දළදා වහන්සේ සීතාවකට වැඩම වූ හෙයින් කෝට්ටේ රාජ්‍යයට පැවති සාම්ප‍්‍රධායික රාජ්‍ය උරුමය එයින් ඉවත් විය. බෞද්ධ භික්ෂූන්ගේ හා සාමාන්‍ය ජනතාව සීතාවක කෙරෙහි යොමුවීම සීතාවක බල වර්ධනය සඳහා ප‍්‍රභල හේතුවක් විය. මෙයින් පසුව කෝට්ටේ රාජ්‍ය තුළ ශීඝ‍්‍ර වශයෙන් කතෝලික ආගම ව්‍යාප්ත කිරීමට ක‍්‍රිස්තියානි මිෂනාරිවරුන් හැකි විය.

මෙසේ ධර්මපාල කුමරු සිහසුනට පත් වූ අවස්ථාවේ දීම නොරෙඤ්ඤා නැමති පෘතුගීසි විසුරේවරයා කෝට්ටේ නගරයට ආක‍්‍රමණයක් එල්ල කොට එය කොල්ල කෑ අතර එය කේරෝස් පියතුමා පවා විවේචනය කර ඇත. එහෙත් ධර්මපාල රජු පෘතුගීසි රූකඩයක් වීම ඔහුගේ පියා වූ වීදිය බණ්ඩාරගේ ක‍්‍රියා කලාපය නිසා තවකාලීකව බිඳ වැටිණි. ඔහු පෘතුගීසි විරෝධී ව්‍යාපාරයක් ගෙන ගියේය. ඔහු කෝට්ටේ නගරයේ වූ පල්ලි විනාශ කරමින් වැසියන්ට කතෝලික ආගම වැළඳ ගැනීම තහනම් කරනු ලැබීය. නමුත් මායාදුන්නේ හා වීදිය බණ්ඩාර අතර ඇති වූ බල අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙන් වීදිය බණ්ඩාර පරාජය කිරීමට පෘතුගීසීන්ට හැකි විය. වීදිය බණ්ඩාරගේ ග‍්‍රහණයෙන් ධර්මපාල රජු නිදහස් වීමත් සම`ග ඔහු පෘතුගීසීන් අත නැටවෙන රූකඩයක් බවට පත් විය.

මෙසේ ධර්මපාල රජු කතෝලික ආගම වැළඳ ගැනීමත් සම`ග කෝට්ටේ රාජ්‍ය තුළ සිටි බෞද්ධ ප‍්‍රභූන් ඊට විරුද්ධව කැරළි ඇති කරනු ලැබීය. ඒ අනුව බුද්ධවංශ නමින් මහතෙරුණු කෙනෙකු ප‍්‍රධාන භික්ෂූන් බෞද්ධාගම රැක ගැනීම සඳහා අභීතව සටන් කළේය. සටන මැඬ පවත්වා උන්වහන්සේ ඇතුළු තිස් නමක් එල්ලා මැරීමට

පෘතුගීසීන් කටයුතු කරනු ලැබීය. මෙම අවස්ථාවේ සීතාවක බෞද්ධයන්ගේ ආරක්ෂක රාජ්‍යය වශයෙන් ඉදිරියට පැමිණි හෙයින් බහුතර බෞද්ධයන් පිරිසක් සීතාවකට සංක‍්‍රමණය විය.

සීතාවක හා කෝට්ටේ අතර මහා සටන් මාලාවක් 1557-1562 අතර කාලයේ දී ඇති විය. මෙම සටන්වලදී මායාදුන්නේගේ පුත් ටිකිරි කුමරු (I වන රාජසිංහ) ප‍්‍රභල භූමිකාවක් ඉටු කරනු ලැබීය. පෘතුගීසීන් සීතාවක රාජයේ ප‍්‍රහාර හමුවේ දුර්වල තත්ත්වයට විය. 1562 දී සිදු වූ මුල්ලේරියා සටනින් පෘතුගීසීන්ව අන්ත පරාජයකට ලක් කිරීමට සීතාවක රාජ්‍ය සමත් වී ඇත. නාවික බලයක් සීතාවකට නොවීම නිසා පෘතුගීසීන් මෙරටින් පන්නා දැමීමට හැකියාවක් නොලැබිණ. 1562 – 1565 අතර කාලයේ තව දුරටත් පෘතුගීසීන් හා සීතාවක අතර ගැටුම් ඇති වූ අතර 1565 ජුලි වන විට දී කෝට්ටේ නගර අතහැර දැමීමට පෘතුගීසීන්ට සිදුවිය. එත් සම`ග ධර්මපාල රජු ද කොළඹ කොටුවේ වාසය සඳහා ගිය අතර කෝට්ටේ රාජ්‍ය බිඳ වැටීම සිදුවිය. ධර්මපාල රජු පෘතුගීසීන්ගේ යටතේ අන්ත අසරණ තත්ත්වයට පත් වූ අතර 1577 දී ඔහුව මරා දැමීමට කුමන්ත‍්‍රණ ද ඇති වී ඇත. මෙම අවධියේදී අන්‍ය ආගම් විනාශ කිරීමේ ප‍්‍රතිපත්තිය දිගන් දිගටම ගෙන ගිය අතර කෝට්ටේ නගරය තුළ වූ දළදා මාළිගාව ඇතුළු බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන විනාශ කොට එම ආගමික ස්ථාන සතු වස්තුව කොල්ල කෑමට කටයුතු කළේය. සීතාවක ආක‍්‍රමණ හමුවේ අසරණ තත්ත්වයට පත්ව සිටි පෘතුගීසීන් විටින් විට මුහුදු මාර්ගයෙන් වෙරළබඩ ගම් බිම්වලට ප‍්‍රහාර එල්ල කොට ඒවා කොල්ලකෑමට කටයුතු කළේය. තවද බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන රැසක් ද කොල්ල කෑ අතර කැලණිය, දෙවුන්දර හා මුන්නේශ්වරම් වැනි වැදගත් ආගමික ස්ථාන රැසක් විනාශ කරමින් කොල්ල කෑවේය. එමෙන්ම පෘතුගීසීන්ගේ පාලන සමයේ දී බෞද්ධාගමිකයන්ගේ ප‍්‍රධාන සතුරන් බවට කතෝලිකයන් පත් වූ බවට තොරතුරු හඳුනාගත හැකිය. මෙයින් පෘතුගීසීන්ගේ ආගමික ප‍්‍රතිපත්තියේ වූ අන්‍ය ආගම් නොයිවසීමේ ප‍්‍රතිපත්තිය පෙන්නුම් කරනු ලැබීය.

මෙසේ බෞද්ධ ආගම ඇතුළු දේශීය ආගම් විනාශ කිරීමේ ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් කතෝලික ආගමහි දියුණුව සඳහා කටයුතු කළේය. ඒ අනුව බෞද්ධාගමික ස්ථාන සතු වූ ගම් බිම් ආදිය රෝමානු කතෝලික ආගමහි දියුණුව සඳහා යෙදවා ඇත. ඒ අනුව 1578.07.01 දින දොන් ජුවන් ධර්මපාල රජු විසින් පහත ආඥාව නිකුත් කරමින් බෞද්ධාගමික ස්ථාන සතු වූ ගම්බිම් කතෝලික ආගමහි දියුණුවට පවරා දී ඇත.

එම ආඥාව දෙස ඉතා සියුම්ව අධ්‍යයනය කරන විට හඳුනාගත හැක්කේ එතෙක් බුදුදහමට කෝට්ටේ රාජ්‍ය තුළ හිමිවී තිබූ ස්ථානය කතෝලික ආගම වෙත යොමු වීම එම`ගින් සිදු වූ බවයි. මෙම තත්ත්වය මත පහතරට ප‍්‍රදේශයේ බුදු සමය සීඝ‍්‍ර පරිහාණියකට ලක් විය. සීතාවක බිඳ වැටීමත් සම`ග එම තත්ත්වය තව දුරටත් වර්ධනය විය. එමෙන්ම මෙම සමයේ සිටි ඇතැම් කතෝලික පියවරු විසින් මුහුදු බඩ ප‍්‍රදේශයේ සිටි බෞද්ධ භික්ෂූන්ව රහසේ වස දී මරණයට පත් කිරීම සිදුකළ බව මන්දාරම් පුවත නැමති දේශීය මූලාශ‍්‍ර ග‍්‍රන්ථය තුළ සඳහන් වේ. ඒ අනුව සදාචාරාත්මක නොවන ක‍්‍රියාවන් ද යොදා ගනිමින් සිය ආගම ප‍්‍රචාරය කිරීම සඳහා පෘතුගීසීන් විසින් කටයුතු කළ බව හඳුනාගත හැකිය.

මෙම පසුබිම මත සීතාවක බෞද්ධයන්ගේ රාජ්‍ය වශයෙන් බලවත්ව නැ`ගී ආ අතර දළදා වහන්සේ සීතාවකට හිමි වීම මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීමට හේතු විය. මායාදුන්නේ රජු බෞද්ධාගමට අනුග‍්‍රහය දැක් වූ අතර මෙම තත්වය සීතාවක බල වර්ධනයට හේතු විය.

මේ අතර කොළඹ කොටුවට කොටු වී සිටි ධර්මපාල රජු තමාට VIII වන බුවනෙකබාහු රජුගෙන් උරුම වූ කෝට්ටේ රාජ්‍ය 1583.11.04 වන දින තෑගි ඔප්පුවකින් 1580 දී පෘතුගාලයේ සිහසුනට පත් ස්පාඤ්ඤයේ II වන පිලිප් රජුට පවරා දීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව පෘතුගීසීන්ට පහතරට බලය තහවුරු කර ගැනීම සඳහා ධර්මපාල රජු කතෝලික ආගම වැළඳ ගැනීම ප‍්‍රබල වාසියක් විය.

1581 දී මායාදුන්නේ රජු මියගිය අතර I වන රාජසිංහ සීතාවක රජු බවට පත් විය. මෙසේ බලයට පත් වීමෙන් පසු 1587 දී විශාල සේනාවක් රැගෙන කොළඹ කොටුව වැටලා පෘතුගීසීන්ව දැඩි ලෙස දුර්වල කරනු ලැබීය. සීතාවක මායාදුන්නේගේ මරණය පිළිබඳව දේශීය මුලාශ‍්‍රවල සඳහන් වන්නේ I වන රාජසිංහ රජු විසින් ඔහුව මරණයට පත් කළ බවත් රාජසිංහ යනු පීතෘ ඝාතක රජෙකු හැටියට සඳහන් කොට තිබේ. නමුත් මෙම සිද්ධිය ඇතැම් ඉතිහාසඥයන් පිළිගැනීමට නොහැකි බව දක්වයි. I වන රාජසිංහ විසින් 1582 දී උඩරට රාජ්‍ය ආක‍්‍රමණය කර අතර එම අවස්ථාවේ දී එවකට උඩරට පාලක කරලියැද්දේ බණ්ඩාර සිය දියණිය වූ කුසුමාසන දේවිය හා බැණා වූ යමසිංහ බණ්ඩාර පෘතුගීසි භාරයට යැවිය. මෙම උඩරට ආක‍්‍රමණ අවස්ථාවේ දී වීරසුන්දර බණ්ඩාර රාජසිංහට විශාල උපකාරයක් කළ නමුත් ඔහුව ද ඝාතනය කළේය. ඔහු පුත් කොනප්පු බණ්ඩාර ද පෘතුගීසීන්ගේ පිහිට පැතීය. මෙම අවධියේ දී සීතාවක රාජ්‍ය තුළ අභ්‍යන්තර ගැටුම් ඇති විය. I වන රාජසිංහ රජු ශිව ආගම වැළඳගෙන බුදු සසුනට හිරිහැර කළේය. උඩරට රාජ්‍ය නැවත ස්වාධීන වීමට අවශ්‍යය පසුබිම සකස් විය. 1593 දී සීතාවක රාජසිංහ මියගොස් ඇත. එත් සම`ග සීතාවක රාජධානිය ද බිඳ වැටින. තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය පෘතුගීසීන්ට පැවරු ධර්මපාල රජු 1597 දී මියගිය අතර එයින් පසුව පහතරට මුහුදු බඩ ප‍්‍රදේශවල පාලන බලය ක‍්‍රමයෙන් තහවුරුකර ගැනීමට පෘතුගීසීන් සමත් විය. එත් සම`ග ස්වදේශීය සංස්කෘතියේ හා බුදු සමයේ ආරක්ෂක රාජ්‍යය වශයෙන් උඩරට රාජ්‍ය නැ`ගී එන ආකාරයක් හඳුනාගත හැකිය. මෙසේ සීතාවක බිඳ වැටීමෙන් පසු පෘතුගීසීන්ගේ ආගමික ප‍්‍රතිපත්තිය තව දුරටත් තිව‍්‍ර විය. ඒ අනුව 1521 සිට 1597 දක්වා වූ කාලයේ කෝට්ටේ රාජ්‍යයේ ව්‍යාකුල ස්වභාවය හමුවේ හැකි සෑම අවස්ථාවකම සිය ආගමික ප‍්‍රතිපත්තිය ඉටුකර ගැනීමට පෘතුගීසීන් උත්සහාගත් අතර 1597 පසු පහතරට ප‍්‍රදේශයේ ඔවුන්ගේ පාලන බලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ආගමික ප‍්‍රතිපත්තිය තව දුරටත් පුළුල්ව ඉදිරියට ගෙන යන ආකාරයක් හඳුනාගත හැකිය.

« Newer Posts - Older Posts »

Categories