Posted by: lrrp | November 17, 2016



Simon Corea was the younger brother of Dominicus Corea.  They were the sons of Jeronimo Corea the `Interpreter and Colombo Aratchi’ to the King of Kotte, Don Juan Dharmapala. Their mother was Anna Devi and they had a sister who married Belthazar Monis.

The brothers grew up in the precincts of the palace, by virtue of the position held by their father Jeronimo Corea, who was assassinated by Rajasinghe, the son of Mayadunna King of Sitawaka. The brothers Dominicus and Simon were sent to Colombo for their safety and grew up with the young prince Konnapu Bandara, who ruled the Kandyan Kingdom as King Wimaladharmasuriya-I.  They were both trained in sport and martial arts, especially as swordsmen.

On the death of his brother Dominicus Corea, Simon married his widow, who was at the time pregnant by Dominicus Corea and later gave birth to Lewis Corea. Lewis Corea was later the Disawe of Uva. This is confirmed by Queroz (page 611) who states, `He sent Simon Corea with his nephew Don Lewis’. Simon Corea later married Boyaganne Kumarihamy and Mademoiselle Braganza. Dona Braganza lived in Kotahena in Colombo in a house that is today the ‘Leather Factory’, on the banks of the Kelani River and no doubt her descendants reside in Kotahena.

De Barros and De Couto wrote (Journal R.A.S. Vol. XX No. 60 of 1908, page 417) that `This Simon Corea had taken the title of King of Seitavaca, to whom the tyrant gave a fair sized army of picked troops and of the most practiced modeliares of his kingdom and among these there would be a thousand fire-locks; and he commanded the King of Uva to get ready with the rest of his forces to go in his rear and support him’.

The Rajavaliya states that after the death of Dominicus Corea his brother Simon Corea was captured by King Dharmapala and banished to Goa where he was sentenced to death and spared execution when a Portuguese maiden offered to marry him and that he later returned to Ceylon. The Rajavaliya records that under pressure by the armies of King Wimaladharmasuriya, Dharmapala King of Kotte sent for Simon Corea and embracing and kissing him said, `My brother fight with these enemies and save my honour’. It is further recorded that Simon Corea captured the warrior Kannangara and put Kuruppu Mudali to flight causing Wimaladharmasuriya to retreat to the hill country leaving the lowlands in the hands of the Portuguese and that Simon Corea lead seven campaigns into the hill country and finally died of an `inflammatory disorder’.

Paul Peiris in contradiction writes that the King recommended that the Sinhala Vidanes should be replaced by Portuguese and that Corea (Simao) himself, who had always been a suspect, be deported. It was however pointed out to him that such a policy would create a degree of dissatisfaction among the more influential natives, which might prove a serious menace to the peace of the country. (Ceylon and the Portuguese 1505-1658, Peiris). Simon Corea was however sent to the Inquisition in Goa, from which he returned. (Queroz –page 532). Further detail on the subject is given in Ferguson’s `History of Ceylon from the earliest times to 1600 AD’, Joao de Barros – Diogo De’Couto 1908, No-60, P.407, from 1777-1778 Standard Editions, Journal R.A.S. Ceylon Vol XX Page 417 Doc Rem ii 134, 309 iii 200, Ribeiro’s Ceilao 1909 P.191 from Lisbon ed. 1836, original 1685.

According to Phillip Baldaeus however (Chapter Six – page 30), after his brother’s death Simon Corea was received by the Portuguese with great honour and becoming courtesy’, giving him the government of a country and a Portuguese lady in marriage. But as soon as she was found to be pregnant by him, she was safely kept by them in Colombo. According to Baldaeus, Simon Corea instead of avenging his brother’s death seemingly took up arms against the Emperor and the realm of Candy whilst he was secretly informing Don Juan to be on the lookout.

Simon Corea accompanied his brother Dominicus Corea throughout his campaigns and was a seasoned fighter and veteran campaigner in his own right. He succeeded his brother Dominicus as King of the Sat Korale, Kotte and Sitawaka, till his demise in 1615. Simon Corea’s death in battle, at Vellevayar (Wellawaya) is documented by Queroz in P.778 of `Conquest of Ceylon’.

Dominicus Corea was the first Disawe of the Sat Korale during the Portuguese era and according to De Queyroz: “The city of Kurunegala which within the short period of his kingship, Domingos Corea had built like a robber among rugged and inaccessible mountains. Domingos Corea according to folklore was, fond of bathing at a spout behind the Government Agent’s Residence at the base of `Ibbagala’ or ‘Tortoise Rock’, so called because of its shape. On his death in 1596, his brother Simao Corea succeeded him as the Disave of Sat Korale and is said to have built the Kurunegala lake. Construction it said could not be completed as the bund kept giving way and soothsayers advocated a human sacrifice to which the ruler would not permit. Simao Corea’s son by a lady from Boyaganne, reportedly, sat in the breach and was covered, in oil-cakes and milk-rice, offering himself as a human sacrifice. The bund thereafter never gave way.

Sir Paul Peiris in his notes on the `Portuguese Era’, wrote that the village next to Boyagane was occupied by those of the Saliya caste, the descendants of Simao Corea’s palanquin bearers. The residence of Simao Corea who ruled from 1596 to 1621 was at Mettiyagane, where his fort, is still identified as ‘Kotuwewatte’ and the pond he bathed in, as ‘Rajapokuna’. Adjoining this pond is a little Roman Catholic church Simao Corea built. He endowed this place of worship with a plot of land, sufficient in area to plant 200 coconut trees, as this was the manner in which land extents were measured at the time. The annual festival at this church is attended by Colombo Chetties from Pettah, who own much of the surrounding land. Mr. Hunukumbure who lived in Getuwana Road, possesses a `Silver Sannasa’, which is a grant of land to the Hunukumbure family gifted by Simao Corea to an ancestor, who was a tutor to Simao Corea’s children by the lady from Boyagane.

The Sat Korale flag which is today to be seen in the Kubaldiwela Temple in Kegalle is said to be that of Simao Corea. It is not confirmed that this was the same flag that belonged to his brother Domingo Corea.  This flag was captured by the man who killed Simao Corea at the battle of Wellawaya, when he died alongside Constantine de Saa. The descendants of this man bear the family name of, ‘Simon Corea Meru Mudiyanselage’ or ‘The Mudaliyar who killed Simon Corea’. Robert Knox in his book, A Historical Relation of Ceylon’ refers to a Simon Caree said to be a great Sinhala General, but of a cruel mind. According to Sir Paul Peiris, he was known as Kusal Nethi Deiya’, or the ‘King without mercy’ and is today considered a deity, with a Devale (Temple) built in his memory at Kataragama, where devotees make offerings to appease and obtain his blessings.

පසුගිය සතියේ අපි සාකච්ඡා කළේ යාපනයේ නැගෙනහිර වෙරළේ සහ බටහිර වෙරළේ ඉතා විශාල ප්‍රදේශයක විහිද ගිය දැවැන්ත වැලි කඳු නිර්මාණය වී ඇති ආකාරයත් මේ වැලි කඳු පද්ධතිය, කලපු පද්ධතිය හා උස්‌ පහත් වෙමින් පැතිරී ගිය පිපිරුණු හුණුගල් තට්‌ටුව යාකරමින් කාලය විසින් නිර්මාණය කළ යාපන අර්ධද්වීපය තුළ අදින් වසර 3000 ක පමණ පෙර ඇතිවූවා යෑයි විශ්වාස කෙරෙන යාපනයේ ජනාවාස ඇතිවීම පිළිබඳවත්ය.

විජය කුමාරයා ලංකාවට පැමිණෙන විටත් යාපනයේ දියුණු ශිෂ්ටාචාරයක්‌ පැවතුණු බවට සාක්‌ෂි තිබෙනවා. දකුණේ වැවයි දාගැබයි කුඹුරු යායයි වගේ යාපනයේ ශිෂ්ටාචාරය කියන්නේ කෝවිලයි ගොවිබිමයි වනලැහැබයි කලපුවයි එකතු වුණු එකක්‌. ඒ ශිෂ්ටාචාරය තුළත් විවිධ කුලවලට අයත් ජන කොටස්‌ ජීවත් වුණා. මිනිසා සහ භෞතික පරිසරය අතර සම්බන්ධතාවය දෙස බලන විට යාපනයේ පැවතුණේ දුෂ්කර පරිසරයක්‌.

යාපනයේ දක්‌නට ඇති භූ දර්ශනය තුළ අදත් ඉතාමත් සුන්දර දසුනක්‌ වන්නේ එහි වෙරළ තීරයයි. යාපනය වෙරළ කිලෝමීටර 1-2 තරම ප්‍රමාණයකට විහිද ඇත්තේ නොගැඹුරු මුහුදයි. වර්ෂා සමයන්හිදී ගොඩබිමින් සෝදාගෙන එන ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් පිරී ඇති කලපුවල ඉස්‌සන් සහ නොයෙක්‌ මාළු වර්ග යහමින් දක්‌නට තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු, සත්ත්ව පාලන කටයුතු සහ භූමිය සාරවත් කිරීමේ කටයුතු වැඩිවන්නට වැඩිවන්නට කලපු ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියත් වර්ධනය වීමට පටන් ගෙන තිබෙනවා. මේ නිසා යාපනයේ සාරවත් භූමි ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට සාපේක්‌ෂව යාපනයේ කලපු හා වෙරළ තීරය ආශ්‍රිතව දියුණු ධීවර කර්මාන්තයක්‌ ආරම්භ වුණා. යාපනයේ ධීවර කර්මාන්තය සිදුකරන වෙනම ජන කොට්‌ඨායක්‌ – කුලයක්‌ – බිහිවුණා. පෘතුගීසි සහ ලන්දේසි සමයේ මෙම පාරම්පරික ධීවර ජනතාවට මාළු ඇල්ලීමේ ක්‍රමවේද පිළිබඳ කිසියම් පුහුණුවක්‌ ලබාදී ඇති බවටත් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. එබැවින් යාපනේ ධීවර කර්මාන්තය විශාල පිරිසකගේ ජීවන ක්‍රමයක්‌ බවට පත්වුණා. මේ නිසා යාපනයේ භෞතික පරිසරය හා එහි සීමා තියුණු දැනුමක්‌ සහිතව ජයග්‍රහණය කිරීම ඔවුන්ට හැකිවුණා.

තල් ගසේ වර්ධනයට අවශ්‍ය වැලි සහිත භූමියක්‌ යාපනය අර්ධද්වීපය පුරාම පාහේ පැතිරී තිබීම නිසා තල් ගස යාපනයේ ස්‌වාභාවිකව වැඩෙන ප්‍රධාන ශාකයක්‌ බවට පත්වුණා. වැලි සහිත බිම, වතුර නොරැඳෙන ස්‌වභාවය, වේගවත් සුළං ධාරා සහිත පරිසරයේ තල් ගස ඉතා සාර්ථකව වැඩුණා. තල් ගස ඇසුරෙන් නිෂ්පාදන ගණනාවක්‌ සිදුකිරීමට ඔවුන් සමත් වී තිබෙනවා. නිවාස ඉදිකිරීමට අවශ්‍ය දැව ඔවුන් ලබාගත්තෙ තල් ගසෙන්. හකුරු නිෂ්පාදනය, පැදුරු, පැළලි ආදී නොයෙක්‌ වියමන් හා ඊට අනුරූප වුණු ඉතාමත් අලංකාර ගෘහ කර්මාන්ත ක්‍රම පද්ධතියක්‌ තල් ගස ආශ්‍රයෙන් ඔවුන් ආරම්භ කළා.

යාපනයේ ඉතිහාසය සැබෑ ලෙස නිර්වචනය කළොත් දකුණු ඉන්දියාවෙන් පැමිණි එළාරගේ ජනතාව සමග දකුණේ ජනතාව යුද්ධ කළත් දකුණේ ජනතාව හා උතුරේ ජනතාව අතර කිසිදිනක යුද්ධයක්‌ තිබුණෙ නෑ. මේ ගැටුම පටන්ගත්තේ 1956 න් පසුවයි. චෝල පාණ්‌ඩ ජන කොටස්‌ සමග යුද්ධ කළත් උතුරේ ජනතාව සමග යුද්ධ කළේ නෑ. අද බොහෝ දෙනෙක්‌ යාපනය බලන්න යන්නෙ අතීත යාපන ජනතාව පරිසරය ජයගත් හැටි, පරිසරය සමග අනුගත වෙමින් ඊට අනුරූපව තම ජීවන පැවැත්ම ගොඩනගාගත් හැටි නෙමෙයි. යාපනයේ හැම ගමකම තිබෙන කෝවිල් යාපනය නරඹන්නට යන කිසිවෙකුට අමතක කරන්න බෑ. මේ කෝවිල් පද්ධතිය දකුණේ ජනතාවට දෙන පණිවිඩය කුමක්‌ද? යාපනයේ භෞතික පරිසරය සහ සංස්‌කෘතික පරිසරයේ අලංකාරය මූර්තිමත් කරන්නේ කෝවිලයි. මේ කිසිදෙයක්‌ අද යාපනය නරඹන්නට යන්නන්ගේ අවධානයට ලක්‌වෙන්නේ නෑ. මේ කෝවිල් බිම්වල අදත් දක්‌නට තිබෙන මුහුදු බෙල්ලන්ගේ ලකුණු සහිත ගල් කැබලි, අනාදිමත් කාලයක සිට ස්‌ඵටිකකරණයට ලක්‌වෙමින් පැවතුනු ආකාරය, වියළි කලාපයට ගැලපෙන ආකාරයට යාපනයේ ජනතාව තම ජීවන ක්‍රමය සකස්‌ කර ගෙන තිබෙන සැටි, ඉතාමත් ක්‍රමවත්ව සිදුකරන යාපනයේ සත්ව පාලනය, යාපනයේ භෞතික පරිසරයට අනුව යොදා ගෙන ඇති සූක්‌ෂ්ම කෘෂිකාර්මික ක්‍රමවේදයක්‌ තුළින් හුණුගල් සහිත මේ බිම මිදි, නොයෙක්‌ අල වර්ග, නොයෙක්‌ එළවළු වර්ග ඉතාමත් සාරවත්ව වගාකළ හැකි ආකාරයට ඔවුන් නිර්මාණය කරගෙන ඇති ආකාරය ආදිය ගැන දකුණෙන් උතුර නරඹන්නට යන අයගේ අවධානය යොමුවන්නේ ඉතාමත් අඩුවෙන්. මේවා ගැන අවධානය යොමු නොකර යාපනයේ සුන්දරත්වය විඳගන්න බෑ.

ශ්‍රී ලංකාවේ භූගෝලාලංකාරය පිළිබඳ
පාරිසරික පුරාවිද්‍යාඥ මහාචාර්ය
සෙනෙවි එපිටවත්තයන්ගේ විග්‍රහය

වධ 32ක්‌  අඩංගු තල්පතක්‌
රජු ගැන පරංගි කී අමූලික බොරු
රජු ඉතා දක්‌ෂ සටන්කරුවෙකි. එතුමා හංවැල්ල දක්‌වා සතුරන් හඹා ආවේය. ඉතා දක්‌ෂ සටන්කරුවකු වූ පළවෙනි විමලධර්මසූරිය රජු පවා නුවරින් පිට ගොස්‌ සටන් කළේ නැත. කොළඹ දක්‌වා යාමට තිබූ අවස්‌ථාව ලෙව්කේ දිසාවගේ ප්‍රමාද දෝෂයකින් නැති වී ගියේය. රජු ලෙව්කේගේ හිස ගසා දැම්මේය. රජුගේ කෲරකම පෙන්වීමට බොහෝ දෙනා මෙයද උපයෝගී කර ගන්නට හදන මුත් ඇත්තටම මෙයයි හමුදා නීතිය. මතකද මෑත කාලයේත් හමුදා භටයින් අතර තිබූ කතාව?

”ඉස්‌සරහට ගියොත් ජොනී, පස්‌සට ගියොත් ෙµdනී”

සිංහලේ රාජ්‍යය අපටනැති වී ගියේ ඇයි? පැහැදිලි හේතුව සිංහල රදලයන්ගේ බල අරගලයයි. පිළිමතලාවේ විසින්ම ප්‍රයෝගකාරී ලෙස කිසිසේත්ම සිංහාසනයට උරුමකම් නොකිව් තම්පලා කන්නසාමි කුමරු බලයට පත් කරන ලදී. (මොහු අග බිසවගේ නංගීගේ පුතාය. ජීවන වෘත්තිය ලෙස තම්පලා වැව් බව කියෑවේ.) ඒ ඇත්ගොව්වන්ට අල්ලස්‌ දී ම`ගුල් ඇතා ව කුමරු ඉදිරියේ දණ ගැස්‌සුවාය. ඊළ`ගට ඔහු රාජ්‍යයට උරුමකම් කියූ මුත්තුසාමි කුමරු හා තවත් අය ද පිටුවහල් කොට, හිටපු රජුගේ බිසෝවරුන් සිරගත කොට, ඔවුනට උදව් කළ ඇරැව්වාවල හා දන්ගමුවේ දිසාවේවරුන් මරා දැම්මේය.

සිංහලය ගැන සැබෑ කැක්‌කුමක්‌ තිබුණා නම් නියම සිංහල රජකුගේ යකඩ දෝලියකගේ පුතෙකුවත් රජ කරවන්නට තිබුණි. අඩුම වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝලියගේ (සිංහල) පුතා වන මාම්පිටිය කුමරුන් හෝ රජ කරවන්නට තිබුණි. (පසු කාලයක ඇහැළේපොල අදිකාරම් මොහු සමග ලිපි ගණුදෙනු කරන කල්හි රජු ඔහුව මරා දැමූ බව පැවසේ. එහෙත් මෙහිදීද රජු ඇහැළේපොලට ද`ඩුවමක්‌ දී නැත). පිළිමතලාවට උවමනා වූයේ දොන් ජුවන් ධර්මපාල වැනි රූකඩයෙකි. අවාසනාවකට මෙන් තරුණ කන්නසාමි කුමරු එසේ නොවන වග රාජසිංහ රජ වශයෙන් රජ වූ පසු පෙන්නුම් කළේය.

පිළිමතලාවගේ දියණිය අග බිසව කර නොගෙන අනියම් බිරියක්‌ හැටියට තබා ගත් රජු -‘ගම්පොල දෙයියෝ’ නමින් ප්‍රකටව සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඤාති සොහොයුරෙකුගේ දියණියන් දෙදෙනා විවාහ කර ගත්තේය. (සමහර විට රජුටද, පිළිමතලාවට වඩා රාජ්‍යයට උරුම කියන්නකු හා සම්බන්ධ වීමට අවශ්‍ය වන්නට ඇත.) එතැන් සිට පිළිමතලාවේ පිඹුරුපත් ඇද්දේ රජු මරා රජවීමටය.

එදා අපේ රටට මිතුරු වෙසින් ආ ඉංග්‍රීසීන්ටද උවමනා වූයේ කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමටය. ඒ සඳහා ජනතාව රජුගෙන් ඈත් කළ යුතුව තිබුණි. (ඇත්තටම ඇහැළේපොල මෙහෙය වූ කැරැල්ලට සහය පතා එක්‌නැලිගොඩ, ඩොයිලි හමු වූ විට, ඔහු නිළමෙට පැහැදිලිව තේරුම් කළේ රජුට විරුද්ධව ආධාර දීමට තරම් ප්‍රබල හේතුවක්‌ ඉංග්‍රීසීන්ට නැති බවත්, ජනතාව තවමත් සිටින්නේ රජු සමග නිසා ඔවුනට දිය හැක්‌කේ යුද අවි පමණක්‌ බවත්ය.)

පිළිමතලාවගෙන් පසු ඇහැළේපොලට ද ඕනෑ වූයේ කන්ද උඩරට රජවීමටයි. ඔහුටද ප්‍රශ්නයක්‌ වූයේ ජනතාව සිටියේ රජු සමග වීමය. එයට හේතු වූයේ එවකට සිටි රදලයන් ඉතා කෲර ලෙස ජනතාව තළා පෙළා දැමීමය. මෙවැනි බොහෝ අවස්‌ථාවල අසාධාරණයට ලක්‌ වූ වැසියන් වෙනුවෙන් රජු සාධාරණය ඉෂ්ට කළේය.

නිදසුන් වශයෙන් ගතහොත් වරක්‌ ඇහැළේපොල රත්නපුරේ බටුගෙදර තානායමේ සිටින විට බස්‌නායක නිළමේ කෙනෙක්‌ දෝලාවෙන් පැමිණියේය. අදිකාරම කෝප වී දෝලාව කඩා බිඳ දමා, ඔහුට පහර දී, ඔහුගේ දේපළද රාජ සන්තක කරන ලදී. තව අවස්‌ථාවක කෝරාළවරුන් දෙදෙනකුට පිහියෙන් ඇන මරා දමන ලදී. ඤාතීන් විසින් රජුට මෙය සැළ කරනු ලදුව වහාම ඇහැළේපොලට තමා හමුවට එන ලෙසටත්, එසේ එද්දී දෝලාවෙන් නොපැමිණිය යුතු බවත්, තූර්ය වාදන රහිතව පැමිණිය යුතු බවත් දැන්වීය. මෙය සිදුවන විට පිළිමතලාවේ ජීවතුන් අතර සිටි නිසා ඔහු විසින් එය සමථයකට පත් කරන ලදී.

තවත් වරක ඇලපාත මුදලි මිය ගිය විට, ඇහැළේපොල ඔහුගේ සියලු ධනය රාජ සන්තක කළේය. ප්‍රාණ බියෙන් එම කුමාරිහාමි හා දූවරුන් පලා ගිය බව පැවසේ. (ඇලපාත මුදලිගේ දුවක්‌ කවදා හෝ ඇහැළේපොලගේ පුතෙකුට කර කාර බැඳ දීමට එකඟ වී සිටියේය) මේ අවස්‌ථාවේදීද රජු වහාම පණිවිඩ එවූ විට ඇහැළේපොල එම දේපළ නැවත ඔවුනට බාර දුන්නේය.

රජු තම නෑයින්ගේ පැත්ත ගත්තා කීවද, රාජ සභාවේ ඔවුනට දුන් තනතුරක්‌ ගැන සඳහන් නොවේ. කිසිම අදිකාරම් ධුරයක්‌ හෝ නිළමේ තනතුරක්‌ දුන් බවට සන්නසක්‌ හෝ ලැබී නැත. එහෙත් ඔවුන් වෙළෙඳ අධිකාරයක්‌ පවත්වාගෙන ගිය බවක්‌ පෙනේ. මලබාර් වීදිය එයට සාක්‌ෂියකි.

දහඅට හැවිරිදි රජුට ලැබුණේ අහසින් කඩා වැටුණු රජකමකි. ඒ නිසා රටේ නීතිය එතුමා නොදැන සිටියේය. එහෙත් පිළිමතලාවේලා, ඇහැළේපොලලා වැනි අය රාජ සභාවට ආවේ අහඹු ලෙස නොවේ. ඔවුන්ගේ පරම්පරාවල් රජුන්ට සේවය කිරීමට පැමිණියේ 2 වන රාජසිංහ රජුගේ කාලයේ පටන්ය. ඒ නිසා ඔවුන් සිංහලේ නීතිය හොඳාකාරවම දැන සිටියේය.

සිංහලේ ඇති වධ 32 ක අඩංගු තල්පත රජුට ගෙනත් දුන්නේ ද පුස්‌සැල්ලේ ගබඩා නිළමේමයි. ඔහු පසුව පිළිමතලාවේ සමග එක්‌වී රජු මැරීමට කුමන්ත්‍රණය කළද, ඔහුටත් පිළිමතලාවගේ පුතුටත් රජු සමාව දුණි. පසු කාලයක වෙනත් වරදකට එම නිළමේව වධ 32 න් 1 ක්‌ වන උල තබා මරණයට පත් කරන විට ඔහු කෑගැසූ හ`ඩ මල්වත්ත පන්සලටද ඇසුණු බව පැවසේ. (මෙය සිදු වූයේ ඇහැළේපොල කුමාරිහාමිගේ ඝාතනයෙන් පසුවයි)

නෝර්ත් ආණ්‌ඩුකාරයා උත්සාහ කළේ කන්ද උඩරට රාජ්‍යය මැද්දෙන් කොළඹ සිට ත්‍රිකුණාමලයට යනතෙක්‌ පාරක්‌ කැප්පවීමටය. එහි කිසිම තහංචියක්‌ නැතිව ඉංග්‍රීසීන්ට යා හැකිවිය යුතු බවත් ඔහු කීවේය. එසේම සත් කෝරළය ලබා ගැනීමටත් ඔහුගේ අදහස විය. රජු මේවා කෙලින්ම ප්‍රතික්‌ෂේප කළ නමුදු පිළිමතලාවේ මැක්‌ඩොවල්ට පැවසුවේ රජු විරුද්ධ වුවද තමා එයට කැමති බව ය. (විජාතිකයකු වුවද රජු මේ වෙලාවේ ක්‍රියා කළේ නියම හෙළයකු බඳු ව ය.)

ඉංග්‍රීසීන් හා රජුව බිඳෙව්වේද පළමුවෙන්ම පිළිමතලාවේයි. (ඉංග්‍රීසීන් රජු හා සැදී පැහැදී සිටින්නට බලපොරොත්තු වූවායි මෙයින් අදහස්‌ නොකෙරේ) පිළිමතලාවේ උඩරටට වෙළදාමේ ආ මරක්‌කලුන්ට දස වධ දී පුවක්‌ද රාජ සන්තක කළේය. ඒ මිනිසුන් ඔත්තුකරුවන් නොවන බව දැන දැනම අත් අඩංගුවට ගෙන රජුවත් නොමග ඇරිය බව පෙනේ. පුවක්‌ ටිකත් පිළිමතලාවගේම මිනිසුන් රුවන්වැල්ලේදී විකුණාගත්තේය. මෙයින් උරණ වූ නෝර්ත් ආණ්‌ඩුකාරයා, සෙන්පති මැක්‌ඩොවල් හා කර්නල් බාබුට්‌ යටතේ හමුදා කණ්‌ඩායමක්‌ 1803 දී උඩරටට එව්වේය. ඉංග්‍රීසීන්ගේ 58 වෙනි සේනාංකය වන මෙය ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්‌ව ද පරාජය කෙරූ ඒකකයයි. එහෙත් එම හමුදාව උඩරටදී කොටු වී දරුණු පරාජයකට පත්වන්නට යන බව තේරුම් ගිය නෝර්ත්, මැක්‌ඩොවෙල්ගේ භට කණ්‌ඩායම පමණක්‌ නැවත කැඳවා තිබුණි. පිළිමතලාවගේ උදව්වෙන් ඔවුහු යහතින් ගියද, අනික්‌ කණ්‌ඩායමෙන් ජීවිතය රැකුණේ කෝප්‍රල් බාන්ස්‌ලීගේ පමණය. මෙම සටනින් ඉංග්‍රීසි හේවායන් 592 ක්‌ මිය ගිය බව පැවසේ.

රජු ඉතා දක්‌ෂ සටන්කරුවෙකි. එතුමා හංවැල්ල දක්‌වා සතුරන් හඹා ආවේය. ඉතා දක්‌ෂ සටන්කරුවකු වූ පළවෙනි විමලධර්මසූරිය රජු පවා නුවරින් පිට ගොස්‌ සටන් කළේ නැත. කොළඹ දක්‌වා යාමට තිබූ අවස්‌ථාව ලෙව්කේ දිසාවගේ ප්‍රමාද දෝෂයකින් නැති වී ගියේය. රජු ලෙව්කේගේ හිස ගසා දැම්මේය. රජුගේ කෲරකම පෙන්වීමට බොහෝ දෙනා මෙයද උපයෝගී කර ගන්නට හදන මුත් ඇත්තටම මෙයයි හමුදා නීතිය. මතකද මෑත කාලයේත් හමුදා භටයින් අතර තිබූ කතාව? ”ඉස්‌සරහට ගියොත් ජොනී, පස්‌සට ගියොත් ෙµdනී” (නැවත වරක්‌ දුන් උපදේශයක්‌ වරදවා තේරුම් ගෙන මඩකලපුව භාර කපිතාන් ජොන්ස්‌ටන් 1804 සැප් 20 දා උඩරට ආක්‍රමණය කළේය. ඔහුගේ පිරිසද සෑහෙන්නට විනාශ විය. ඔහුටද හමුදා අධිකරණය මගින් චෝදනා එල්ල කළ බව පැවසේ.)

මේ ලෙව්කේ දිසාව මීගස්‌තැන්නේ දිසාවගේ බෑනණුවන් කෙනෙකි. පසුව මීගස්‌තැන්නේ රජු හමුව ”වාසලට පමණක්‌ නොව අපටද කඩු තිබේ” යයි පැවසුවද රජු ඔහුට අනතුරක්‌ නොකිරීමෙන්ම රජු ඔය කියනා තරම් කුරිරු අයකු නොවන බව පැහැදිලිය. එපමණක්‌ නොව පසු කාලයක මීගස්‌තැන්නේ මරණාසන්නව සිටින බව දැනගත් රජතුමා ඔහුව හමුවීමට ගොස්‌ සියතින්ම ඔසු පැන් බඳුනක්‌ පෙව් බව කියෑවේ. දිසාවේ එවෙලෙහි ”ඇහැළේපොල කටුවාගෙන් ප්‍රවේශම් වෙන්න” යෑයි රජුට අවවාද කළ බවද පැවසේ.

ඇත්තටම මෙම රජතුමා බුද්ධාගම වෙනුවෙන් විශාල සේවයක්‌ කළේය. දළදා මාළිගයට පත්තිරිප්පුවක්‌ සාදා දුන්නේය. මාළිගයට අසීමිත ලෙස නින්දගම්ද පවරා ඇත. අස්‌ගිරියේ අලුත් විහාර සෙල්ලිපියට අනුව 1801 දී එතුමා එම විහාරයට තම බිසෝවරුන් සමග පැමිණ සතුටින් මේ පිංකම්වලට සහභාගි වී ඇත. එසේම ‘ඉංග්‍රීසි හටනට’ අනුව 1798 දී රජතුමා කටුගස්‌තොට, රණවාන, ශ්‍රී බෝධිමලු විහාරයටද පැමිණ ඇත. හැම දිනයේම උදෑසන දළදා තේවාවට තම බිසෝවරුන් සමග සහභාගි වී ඇත. රජු මහානායක හිමිවරුන්ගේ අවවාද පිළිගත් බව ප්‍රකට වන අවස්‌ථාවක්‌ නම් 1805-1811 දක්‌වා මෙහි සිටි මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරයාගේ කාලයේදී මල්වතු නා හිමියන්ගේ මාර්ගයෙන් රජුට කියා ආණ්‌ඩුකාරයා ඉංග්‍රීසි සෙබළුන් 300 ක්‌ පමණ මුදා ගත් බව පැවසෙන පුවතයි. එසේම රජු බුද්ධාගමට මේ කරන සේවය දුටු අදිකාරම්වරුන් ආදී නිලධාරීන් තම ගම් පෙදෙස්‌වල ඇති විහාරාරාම වැඩි දියුණු කරන ලද්දේ රජුගේ නාමයෙනි. මෙසේ ආරාම කොට රජු කැඳවා පිංකම් කළ බව ද පැවසේ.

මේ නයින් බලන කළ ඇත්තටම පිළිමතලාවට සාධාරණ හේතුවක්‌ තිබුණිද රජු මරා දැමීමට? පැහැදිලි හේතුවක්‌ දක්‌නට නැත. එහෙත් ඔහු අවස්‌ථා කීපයකදී එසේ උත්සාහ කළ බව පැවසේ. අවසානයේ රජුගේ ආරක්‌ෂාවට සිටි මැලේ ජාතිකයන් 60 දෙනකු යොදා රජුව නිදි යහනෙම මරා දමන්නට වෑයම් කළ ද අසාර්ථක වුණේ රජු නිතර නිතර තම නිදන තැන් මාරු කරන නිසාය. එවර රජු ඔහුගේත් තවත් නිළමෙලා කීප දෙනෙකුගේත් හිස ගසා දමන ලදී. මෙම රාජ නීතියේ වරදක්‌ ඇත්ද? (වෙල්ලෝරය බලා නැවෙන් යද්දී රජු තමා භාරව සිටි විලියම් ග්‍රැන්විල්ට පැවසුවේ දැන් තමයි තමන් නිදහසේ නිදා ගන්නේ කියාය.)

වරක්‌ රත්වත්තේ නිළමේ රජු ඉදිරියේ සිරිය ඇද්දේය. වහාම ඔහුගේ හිස ගසා දැමීමට රජු අණ කළේය. (රත්වත්තේ නිළමේ පිළිමතලාව සමග හිස්‌ ගැසුම් කෑ නිසා මේ ඔහුගේ සහෝදරයකු විය හැක) ඇත්තෙන්ම සමහරුන් පවසන්නේ ඔහු පුවක්‌ ගෙඩියක්‌ කැපීමට සිරිය ඇද්ද බවයි. රජු ඉදිරියේ නිළමේලා පුවක්‌ කප කපා දොඩමලු වේ යයි ඔබ සිතන්නේද? සිරිය ඇද්දේ ඇත්තටම පුවක්‌ ගෙඩියක්‌ කපා ගැනීමටමයි අපි මොහොතකට සිතමු. එහෙත් රජු සැක උපදවා ගැනීම අසාධාරණ යයි අපට නිගමනය කළ හැක්‌කේ කුමන පදනමකින්ද? මේ සියලු කතා රජුට විරුද්ධව ගොණු කරන්නේ එතුමා කෲර රජකු යයි ජනතාවට ඒත්තු ගැන්වීමටය.

එසේම පසු කාලයක මංමාවත් සාදා නුවර අලංකාරය සඳහා කිරි සයුර නිර්මාණය කරවන ලදී. මේ රාජකාරී වැඩවලට යොදා ගත්තේ වැඩි වශයෙන්ම සත් කොරළයේ වැසියන් බව ද කියෑවේ. ඔවුන් ඇහැළේපොළගේ කෝරළයේ මිනිසුන්ය. ඒ නිසා බොහෝ දුරට මෙය ඇහැළේපොලගේ උවමනාවටම යෙදෙව්වාත් විය හැකිය. ඔවුන්ව අනිසි අන්දමේ රාජකාරීවල යොදවා ඔවුනගේ සිත් ප්‍රකෝප කළේ ඇහැළේපොලගේම නියමයකින් විය හැක. එවිට අදිකාරම ජනතාවගේ පැත්ත ගත් විට ඔවුනගේ එකම ගැලවුම්කරු තමා යයි ජනතාවට හැඟීමක්‌ දීමටත් විය හැකිය.

ඇහැළේපොල පිළිමතලාවගේ ළගම ඤාතියෙකි. හිස්‌ වූ මහා අධිකාරම් තනතුර ලැබුණේ ඔහුටය. එහෙත් මෙම කුමන්ත්‍රණයට ඇහැළේපොලත් සම්බන්ධ යයි රජු සැක කෙරුවේලු. මෙයත් පිළිගත නොහැක. ඔය තරම්ම මහා අධිකාරම් තනතුරට වෙනත් සුදුස්‌සෙකු සිටියේම නැද්ද? කැප්පෙටිපොල නිළමේවරුන් යනාදිය?

ඇහැළේපොලටත් තිබුණේ බල ලෝභයයි. ඒ අතර ඩොයිලි පුස්‌සැල්ලේ ගබඩා නිළමේ ලවා රජුට මත්පැන් පොවන්නට විය. රජු කෲර වූයේ එතුමාට සිදුවුණු ගැහැට නිසාය. ග්‍රැන්විල්ට අනුව රජුට නිසගයෙන්ම කෲර ගති පිහිටා නොතිබුණි. ප්‍රියමනාප පෙනුමකින් යුක්‌තය. නිලධාරීන්ගේ වැරදි මග පෙන්වීමට එතුමාට ඒ ගති ලැබුණු බවයි ඔහුගේ අදහස. (ඇත්තටම රජුට බීම නිසා වියරු වැටුණු මනසක්‌ තිබිය නොහැක. ඔහු බොන්නට ගත්තේ 1805 වැනි කාලයකදී විය යුතුය. 1814 දී කුමාරිහාමි ඝාතනය විය. අවුරුදු 6 ක්‌ 7 ක්‌ වැනි සුළු කාලයකදී කෙනෙක්‌ බීමත්කම නිසා ඔතරම් වියරු වැටෙන්නේ නැත.) උඩරටට පැමිණි මරක්‌කල වෙළදුන්ටත්, ඇහැළේපොල පවුලටත් තමන් සිංහලේ නීතියෙන් බැහැරව ද`ඩුවම් නුදුන් බව එතුමා පවසා ඇත. එසේම උඩරට ආක්‍රමණය කළ මේජර් ඩේව්, හම්ප්‍රි හා කපිතාන් රම්ලිව අත්තනෝමතිකව ක්‍රියා කරන තම අදිකාරම්වරුන්ගෙන් බේරාගත් බවත් කපිතාන්වරයාට වගා කර ගැනීමට ඉඩමකුත් දුන් බවත් පවසා තිබේ. (සියලු විස්‌තර ඇතුළත් ග්‍රැන්විල්ගේ දිනපොත කොළඹ වැස්‌ලියන් මුද්‍රණාලයෙන් මුද්‍රණය කොට ඇත)

මෙහිදී රජුගේ කෲර ගති ඉස්‌මතු කිරීමට ඇතමුන් උත්සාහ කළද පරංගි දවස 2 වන රාජසිංහ රජුද මෙවැනිම ද`ඩුවම් ක්‍රියාත්මක කර ඇත. කැම්බල්ට (1843) අනුවත් රජුට කෲර ගති තිබුණා යයි ඔප්පු කිරීමට විශාල උත්සාහයක්‌ ගෙන ඇත.

දේව සංහිදය තුළ නඩු ඇසුවා නම් විය හැක. එහෙත් එතැනි වධකාගාරයක්‌ වීමට නම් කොහෙත්ම ඉඩක්‌ නැත. රජු උත්පත්තියෙන්ම විෂ්ණු කුලයට අයත් හින්දු භක්‌තිකයෙකි. ඉංග්‍රීසීන් රට භාර ගත් පසුත් එහි ගවයකු මැරී සිටීම නිසා දේවාල භූමිය වසා දැමූ බව පැවසේ. සමහරුන් පවසන්නේ රජු මේ ඝාතන බලමින් සිටි බවය. එතරම් වියරු ආසාවක්‌ ඔහුට තිබූ බවට ඒත්තු ගන්වන්නට හැදුවද රජු කරන්නට ඇත්තේ ඝාතනය අනුමත කරමින් සිය අත්සන යෙදීම පමණක්‌ විය හැක. ඇත්තටම රාජෙද්‍රdaහියකු අල්ලා ගැනීමට බැරි වූ විට කෙසේ ක්‍රියා කළ යුතුද කියා රජු දියවඩන නිළමේගෙන් (මොල්ලිගොඩද? පුස්‌සැල්ලේද?) අසා ඇත. ඔහුයි මේ ද`ඩුවම ගැන රජුව දැනුවත් කර ඇත්තේ. ‘එහෙනම් තොපලාගේ නීතිය ක්‍රියාත්මක කර ගනින්’ කියා රජු යන්නට ගිය බවකි සමහරුන්ගේ මතය.

ඇත්තටම එකළ රජුට අභියාචනා කිරීමේ අවස්‌ථාද තිබී ඇත. ඇහැළේපොල අදිකාරමට විරුද්ධව රජු විසින් පළවෙනි ආඥාපනත නිකුත් කරන ලදී. එහි කරුණු 3 ක්‌ සඳහන්ව තිබුණේය. පළවෙනි කරුණ ඔහුට මරණ ද`ඩුවම පමුණුවන බවය. දෙවැනි කරුණ සියලු නම්බු නාම වරප්‍රසාද අහෝසි කරන බවය. තෙවැන්න සියලුම දේපළ රාජ සන්තක කරන බවය. මේ අවස්‌ථාවේදීම කුමාරිහාමි රජුගෙන් සමාව ඉල්ලා ලිපියක්‌ යවා ඇතැයිද, සියලු නම්බු නාම හා දේපළ රාජ සන්තක කළාට කමක්‌ නැතැයිද තම ස්‌වාමියාගේ ජීවිතය පමණක්‌ බේරා දෙන්න යෑයිද, මින් මතුවට ඔහුගෙන් එවැනි රාජ ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවන තැනට තමා වග බලා ගන්නා බවද එයින් ඉල්ලා තිබුණි. එසේ නම් ඒ තල්පතට සිදු වූයේ කුමක්‌ද?

පළවෙනි ආඥාපත නිකුත් කළ අවස්‌ථාවේදී ඇහැළේපොල අදිකාරම ඉදිරිපත් වූයේ නම්, රජු මරණ ද`ඩුවම දීම ස්‌ථිරම නම් ද`ඩුවම් විඳින්නේ ඔහු පමණි. ඔහුගේ වරදට කිසිසේත් සම්බන්ධ නැති අහිංසක දරු පවුල ඝාතනය වන්නේ නැත. පිළිමතලාවේ මහා අදිකාරමගේ සිද්ධිය වන අවස්‌ථාවේ ඔහු පලා නොගිය නිසා ඔහු පමණක්‌ මරණ ද`ඩුවමට භාජනය විය. පසු කාලයක රාජ සන්තක කරන ලද ඔහුගේ දේපළ කනිෂ්ඨ පිළිමතලාවට රජු විසින් ම ආපසු භාර දෙන ලදී.

රජු දෙවැනි ආඥාපත නිකුත් කිරීමට පෙර කුමාරිහාමි ඇතුළු සියල්ලන් නිවාස අඩස්‌සියට ගත් බව පෙනේ. මොල්ලිගොඩ මහා අදිකාරම මේ සඳහා කටුඹුල්ලේ ආරච්චිල යෙදවූ බව පැවසේ. එහෙත් මේ අතරතුර කාලයේදී කුමාරිහාමි සිය වැඩිමහල් දියණිය, තම හිතවතියක හෝ සේවිකාවක සමග තම මෑණියන්ගේ (දෙල්ගොඩ කුමාරිහාමිගේ) ගම් පෙදෙස වන සඳලංකාවට එවූ බව කියෑවේ. ඒ නිකම්ම නොවේ, තම රන් හා මුතු ආභරණ ඇතුළත් ඇත්දළ පෙට්‌ටියත් සමගය. ඔවුන් මෙම ආභරණ පෙට්‌ටිය වළලා දැමූ බව පැවසේ.

ඇහැළේපොල පවුල ඝාතනයේදී කුමාරිහාමිගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරයා වන කැප්පෙටිපොල නිළමේ කිසිවක්‌ම නොකළේ ඇයිද යනු උභතෝකොටික පැණයකි. බොහෝ විට කුමාරිහාමිගේ තල්පත රජුට දෙන්නට කියා මොල්ලිගොඩ අතට පත් කරන්නටත් ඇත්තේ ඔහු විය හැක. ඇත්තටම මෙම තල්පත රජු අතට පත් වීද? නැතිනම් මොල්ලිගොඩ සඟවා ගත්තේද? රජුගෙන් සමාව ලැබෙන තෙක්‌ බලා සිටින විට, බාර වන ලෙස නිළමේට දන්වන රජුගේ දෙවැනි ආඥාපතත් නිකුත් කරවා හදිස්‌සියේම නිළමේවරුන් මෙම ද`ඩුවම ක්‍රියාත්මක කරවූයේද? රජු මෙම රහස කිනම් වේලාවක හෝ දැනගතහොත් තමාට බරපතළ ද`ඩුවම් ලැබේවි යෑයි සිතූ නිසාද මොල්ලිගොඩ මහා අදිකාරම තමාගේ පරම වෛරක්‌කාර ඇහැළේපොල සිටින ඉංග්‍රීසි කඳවුර වෙත ගොස්‌ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ? මොල්ලිගොඩට රජුට විරුද්ධව යාමට කිසිදු හේතුවක්‌ නොවූ බව පැහැදිලිය. (පසු කාලයක පුතුන් නොසිටි මොල්ලිගොඩ මිය ගියේ තම දේපළ කැප්පෙටිපොලලාට උරුම කර යයි පුවතක්‌ ද ඇත) එසේම මෙම ඝාතන සිද්ධියෙන් පසුවත් කැප්පෙටිපොල නිළමේ රජුට පක්‌ෂපාතීව කටයුතු කළ බව පෙනේ. ඔහුට දියවඩන නිළමේ තනතුර හා මාතලේ දිසාව තනතුර පවා හිමි වූයේ මෙම ඝාතනයෙන් පසුවය.

කිරි ඉතිරවීම යනු අපගේ දේශීය සංස්කෘතියේ මංගල සම්මත කටයුත්තකි. සිංහල බෞද්ධ සේම දෙමළ හින්දු සංස්කෘතීන් තුළ ද මෙම කිරි ඉතිරවීමට ප්‍රධාන තැනක් හිමි වෙයි. සිංහල බෞද්ධයෝ තමන්ගේ ගෘහස්ථ, වෘත්තීය, ව්‍යාපාරික ‍පොදු සමාජමය කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් කිරි උතුරවති. බොහෝ දෙනකු මෙම 2016 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් තම නිවාස ව්‍යාපාර යන සහ සේවා ස්ථාන වල එසේ කිරි උතුරවන්නට ඇත.


හින්දු ආගම තුළ ආගමික වශයෙන් වැදගත් වන කිරි ඉතිරවීම ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ජන සමාජය තුළ සෞභාග්‍යය පතා සිදු කරනු ලබන අභිචාර විධියකි. විශේෂයෙන් මෙරට කෘෂිකාර්මික ජීවන රටාව හා සම්බන්ධ මෙම ඉතිරවීමේ අභිචාරාත්මක ක්‍රියාව ‘කිරි ඉතුරුම් මංගල්‍යය’ යනුවෙන් හැඳින්වෙයි. මෙය සෑම කන්නයක් අවසානයේම එම කෘෂිකාර්මික බිම් ආශ්‍රිතව කරනු ලබන්නකි.

මෙම කිරි ඉතිරවීම සම්බන්ධයෙන් නුතන ජන සමාජය තුළ නිරන්තරයෙන් ඉස්මතු වන ගැටලුවක් තිබේ. ඒ ඉතිරවීම පිණිස වඩා යෝග්‍ය එළකිරිද? නැතිනම් ‍පොල් කිරිද? යන්නය.

වන්නි හත්පත්තුවේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව දුරාතීතයේ සිට ජීවත් වූ වන්නි ජනතාවට අමතරව පසු කාලීනව කන්ද උඩරට ප්‍රභූ පරම්පරාවලට අයත් පවුල් ද වරින් වර එහි අවුත් පදිංචි විය. විශේෂයෙන් 1817දී සහ 1848 යන අධිරාජ්‍යවාදී අරගලයන්ට සම්බන්ධ පුද්ගලයන්ගේ කන්ද උඩ රට විසූ ප්‍රභූ ඥාතීන් එවක ඉංග්‍රීසි පාලකයන්ගේ දැඩි කෝපයටත් ද්වේෂයටත් ලක්වූ බව නිසැක ය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස එම අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් ඇතිවිය හැකි ජීවිත තර්ජන ඇතුළු උවදුරුවලට බියෙන් එම ප්‍රභූ ඥාති පවුල් හොර රහසේම නුවර කලාවියේ සහ වන්නි හත්පත්තුවේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව පදිංචි වී සාමාන්‍ය සරල, අවිහිංසක දිවි පවෛතකට යොමු වූ බවට සාධක කොතෙකුත් හමු වෙයි.

මේ සමයේ එක් වගා කන්නයක් අවසන් වී ගොවිතැන් බත්වල යෙදුණු එක්තරා ගමක ගැමියෝ එම කුඹුරු යාය සහ වැව ආශ්‍රිතව ඒ සඳහා වෙන් කොට ඇති විශේෂ ස්ථානයක (වන්නි ජන වහරට අනුව මෙම ස්ථානය මුත්තා ‍පොළ යනුවෙන් හැඳින්වෙයි.) කිරි ඉතුරුම් මංගල්‍යයක් සූදානම් කළහ. පැරණි වන්නි වැසියන් සේම කන්ද උඩ රටින් සංක්‍රමණය වූ ගොවි පවුල් කිහිපයක් ද ඊට හවුල් වී සිටියහ. සාමාන්‍යයෙන් පැරණි වැව් ගම් ආශ්‍රිත වන්නි වැසියන් කිරි ඉතුරුම් මංගල්‍යයන් සඳහා යොදා ගනු ලබන්නේ ‍පොල් කිරිය. එහෙත් කන්ද උඩරට රජ කළ ඉන්දීය නායක්කර් වංශික රජුන් නිසා ඒ වන විට කන්ද උඩරට වැසියන් කිරි ඉතිරවීම පිණිස යොදාගෙන තිබුණේ එළකිරි ය.

ඒ අනුව වන්නි හත් පත්තුවේ පැවැති මෙම කිරි ඉතුරුම් මංගල්‍යය සඳහා කන්ද උඩරටින් වන්නි හත්පත්තුවට අලුතින් සංක්‍රමණය වූ පවුලක් හෝ පවුල් කිහිපයක් එළකිරි ද රැගෙන මෙම කිරි ඉතුරුම් මංගල්‍යයට ආහ. එහෙත් මෙහිදී සිදුවූයේ ඔවුන් හා එම වන්නි වැසියන් අතරේ ලොකු ආරෝවක් ඇති වීම ය. මෙම කිරි ඉතිරවීම බහිරව මුත්තා ඇතුළු සෙසු ‘මුත්තාවරුන්’ උදෙසා කරනු ලබන පූජා චාරිත්‍රයක් නිසා මේ සඳහා ‍පොල් කිරි මිස එළකිරි යොදා නොගත යුතු බවත් එසේ කළහොත් එම මුත්තාවරුන් කෝපාවිෂ්ට වන බවත් වන්නි වැසියෝ තරයේම කියා සිටියහ. එහෙත් සැබෑ සශ්‍රීකත්වය නියෝජනය වනුයේ එළකිරිවලින් මිස ‍පොල් කිරි වලින් නොවන බව පැවැසූ කන්ද උඩරට වැසියෝ ඊට එරෙහි තර්කයක් ගොඩ නැගූහ.

කෙසේ හෝ මේ ආරෝව අවසානයේ වන්නි වැසියන්ට ජයග්‍රහණය දී පරාජය බාර ගන්නට උඩරට වැසියන්ට සිදුවිය. එහෙත් ඒ සමගම සැහැල්ලු උපහාසයක් එල්ල කිරීම පිණිස එම ප්‍රදේශවල පදිංචි උඩරැටියන් අතර පැතිර ගිය එක් වදනක් ද විය. එනම් බහිරව මුත්තාට එළකිරි අගුණලු යන්නය. මෙම ප්‍රවාදය දැනට ද එම ප්‍රදේශයේ වයෝවෘද්ධ සීමිත පිරිසගේ මතකය තුළ ගැබ්ව ඇති අතර තව නොබෝ කලකින් මෙය සදහටම අතුරුදන් වනු ඇත.

දැන් අපි නැවත ඉතිරවීම යොදා ගනු ලබන කිරි වර්ග සම්බන්ධ මානව විද්‍යාත්මක විමසුමකට යොමු වෙමු.
කිරි ඉතිරවීම් සම්බන්ධයෙන් එළකිරි සේම ‍පොල් කිරි යොදා ගැනීම ද අප ජන සංස්කෘතියෙන් බහුල වශයෙන් සිදු කෙරේ. එහෙත් මෙය ඉතා සරල ලෙස බෙදා වෙන්කරලිය හැකි අයුරක් ද තිබේ. ඒ ‘දෙවියන්ට එළකිරි යකුන්ට ‍පොල් කිරි’ වශයෙනි.

ඇතැම් මහායානික ග්‍රන්ථයන්හි ගෝපිකාවක (Milk maid) වශයෙන් පවා හැඳින්වෙන සුජාතා සිටු දුව රුක් දෙවියනට වූ බාරයක් ඔප්පු කරනු පිණිස කිසියම් කිරි ආහාරයක් (ක්ෂීර පායාස) සකසා ගෙන බෝසතුන් වැඩ සිටි බෝමැඩ අබියසට පැමිණි බව ථෙරවාදී බෞද්ධ සාහිත්‍යයේද සඳහන් වෙයි. සිංහලයෙන් ‘කිරි පිඬු’ වශයෙන් හඳුන්වා ඇති එය එළකිරි වලින් තැනූ ආහාරයක් බව සැක නැත. එමෙන්ම භාරතීය වෛදික සංස්කෘතියෙහි විවිධ ආධ්‍යාත්මික සහ අභිචාරාත්මක කටයුතු සඳහා ‘එළකිරි’ යොදා ගැනුණු බවට සක්ෂි රැසකි. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය සම්බන්ධ කටයුතුවල දී එළකිරි ඉතිරවීම සුලබව සිදුවූ බවට සැක නැත.

පුරාණ සාහිත්‍යයට අයත් විෂ්ණු පුරාණයේ එන විෂ්ණු දෙවියන් විසින් මන්දරගිරි නම් පර්වතය දණ්ඩක් කොට ගනිමින් කිරි මුහුද කැළැඹවූ කතාව ශ්‍රී ලාංකීය ජන විඥානය තුළට ද පිවිස තිබේ. එහිදී රත්නයන් දාහතරක් මතු වූ අතර ලෞකික සමෘද්ධියේ, සෞභාග්‍යයේ සංකේතය වන ලක්ෂ්මී දෙවඟන ද ඒ අතර වන්නීය. ඒ අනුව මෙම කිරි ඉතිරවීම විෂ්ණුගේ කිරි මුහුද කැළඹීමේ සංසිද්ධිය සංකේතය කරන්නක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. එසේම මෙහි ඉහත ද සඳහන් කළ පරිදි ශ්‍රී ලාංකීය සිංහල ජන සමාජයට එල්ල වු දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් මුල්කොට මෙම කිරි ඉතිරවීම පිණිස එළකිරි යොදා ගැනීමේ චාරිත්‍රය කන්ද උඩරට රාජධානිය පුරා පැතිර යන්නට ඇත.

නමුත් අපගේ ජන සංස්කෘතිය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමේදී අතීතයේ සිට නුවර කලාවිය, හත්කෝරලය සේම මුහුදුබඩ ප්‍රදේශවාසීන් ද කිරි ඉතිරවීම පිණිස ‍පොල්කිරි යොදා ගත් බව පෙනෙයි. විශේෂයෙන් දකුණේ ධීවර ජනතාව, බින්තැන්නේ වැදි ජනතාව සහ ශ්‍රී ලාංකීය තෙළිඟු (අහිගුණ්ඨික) ජනතාව ද ඉතිරවීම පිණිස එළකිරි යොදා නොගත් බවට සාධක තිබේ. ඒ අනුව ඒවා ‍පොල් හෝ වෙනයම් කිරි විශේෂයක් විය හැක. මෙහිදී ධීවරයන් මෙම කිරි ඉතිරවීම කරනුයේ ගරායකු හට කරන පුද පිළිවෙතක් ලෙසිනි. වැදි ජනතාව ද තම ඉතිරවීම නෑ යකුන් පිදීමේ චාරිත්‍රයක් වශයෙන් ඉටු කරති. ශ්‍රී ලාංකීය තෙළිඟු හෙවත් අහිගුණ්ඨික ජනතාව ඉතිරවීම පිණිස එළකිරි යොදා නොගනුයේ එය ද කිනම් හෝ පැරණි යක්ෂ වන්දනාවක අභිචාරාත්මක කටයුත්තක් නිසාම විය හැක.

මෙහිදී නුවර කලාවිය සහ වන්නි හත්පත්තුව ආශ්‍රිත පුරාණ වැව් ගම් ආශ්‍රිත කිරි ඉතිරවීමේ මංගල්‍යයේ දී අදාළ භූමි ප්‍රදේශයට අරක් ගත් බහිරව දේවතාවා ස්මරණය කෙරෙන අතර අදාළ කන්නයෙන් ලද පළමු අස්වැන්නෙන් අතීතයේ එම කුඹුරු ඉඩකඩම් භුක්ති විඳ තවමත් ඒවාට ඇල්ම බැල්ම හෙළා හිඳින පැරණි ඥාතීන් හෙවත් ‘මුත්තාවරුන්’ තුටු පහටු කිරීම ද මෙම කිරි ඉතිරවීමේ මංගල්‍යයේ ප්‍රධාන අරමුණු අතර වෙයි.
දහනව වන සියවසේ මැද භාගයේ නුවර කලාවියේ ආණ්ඩුවේ ඒජන්ත පදවිය හෙබවූ ආර්.ඩබ්ලිව්. අයිවර්ස් විද්වතාණන් පවසන පරිදි පැරණි ගැමියන් කෘෂිකාර්මික ජීවිතයේදී කමත් භාෂාව භාවිත කොට ඇත්තේ ද එමගින් එම කෙත්වතුවලට අරක් ගත් අමනුෂ්‍යකාරකාදීන් නොමග යවා කෘෂි අස්වැන්න නිරුපද්‍රිත ලෙස ගෙට ගැනීමටය.

කිරි ඉතිරවීමේදී ‘දෙවියන්ට එළකිරි යකුන්ට ‍පොල් කිරි’ යන සඳහන තහවුරු කිරීමට එය ද සාක්ෂියක් ලෙස ගත හැක.

දැනට ද අප රටේ පවත්නා ජන විශ්වාසයකට අනුව රුහුණේ මීකිරි කර්මාන්තයට අධිගෘහිත වන්නේ මංගර දෙවියන් ය. එහෙත් මංගර දෙවියන් සම්බන්ධ අභිචාර විධිවලදී ද පවා ‍පොල් කිරි යොදා ගැනීම විශේෂත්වයකි. ඊට හේතුව මංගර දෙවියන් පිළිබඳ පුරාණෝක්ති තුළින් ද යක්ෂ සම්භවයක් මතු කර ගත හැකි වීම නිසා විය යුතුය.

සුබ කටයුතුවලදී යොදා ගැනෙන මෙම කිරි ඉතිරවීමේ චාරිත්‍රය ඇතැම් ප්‍රදේශවල අවමංගල චාරිත්‍රයක් ලෙස ද පවත්වාගෙන යනු පෙනෙයි. මෘත දේහයක් සුසානය වෙත ගෙන යාමට නිවසින් පිටමං කළ පසු එය තැන්පත් කොට තිබූ තැනම තහඩු කැබැල්ලක් තබා ඒ මත කිරි උතුරවන අවස්ථා මම ද දැක ඇත්තෙමි. මෙම චාරිත්‍රයේ ඇති අභිචාරාත්මක අරුත වනුයේ ‘සොහොන් කාලිය’ ප්‍රමුඛ එම මළ සිරුර කෙරෙහි ඇල්ම, බැල්ම හෙළා එතැන රැඳී සිටි යක්ෂයන් සතුටු කොට එම නිවසින් පලවා හැරීමට බව කියනු ලැබේ. ඒ කෙසේ හෝ අප රටේ පවත්නා ජන ආගම් (Folk religion) මුල්කොට ගත් මෙවැනි අභිචාර හෙවත් යාතුකර්ම (Rituals)  පිළිබඳව විධිමත් ගවේෂණ සිදුකොට මෙවන් සුවිශේෂ සමාජ සහ මානව විද්‍යාත්මක කරුණු සහ දත්තයන් අපගේ අනාගත පරපුර වෙත දායාද නොකිරීමේ වරද කිසිදා යළි නිවැරදි කර ගත නොහැකි බව මගේ වැටහීමය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළිsන් ඇති මරිච්චකට්‌ටි, කරඩික්‌කුලි වන රක්‍ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචිකිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට අභියාචනාධිකරණය මගින් පෙරේදා (04 වැනිදා) නොතීසි නිකුත් කර ඇතැයි සඳහන් වූ පුවතක්‌ ඊයේ “දිවයින” මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂය යටතේ පළවී තිබිණි.

wilpaththuwa05විශේෂත්වය වන්නේ මේ නඩුව 2015 වර්ෂයේ ජුලි 15 වැනිදා අභියාචනාධිකරණ නඩු අංක 291/2015 යටතේ ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්‌ති කේන්ද්‍රය (රාජ්‍ය නොවන සංවිධානයකි) විසින් වීමය. ඒ හැර රජය හෝ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරනවා තබා මේ ගැන නියමාකාරයෙන් ක්‍රියාත්මක වද නැති බව සඳහන් කළ යුතුය.

විශේෂයෙන් ප්‍රවෘත්තියේ සඳහන් වන, වන රක්‍ෂිතය නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම යන කාරණය කෙරෙහි වහා ක්‍රියාත්මක විය යුතු වගකිව යුතු සියල්ලෝම ඒ කෙරෙහි උදාසීන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇති බව පෙනේ.

අධිකරණයට යොමුවූ ප්‍රශ්නයක්‌ බැවින් ඒ ගැන අපි කිසිවක්‌ නොලියමු.

එහෙත් මතක්‌ කළ යුතු වැදගත් කරුණු කාරණා කිහිපයක්‌ වේ. එනම් ඉහත ප්‍රශ්නයට අදාළ ප්‍රදේශයේ පදිංචි කර ඇතැයි කියන ජනයා සම්බන්ධයෙන් මතුවන ඇතැම් සැක සහිත කාරණාය. පළමුවැන්න ඒ පදිංචි කර ඇති ජනතාවගෙන් සමහරක්‌ කතාකරන භාෂාව බොහෝ දෙනකුට නොතේරේ යෑයි කීමය. දෙවැන්න ඡායාරූප සාක්‌ෂිද සහිතව පෙන්වා දුන් අංක රහිත යතුරු පැදි ආදියයි.

සංහිඳියාව වෙනුවෙන් යන ගමනකදී සැකය අවිශ්වාසය මතුකිරීම සුදුසු නැතැයි කියෑවේ. එහෙත් වර්තමානයේ පැන නැඟී ඇති බොහෝ කරුණු කාරණා ගැන සැළකීමේදී එසේ නොකර බැරි තත්ත්වයක්‌ද තිබේ.


“යමක්‌ හෝ යමෙකු පිළිබඳව දැඩි ලෙස සැක කිරීමද, දැඩි ලෙස විශ්වාසය පළ කිරීමද, භක්‌තිවන්ත වීමද සුදුසු නැත. වඩාත් විශ්වාසය පළ කළ විට වරද නිවරද සොයා ගැනීම තරමක්‌ අසීරුවේ. එහෙයින් යමක්‌ හෝ යමෙකු පිළිබඳව කුඩා දරුවකු ලෙස ප්‍රශ්න කිරීම සුදුසු වේ” යෑයි ප්‍රකට කතාවක්‌ තිබේ.

මේ ප්‍රශ්න කරන්නේ ඒ න්‍යායේ පිහිටාය. මේ වනවිට ලොව පුරා අන්තවාදය පිළිකෙව් කරන සෑම මිනිසෙකුගේම දැඩි පිළිකුලට පාත්‍රව සිටින ISIS (අයි.එස්‌.අයි.එස්‌) අන්තවාදී ත්‍රස්‌තවාදය ලොවපුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ශ්‍රී ලංකාවෙන් එවැනි අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීනට එක්‌වූ ශ්‍රී ලාංකික මුසල්මානුවන් පිරිසක්‌ ගැන පසුගිය දිනවල දිගින් දිගටම පුවත් පළවිණි.

මේ අතිශය නරක තත්ත්වය හා අනතුර වලකාලීම සඳහා එවැනි සැකපහළ කිරීමක්‌ අවශ්‍ය වේ. ජාතික ආරක්‍ෂාව ගැන සිතිය යුතු බොහෝ දෙනකුට එය අමතකව යන මොහොතක රටට ආදරය කරන බොහෝ දෙනකු එසේ සිතීම අත්‍යවශ්‍යය.

අධිකරණයට යොමුව ඇති විල්පත්තු කතාවෙහි නොපෙනෙන පැත්ත එයයි. වරදකට එපිටින් තවත් භයානක වරදක්‌ සිදුවේ නම් ඒ ගැන සොයා බැලීම රටට ආදරය කරන පුරවැසියන්ගේ වගකීමයි. රටේ කවර හෝ තැනක සිදුවන ජන ව්‍යාප්තියක්‌ කෙරෙහි වෛරී සහගත හෝ අන්තවාදී ආකල්පයකින් බලනවා යෑයි වරදවා වටහාගන්නට ඉක්‌මන් නොවන්නැයි, අපි තත්ත්වය හරිහැටි වටහා නොගත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

අපි දශක තුනක යුද්ධයක අමිහිරි අත්දැකීම් වලින් ඕනෑවටත් වඩා පෝෂණය වී සිටිමු. ඒ යුගයේ පවා අපි බොහෝ දේ දෙස “සැකය” මුල්කර ගෙන බැලුවේ නැත. තමාගේ අසල්වැසියා, හිතමිතුරා අහල පහල ගමේ එකා ගැන සැකපහළ කළේ නැත. වැඩේ පත්තු වුණේ බෝම්බ පුපුරන විටය. ආරක්‍ෂක අංශ වලින් පැමිණ කුදලාගෙන ගියේ පෙර කී ගමේ එකාය. අසල්වැසියාය. එතෙක්‌ අපිට ඔහු ත්‍රස්‌තවාදියකු නොවීය. යුද්ධය පැවැති දශක තුනේම අපි වරින් වර, වරින්වර ඒ මෝඩකම කළෙමු.

නොදන්නා පිරිසක්‌ පැමිණ අමුතු භාෂාවකින් කතා කිරීම හා අංක තහඩු නැති යතුරු පැදි නවතා තිබෙන කැළෑබද ප්‍රදේශයක ජීවත්වන්නට අතහැරදමා ඇතැයි කියන මිනිසුන් ගැන අපි ප්‍රශ්න කරන්නේ ඒ සැකයෙනි. පෙර මෝඩකම නැවතත් නොකළ යුතු නිසාය, රෑ වැටුණු වළේ මහා දවල් නොවැටිය යුතු නිසාය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බිය නිසාය.

එපමණකුදු නොව, එල්.ටී.ටී.ඊ ය මෙන්ම අතිශය පිළිකුල් සහගත, ම්ලේච්ඡ වනචාරී සිය අරමුණු වෙනුවෙන් ඕනෑම ජාතියක්‌ සමූල ඝාතනය කළ හැකි අයි. එස්‌. අයි. එස්‌. වැනි ත්‍රස්‌තවාදී සංවිධානයක සෙවනැලි අපේ රටේද හොල්මන් කරන නිසාය. අප අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.

Kuragala is a rock outcrop elevated 360 metres above sea level, and has been identified as a focal point of human occupation since the Terminal Pleistocene.

The area has been the focal point of controversy for a number of years, with the Muslims of Sri Lanka claiming that the mountain of Kuragala was a holy mountain and is home to an ancient Sufi shrine sacred to Muslims while the Buddhists in the country claim that the rock cave is an ancient Buddhist monastic site.

Kuragala is a rock outcrop elevated 360 metres above sea level, and has been identified as a focal point of human occupation since the Terminal Pleistocene.

The area has been the focal point of controversy for a number of years, with the Muslims of Sri Lanka claiming that the mountain of Kuragala was a holy mountain and is home to an ancient Sufi shrine sacred to Muslims while the Buddhists in the country claim that the rock cave is an ancient Buddhist monastic site.

The shrine at Jailani has also placed the Sri Lankan Muslims in a potential geo-religious conflict with Sinhala Buddhist majority, which is most often the case when it comes to Buddhist-Muslim conflicts in Sri Lanka.
The Buddhist hardliners, mostly the Bodu Bala Sena and the Ravana Balaya, are demanding the site to be cleared of all Islamic buildings and monuments.

The Muslims on the other hand are resolute that the mosque remains in its current location because it holds great significance for Muslims all over the island.


Meanwhile, as a solution to this problem, Minister of Arts and Culture Nandimitra Ekanayake said that a decision was taken to remove the mosque built in the Kuragala archaeological site and to establish it in another location, following various protests and unrests that were mainly initiated by the BBS and other hardliners.

Keeping religious differences aside, Professor Raj Somadeva conducted a survey on the macro area of the Kaltota escarpment, which houses the controversial Kuragala site. What he found out about Kuragala is part of a research called ‘Hunters in Transition’.


The survey titled Kaltota Survey – Phase 1 was launched on Friday (11) at the Auditorium of the Department of the National Archives organized by the Ravana Shakthi National Organization.

Prof. Somadeva said that the survey was launched in such a way due to the demands of those who funded the project (The Dayaka Sabha of the Dewram Vehera in Pannipitiya) and to clarify the archeological and historical value of the site.
“There is a lot of controversy propagated on Kuragala. They wanted to clarify the archaeology and the history of the sight and tell this scientifically constructed story to the society,” Prof. Somadeva said. Furthermore, Prof. Somadeva added that the survey was done solely for the purpose of finding out its archeological and historical value and not to take the side of any religion.

“I did the survey as a professional, according to the laws and principles of archaeology,” he said.

The Kaltota Survey – Phase 1
A surface reconnaissance survey was conducted in the Kaltota area of the Balangoda Divisional Secretariat of the Ratnapura District, with the permission granted by the Director General of the Department of Archaeology.
According to the Survey Report “the total archaeological landscape of Kuragala has been interrupted by several modern constructions. The major one is the mosque erected in the terrace of one cave.” The major archaeological representation of the site of the Kuragala rock outcrop is the 10 natural caves that were occupied by the Buddhist Sangha in the early phase of Buddhism in Sri Lanka.

While several short inscriptions written in the early form of Brahmi letters were also found it was made clear in the report that evidence of the caves being occupied by the Buddhist Sangha were abundant while “according to the short inscription showing the date of the establishment of the Islamic religious building there, the history of the mosque does not go beyond the year 1926. Several burials of Islamic religious devotees in the western sector of the terrace could be post-dated to the construction of the mosque.”

Meanwhile, the survey added that either side of the main entrance path leading to the site has also been considerably modified by the construction of several permanent buildings. The foot survey carried out has identified the surface scattering of a limited number of prehistoric quartz implements.

The report states “it could be suggested that each and every slope and summit of the adjacent landscape of the Kuragala Rock outcrop has been intensively used by the Holocene hunter-gatherers for their food quest. It is highly recommended to control the present day human intervention to at least the area demarcated as the ‘sensitive zone’… Freeing this area from the man-made disturbances will be an important decision that has to be taken for the sake of the future researchers and students of history and archaeology who intend to study the total landscape of the late Holocene hunter gatherers in the deep hinterland in Sri Lanka.”

Inscriptions and statues
Ten out of the 14 inscriptions that were observed during the investigation were new inscriptions and most of them were already studied and published by the likes of C.H. Collins and Rev. Kirielle Gnanawimala Thero.
All the inscriptions that were observed carried a short statement of the dedication of caves to the Buddhist Sangha.

Furthermore, a limestone statue of a human figure was accidentally unearthed by the villagers during the digging of a home garden.

After extensive investigations done by the Department of Archaeology, it was determined that this was a statue of the Buddha and was the work of the 7th or the 8th century, despite its worn condition.

Twin layers of culture
According to the investigations, twin layers of cultural and religious existence were to be observed.
“Except the presence of the prehistoric hunter gatherers in the Holocene and the distribution of residential-cum-ritual abodes of Buddhist clergy in the early historic period respectively, the occurrence of Arabic affiliations with the site is indicated by a short inscription engraved on a natural rock surface in a cave on the higher level of the site.”

Accordingly, this inscription has a single line in Arabic letters engraved on a vertical surface of a natural rock situated in front of one of the caves.

Although the meaning of the inscription is obscured, according to the Kufic style of the Arabic letters in the Kuragala inscription, Dr H.M. Shukri, Director of the Naleemiah Institute of Islamic Studies in Beruwala has argued that it could be the work of a Zufi saint of Persian or North Indian origin.

Historical analysis reveals that presence of the Arabic traders in the modern day Sabaragamuwa Province could be post dated to the 10th century CE.

However, the professor also said that apart from the Buddhist stupa that is considered to belong to the category of old “all new construction whether Muslim, Hindu or Buddhist should be removed.”

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්‌කඩ්ඩෙයි -කරඩික්‌කුලි වන රක්‌ෂිතයේ අක්‌කර 3000 ක්‌ පමණ නීත sවිරෝධී ලෙස එළි පෙහෙළි කර අලුතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු දිගින් දිගට ම සිදු කරද්දී ආණ්‌ඩු පක්‌ෂය හෝ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන රාජ්‍ය ආයතන ඊට එරෙහිව මෙතෙක්‌ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම විශාල ගැටලුවකි. 2010 වසරේ සිට නීති විරෝධි ලෙස ආරක්‌ෂිත වනාන්තර එළි පෙහෙළි කරමින් සිදු කළ මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහා පරිමණ ඉඩම් අත්පත් කර ගැනීම දක්‌වා වර්ධනය වී ඇතත් එA පිළිබඳව නිසි අවධානයක්‌ යොමු නොවීම කනගාටුවට කරුණකි.

එසේ නමුත් මේ ප්‍රදේශයේ මුස්‌ලිම් ජනතාව පදිංචි කර අලුතින් ජනාවාස පිහිටුවීම හේතුවෙන් මේ නීති විරෝධී හා පරිසර විනාශකාරී ක්‍රියාවට ජාතිවාදී මුහුණුවරක්‌ ලබා දීමට බොහෝ පිරිසක්‌ උත්සාහ ගනිති. මේ නිසා ම මේ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වගකිව යුතු අංශ ක්‍රියාමාර්ග ගැනීමට මැලිකමක්‌ දක්‌වන බව පෙනෙන්නට තිබේ. ආණ්‌ඩු පක්‌ෂය ද මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට ඇල්මැරුණු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ ද ඉදිරි මැතිවරණය ඉලක්‌ක කරගෙන ය.

ඔවුන්ට පරිසරය ආරක්‌ෂා කර ගැනීමට වඩා ඡන්ද පදනම ආරක්‌ෂා කර ගැනීමට අවශ්‍යව ඇත. බලධාරීන්ගේ මේ මුණිවත රැකීමේ අහිතකර ප්‍රතිඵල භුක්‌ති විදින්නේ පටු දේශපාලන උවමනාවන් මත පදිංචි කළ අහිංසක ජනතාව හා තම අයිතිවාසිකම් වෙනුවෙන් හ`ඩක්‌ නොනැගිය හැකි වන සතුන් ය.

මෙම අලුතින් ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලිය හුදෙකලා සිදුවීමක්‌ නොවේ. මෙය පසුගිය රජයේ දැවැන්ත ව්‍යාපෘතියක එක්‌ කොටසක්‌ පමණකි. කනගාටුවට කරුණ වන්නේ පසුගිය රජයේ විනාශකාරී ක්‍රියාකාරීත්වය පරාජය කරමින් බලයට පත් වූ වත්මන් යහපාලන රජය ද පසුගිය රජයේ හානි කර ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග හා ව්‍යාපෘති ඒ අයුරින්ම ඉදිරියට අඛණ්‌ඩව කරගෙන යැම ය.

2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සම`ග ම යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගෙA මොල්ලිකුලම් හා මරිච්චුක්‌කඩ්ඩෙයි ගම්මාන නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පසුගිය රජයේ විනාශකාරී ව්‍යාපෘතියේ පළමු පියවර තැබුණි. ඉන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කල් ආරු වනාන්තරය දෙකඩකරමින් පුත්තලම – මන්නාරම මාර්ගය ඉදිකිරීම (එලුවන්කුලමේ සිට සිලාවතුර දක්‌වා) එම සමස්‌ත ව්‍යාපෘතියේ දෙවන පියවර විය. ඉන් පසුව 2010 වසර අවසානයේ දී කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් අලුතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු ආරම්භ කෙරිණ. එමගින් පසුගිය රජයේ බලාපොරොත්තුව වූයේ 2011 – 2030 ජාතික භෞතික සැලැස්‌මට අනුව මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක්‌ හා මහ පරිමාණ නගරයක්‌ බිහි කිරීම ය. ඒ ස`දහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා විසින් අයවැයෙනA විශාල ධනස්‌කන්දයක්‌ වෙන් කෙරිණි. ඊට සමගාමී ව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ද තම දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ අනුග්‍රහය හා ආශිර්වාදය යටතේ ක්‍රියාත්මක කෙරිණ.

එහි දී පළමු ව අදාළ අමාත්‍යවරයා විසින් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝනය කරමින් වෙන් කර ගැනිණි. ඉන් පසුව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා හරහා එම භූමිය අක්‌කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සිදු කරන මුවාවෙන් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ඉඩම් හිමි ජනතාවට බෙදා දෙන ලදී.

2010 වසරේ සිට 2013 වසර දක්‌වා නීති විරෝධී ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නීත්‍යනුකූල මුහුණුවරක්‌ ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඒ අනුව 2013 ජනවාරි 15 වැනි දින එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශයේ ලේකම් හා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම`ග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් යොමු කළ -අවතැන් වූ මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම ස`දහා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස්‌ කිරීමයි යනුවෙන් දැක්‌වෙන ලිපියේ ස`දහන් කර ඇති පරිදි මන්නාරම, මුලතිව් හා වවුනියාව යන දිස්‌ත්‍රික්‌ක තුනට අයත් වනාන්තර අක්‌කර 2388 ක්‌ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව ම`ගින් අලුතින් ජනාවාස පිහිටු වීම ස`දහා නිදහස්‌ කරන ලදී. එය සිදු කරන ලද්දේ හිටපු වන සංරක්‌ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාරි 14 දින අංක Eඵෘඛරැ04රැ02රැ08රැ11රැ2012 දරන ලිපිය මගිනි. ඒ අනුව මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ මරිච්චුකඩ්ඩි – සිලාවතුර මර්ගයේ 23 හා 29 යන කිලෝමීටර් කණු අතර මීටර් 250 ක්‌ පළල වනාන්තර බිම් තීරුව නිදහස්‌ කරන ලදී. එම ප්‍රදේශයේ කූලන්කුලම්, තම්බදා, මුසලික්‌කාඩු, මෙතන්වැලි, පන්ඩාරවේලි, පූනච්චිකුලම්, පූතුවේලි, මුසාලි හා කායකුලි යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීම සිදු කරන බව ස`දහන් විය. නමුත් සිදු කෙරුනේ මීට හාත්පසින් ම වෙනස්‌ දෙයකි.

මේ තත්ත්වය මෙසේ පවතිද්දී රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට ම ස`දහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඔවුන් ව පදිංචි කරන බවත් මේ ප්‍රදේශ යුද්ධය පැවති සමයේ දී වනාන්තරයෙන් වැසී ගොස්‌ පැවති බවත් ය. එම ප්‍රකාශ සියල්ලම සාවද්‍ය ප්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිලිව ම ස`දහන් කර ඇත්තේ මේ ප්‍රදේශයෙන් පරිබාහිර ගම්මාන 9 ක අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම ස`දහා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස්‌ කර දෙන ලෙස ය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගි වූ කිසිදු රැස්‌වීමක දී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක්‌ පිළිබ`ද ව ස`දහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගට ම ඉල්ලා ඇත්තේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර පදිංචි කිරීමේ කාර්යය ස`දහා ලබා දෙන ලෙසට ය.

නමුත් අද වන විට ඔහු මෙම ඉඩම් අවතැන් වූ ජනතාවට අයත් බව පවසමින් කිසිදු බියකින් තොරව අසත්‍ය කරුණු සමාජගත කරති. එපමණක්‌ නොව 1938 වසරේ සිට මේ දක්‌වා ප්‍රකාශයට පත් ව ඇති සියලුම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක්‌ ලෙස පැවති බවත් තහවුරු වී තිබේ. අඟලේ සිතියම්, 1(50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හො`දින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප්‍රදේශය ජනාවාස කිරීම ආරම්භ කර ඇති බව ය.

මේ අනුව පෙනීයන්නේ මුළුමහත් සමාජය ම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් මුළා කිරීමට උත්සාහ දරන බව ය. එපමණක්‌ නොව ඇමැති වරප්‍රසාද භාවිත කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරන බව ය. මේ තත්ත්වය සාධාරණීකරණය කිරීමට දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ද සාවද්‍ය ප්‍රකාශ බොහොමයක්‌ සිදු කෙරිණ.

ඔහු පළමු ව ස`දහන් කළේ අලුතින් ජනාවාස පිහිටු වීම සිදු කළ කල් ආරු වනාන්තරය තමන් යටතේ පාලනය වන රජයට අයත් භූමියක්‌ බව ය. එබැවින් තමන් විසින් අක්‌කර භාගය බැගින් අවතැන් වූ ජනතාව අතර මේ ඉඩම් බෙදාදුන් බව ඔහු ස`දහන් කෙරිණි. නමුත් 2001 වසරෙන් පසුව දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්ට අයත් වනාන්තර නොමැති බව මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා දැන නොසිටීම කනගාටුවට කරුණකි. වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්‌තු 10 වන දින නිකුත් කළ 05/2001 අමාත්‍යංශ චක්‍රලේඛයට අනුව ලංකාවේ සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ රජයට අයත් සියලුම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම ස`දහා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරණ බව ය. ඒ අනුව මෙම වනාන්තර පාලනය වන්නේ වන සංරක්‌ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ය. එසේ තිබිය දී මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් වරයා විසින් සිදු කර ඇත්තේ වන සංරක්‌ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් වනාන්තර ඉඩම් බෙදා දීම හා එම වනාන්තර ඉඩම්වල නීති විරෝධී ක්‍රියාවල නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ය.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්‌ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක්‌ එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස්‌ කිරීම, ස්‌ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්‌ථාපිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක්‌ නොමැතිව අත්අඩංගුවට ගෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරදකරුවකු කරණ ලැබූ විට වසර 2 ක්‌ නොඉක්‌මවන කාලයක්‌ ස`දහා බන්ධනාගාරගත කිරීමක්‌ හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදුකරන ලද හානිය සඳහා අධිකරණය ම`ගින් නියමකරන දඩයකට ද යටත් කළ හැකි ය. එවන් තත්ත්වයක්‌ පවතිද්දී පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ආධාර හා අනුබල යටතේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ හා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගේ මෙහෙයවීම මත නීති විරෝධී ලෙස කල්ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් 2010 වසරේ සිට 2013 වසර දක්‌වා ම නව ජනාවාස පිහිටුවීම සිදු කෙරිණ. එම කාල වකවානුව තුළ අනවසරයෙන් වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම හේතුවෙන් මේ නීති විරෝධී ක්‍රියා තව තවත් වර්ධනය විය.

2010 වසරේ සිට 2013 වසර දක්‌වා නීති විරෝධී ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නීත්‍යනුකූල මුහුණුවරක්‌ ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් “ගල්පාය” සුන්දර ගම්මානයකි. තැනින්තැන පිහිටා ඇති ගල් සහිත කඳුවැටි නිසාත්, පුරාවිද්‍යා වටිනාකමින් යුක්‌ත ශෛලමය නටබුන් නිසාත්, ගමෙහි ඇති සුවිශේෂි බව, ගමට ඇතුළුවන ඕනෑම අයෙක්‌ගේ සිතට දැනෙයි. ගල්පාය ගමේ පසෙකින් පිහිටා ඇති “ගල්යාය කන්ද” ගල් පොකුණු සහිත නටබුන්වලින් සමන්විත වූවකි. ගැමියන් “උඩුවේ රාළගේ කන්ද” යනුවෙන් හඳුන්වන කඳු පද්ධතිය ද එවැනි ම පුරාවිද්‍යාත්මක සාධකවලින් ගහණ වූවකි. එහි ගල්යහන් සහිත ගල්ලෙන් රාශියක්‌ තිබේ. මෙම ගල්ලෙන් ආශ්‍රිත ව ආදි මානවයා ජීවත් වූ බවට වන සාධක අදටත් ගම්මානයෙන් මතුවෙයි.

ගම්මානය මැද සුන්දර වූ සුවිශේෂි ගල්කුලක්‌ තිබිණි. ගැමියන් එය හැඳින්වූයේ “ගල්කරුයාය” යනුවෙනි. රමණීය වූ ගල් තලාවන් කීපයකින් ම, ගල්කරුයාය හැඩ වී තිබිණි. ටැම්පිට ප්‍රාසාදයක්‌ ඉදි කර තිබූ බව හැඟෙන ගල් කණුවලට අමතර ව, ආදි මානවයා විසින් කළ ශෛලමය නිර්මාණවල නටබුන් ද එම ගල්තලාවන් හි නොඅඩුව පිහිටියේ ය. වඩාත් වැදගත් වූයේ එම ගල් කුළු ආශ්‍රයෙන් නිර්මාණය වී තිබූ පාරසරික පද්ධතිය යි. ඉතා දුර්ලභ වර්ගයේ ගස්‌වැල් මෙන් ම, ගැමියන්ට එදිනෙදා අවශ්‍ය වූ බේත්හේත් වර්ග සෑම දෙයක්‌ ම එම කැලෑ පද්ධතිය තුළ තිබිණි. එයට අමතර ව දුර්ලභ ගනයේ පක්‌ෂීන් ද එම ගල්කුල ආශ්‍රීත ව වාසය කළ හ. උණහපුළුවා, මූකලන් බස්‌සා, බකමූණා, ඒ අතරින් ප්‍රධාන ය. වසරකට වරක්‌ දෙවියන් උදෙසා කෙරෙන බාරහාර පිදීමේ මංගල්‍යය ද සිදු කෙරුණේ මෙම ගල්තලාවේ දී ය. ඒ සඳහා යෝග්‍ය පැරණි නුග රුක්‌ෂයක්‌ ද ගල්තලාව කෙළවරක විය. ගොවිතැන, තම ප්‍රධාන ම ජීවනෝපාය වූ ගැමියන්ට, ගල්කරුයාය ආශ්‍රිත ව නිර්මාණය වී තිබූ පාරිසරික පද්ධතියෙන් විශාල සෙතක්‌ සැලසී තිබිණි. ඒ සියල්ලට ම වඩා වැදගත් වූයේ ගම මධ්‍යයේ පිහිටි “ගල්කරුයාය” කඳුයායෙන්, ගල්පාය ගම්වැසියන් ලැබූ අධ්‍යාත්මික සහනය යි. ඇත්ත වශයෙන් ම ගල්කරුයායේ සෞන්දර්ය ය ගල්පාය ගමේ ජීවත් වූ සැමගේ ජීවිතයේ කොටසක්‌ වී තිබිණි.

එහෙත් ඒ සියල්ල පැවතියේ මෑතක්‌ වන තුරු පමණකි. අධ්‍යාත්මික වටිනාකම් පසෙක ළා, භෞතික වටිනාකම් සොයා යන මිනිසා, ගල්කරුයාය නිර්මාණය වී ඇත්තේ, “ඨර්බසඑසජ ඨබැසිs” නම් සුවිශේෂි පාෂාණයෙන් බව සොයා ගත් හ. ග්‍රැනයිට්‌ යනු පාෂාණ යි. “ග්නයිස්‌” යනු ජර්මන් වචනයකි. එහි තේරුම දිළිසෙන සහ දීප්තිමත් යන්නයි. ගල්කරුයාය නිර්මාණය වී ඇති පාෂාණය කිරිගරුඬ මෙන් පැහැදිලි සුදු පැහැයෙන් යුක්‌ත ය. කේතුමතී මාළිගාවල බිම ඇතිරීම සඳහා එම පාෂාණ වර්ගයට ඇත්තේ හොඳ ඉල්ලුමකි. එහි ඇති වාණිජ්‍යමය වටිනාකම හෙළිදරව් කර ගත් ව්‍යාපාරිකයෝ, එම ගල කුට්‌ටි කර අලෙවි කිරීම සඳහා පිඹුරුපත් සැකසූ හ. ඔව්හු පළමුවෙන් ම කළේ එම ලාභදායී ව්‍යාපාරය සඳහා අවශ්‍ය දේශපාලන රැකවරණය සහ ආශිර්වාදය ලබා ගැනීමයි. යහමින් මුදල්හදල් වියදම් කළ ඔවුන්ට, එම ආශිර්වාදය ඉහළ සිට පහළට ම ලබා ගැනීමත්, ක්‍රියාවලිය නීතිගත කර ගැනීමට අවශ්‍ය නිලධාරීන්ගේ සහය ලබා ගැනීමත්, එතරම් අසීරු කර්තව්‍යයක්‌ වූයේ නැත.

ඓතිහාසික ගල්තලාව මුදල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රීයාවලිය පටන් ගත් ව්‍යාපාරිකයෝ, පළමුවෙන් ම, ගල්තලාවේ තිබූ ඓතිහාසික නුගරුක්‌ෂය ඇතුළු ගස්‌වැල් සියල්ල කපා දැමූ හ, ඒ 2014 වර්ෂයේ මාර්තු මාසයේ දී ය. ගැමියන්ගේ විරෝධය උත්සන්නවීමට පෙර, “ගල්කරුයාය” සාමාන්‍ය ගලක්‌ බවට පත් කර ගැනීම, ව්‍යාපාරිකයන්ගේ සැලසුමේ සඳහන් ප්‍රධාන අවශ්‍යතාවයක්‌ විය. ඒ අනුව ඔව්හු ගල්තලාවේ තිබූ පුරාවිද්‍යාත්මක සාධක ඉවත් කිරීම ඇරඹූ හ. ඔවුන් පළමුවෙන් ම කළේ, ගල්තලාව මුදුනේ තිබූ ශිලා ලිපිය, බෝරයක්‌ දමා විනාශ කිරීම යි.

සිදුවීමට යන විනාශය පිළිබඳ ව ගල්පාය වැසියන්ට හොඳින් ම තේරුම් ගියේ එම ක්‍රියාවත් සමඟ ය. ගම්වැසියන්ගේ දැනුම්දීම මත, බෝර දැමීමේ සිද්ධිය පරීක්‌ෂා කර බැලීම සඳහා ගල්කිරියාගම පොලීසිය මැදිහත් වූ අතර, දින දෙකකට පමණ පසු “පුරාවස්‌තු ආරක්‌ෂක විශේෂ පොලිස්‌ ඒකකය”ද සිද්ධිය පරීක්‌ෂා කර බැලීම සඳහා පැමිණියේ ය. එහෙත් ගල්ගලාවට පිවිස සිටි පෙරේතයින්ගේ ප්‍රාග්ධන හැකියාව සහ දේශපාලන බලපුළුවන්කාරකම, පොලිස්‌ පරීක්‌ෂණවලට වඩා බලවත් විය.

ගල්තලාව මුදුනේ කේතුකාවාටයක්‌ තිබිණි. පොලීසිය පරීක්‌ෂණ අරඹා දින දෙකකට පසු, එම කේතුකාවාටය කොන්ක්‍රීට්‌ දමා වසා දැමීමට, ව්‍යාපාරිකයෝ නිර්භීතව ම, ක්‍රියා කළ හ.

ඒ අතර ම, ගමේ උරුමය රැකගැනීම සඳහා පෙරමුණ ගත් ගම්වැසියන්ට විවිධාකාරයේ කප්පම් ප්‍රදානය කොට, ඔවුන් නිහඬ කිරීමට ද ඔව්හු උත්සාහ කළ හ, එම කප්පම් හමුවේ, කීප දෙනෙක්‌ තම ස්‌ථාවරය වෙනස්‌ කළත්, බහුතරයක්‌ දෙනා ගම රැකගැනීමේ ඒකායන අරමුණ සහිතව ම, ක්‍රියා කළ හ. මේ අතර මරණීය තර්ජන එල්ල කර ගම්වැසියන් බිය වැද්දීමට ද, ව්‍යාපාරිකයෝ උත්සාහ දැරූ හ. ඒ ඉන්දියානු ජාතිකයෙක්‌ යොදා ගනිමිනි. 2014 අගෝස්‌තු 26 දින බී. ජී. ප්‍රේමරත්න මහතා නෛතික ක්‍රියාවලියකට පිවිසීමේ අරමුණ සහිත ව ගල්කිරියාගම පොලීසියේ කළ පැමිණිල්ලකට අනුව ගල් ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව නතර කිරීමට පොලීසිය විසින් උපදෙස්‌ දෙන ලදී. එහෙත් දේශපාලන රැකවරණයෙන් සවිමත් වී සිටි බලපුළුවන්කාරයෝ, පොලීසිය විසින් කළ නියෝගයන් තුට්‌ටුවකට මායිම් කළේ නැත. විශාල තාක්‌ෂණික උපකරණ යොදා ගනිමින්, ගල්තලාව කුට්‌ටි කිරීමේ ක්‍රියාවලිය ඔව්හු දිගට ම පවත්වා ගෙන ගිය හ. එසේ ගල කපා වෙන් කිරීමේ දී යන්ත්‍රසූත්‍රවලින් නැඟෙන්නේ, විශාල හඬකි. නිසසල වටපිටාවක ජීවත් වූ ගැමියන්ට මෙන් ම, අධ්‍යාපන කටයුතුවල නියෑළුණු දූ දරුවන්ට ද, එම හඬ දරාගැනීමට අසීරු අන්දමේ එකක්‌ විය. උදෑසන හයේ සිට සවස හය හත දක්‌වා නැඟුණු එම හඬ, ගැමියන්ගේ හදවත් පසාරු කරවන්නක්‌ විය. කෙසේ වෙතත් ගම්වාසීන්ගේ දැඩි ඉල්ලීම මත ගල්කරුයාය ගල්තලාව පිළිබඳ ව සමීක්‌ෂණයක්‌ කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, එම ගල්තලාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සැලකිල්ලට ගෙන, ඒ වන විට එහි සිදුවෙමින් පැවති නීතිවිරෝධී ක්‍රියාවන් සියල්ල වාරණය කරන ලදී. ඒ 2015 ජනවාරි 23 දාතමෙන් නිකුත් කළ ලිපියෙනි. පුදුමයක මහත¾ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එම නියෝගය බලාත්මක ව පැවතියේ දින හතරක්‌ පමණකි. තමන් දින හතරකට පෙර නිකුත් කළ ලිපිය බල රහිත කරමින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2015 ජනවාරි 27 දින තවත් ලිපියක්‌ නිකුත් කරන ලදී. ඒ ව්‍යාපාරිකයින්ට සිත්සේ ක්‍රියා කිරීමට ඉඩ හසර විවෘත කරමිනි.

සිය ගමේ උරුමය රැකගැනීම සඳහා ගත් සියලු ම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ව්‍යර්ථව ගියත්, සාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ජනතාව, කිසිවිටෙක පසු බැස්‌සේ නැත. පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස විශාල උද්ඝෝෂණයක්‌ කිරීමට ඔවුන් කටයුතු කළේ ඒ අනුව ය. ඒ 2015 පෙබරවාරි 23 දින ය. මේ අතර ගල් ව්‍යාපෘතියට එරෙහි ව පවරණ ලද නඩුවකින් ද, ජනතාව පරාජයට පත් විය. ඒ පොලීසිය විසින් උපක්‍රමශීලී ලෙස පුරාවිද්‍යා සාධක මත පමණක්‌ පදනම් වන අයුරින් එම නඩුව පවරා තිබූ බැවිනි.

ගමේ උරුමය, ගමේ සෞන්දර්යය රැක ගැනීමට පෙරට පැමිණි ජනතාව, මේ වන විට තම ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ද ඉදිරිපත් කර ඇත. එයට අමතර ව ඔව්හු දුරකතර ගෙවා ගෙන කොළඹ මධ්‍යම පරිසර අධිකාරියට ද පැමිණිය හ. ඒ 2015 මැයි 27 දින ය. ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් අසංක දොඩම්වල මැතිතුමාගේ ලිපියකින්, ගල් කොරියේ වැඩ නැවැත්වීමට උපදෙස්‌ දී ඇතත්, වැඩ කටයුතු එලෙස ම සිදුවෙමින් පවතී. මේ වන විට ව්‍යාපාරිකයින් සැරසෙන්නේ ගල්කන්ද වටා තහඩු වැටක්‌ ඉදි කිරීමට ය. ගල්කරුයායේ කිරිගරුඬ නිධිය පොළව යටට ම විහි දී ඇති බව භූ විද්‍යාඥයන්ගේ නිගමනය යි. ව්‍යාපාරිකයන්ගේ අරමුණ එම නිධිය පුළුවන් තරම් යටට හාරා ඉවත් කර ගැනීම බව පැහැදිලි ය.

“ගල්කරුයාය” යනු තව දුරටත් නෙත පිනවන සුන්දර කඳු පද්ධතියක්‌ නොවේ. එහි තිබූ ගස්‌ වැල්, දුර්ලභ බේත්හේත් අද එහි දක්‌නට නැත. ගල්කන්ද අරක්‌ ගෙන සිටි සුන්දර පක්‌ෂීන් ද කොහේ දෝ ඈතකට ඉගිල ගොසිණි. අද එහි ඉතිරි ව ඇත්තේ ප්‍රවාහනය සඳහා සූදානම් කරන ලද ගල් කුට්‌ටි කීපයක්‌ සහ ගල කුට්‌ටි කිරීමට යොදා ගන්නා යන්ත්‍රසූත්‍ර රාශියක්‌ පමණකි. ගල්කරුයායට මේ විපත සිදු වූයේ සියලු වාරණයන් ක්‍රියාත්මක ව පවතින අතරතුර ය. පරීක්‌ෂණ සඳහා පැමිණෙන පරිසර නිලධාරීන් සිදුවෙමින් පවතින්නේ අසාධාරණ ක්‍රියාවක්‌ බව පිළිගන්නා අතරතුර ය. ගමේ සියලු ම දෙනා පාහේ, ගමේ උරුමය, ගමේ සෞන්දර්යය රැකදෙන ලෙස එක හඬින් අයෑද සිටින අවස්‌ථාවක දී ය. එම විනාශය සිදු වූයේ, සෞන්දර්යය නොහඳුනන, දැක්‌මක්‌ නැති දේශපාලකයන්ගේ සහ වරප්‍රසාද හා පෞද්ගලික වාසි හමුවේ සිය දෑස්‌ බොඳ කර ගත් නිලධාරින්ගේ පූර්ණ අනුග්‍රහය යටතේ ය.

පෞද්ගලික ව්‍යාපාරිකයාගේ අරමුණ පැහැදිලි ය. එය එසේ ම ක්‍රියාත්මක වුවහොත්, සෞන්දර්යය අහිමි වූ ගල්පාය ගමට ඉතිරිවන්නේ මැසිමදුරුවන් බෝ කරන විශාල ආවාටයක්‌ පමණකි. එහෙත් එය එසේ සිදු වනු දැකීම ගම්වාසීන්ගේ අභිප්‍රාය නොවේ. තමන්ට තව දුරටත් සිදුවෙමින් පවතින අසාධාරණයට එරෙහි ව කටයුතු කිරීම සඳහා, මේ වන විට ඔවුන් පරිසර සංවිධානයක්‌ ද පිහිටුවා ගෙන තිබේ. අවට ගම්වල ජනතාව ද එම සංවිධානය වටා ඒකාරාශි වෙමින් සිටිති. ලාභය, සිය ඒකායන අරමුණ සහිත ව ක්‍රියාත්මක වන සමාජයක දී, එසේ සංවිධානය වීමෙන් තොර ව අධ්‍යාත්මික සහ ගුණාත්මක වටිනාකම් රැක ගැනීමට නොහැකි ය.

සියවසේ ලොව සිදුවූ දැවැන්තම වන විනාශය දකින්නට ගිය ගමනක්‌….
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් විල්පත්තු උතුරු අභය භූමිය පටන් සිලාවතුර ප්‍රදේශය දක්‌වා කල්ලාරු මහා (සංරක්‍ෂිත) වනාන්තරයත් මඩු රක්‍ෂිත වනාන්තරයත් විනාශයට පත්කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අනුදැනුම මත කරනු ලබන නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතිය සහ මහා වන විනාශය තවමත් නොවිසඳුණු, තවමත් අහවර නොවනු අර්බුදයකි. මේ පිළිබඳව මාධ්‍යවේදීන්, පරිසරවේදීන් හා බහුජන සංවිධාන කොතෙකුත් මේ පිළිබඳව වාර්තා කළත්, කරුණු කාරණා හෙළිදරව් කළත්, විරෝධතා ව්‍යාපාර දියත් කළත් විල්පත්තු මහ වනාන්තරයට උදාවූ සෙතක්‌ සාධාරණත්වයක්‌ නැත. “දැන් ඉතින් විනාශ වූ දේ විනාශවන්නට ඉඩ හරිනවා” යෑයි නියායෙන් බලධාරීන් කල්මරනවා විය හැකිය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියන්නේ මෙම ඉඩම් තම මුස්‌ලිම් ජනතාව විසූ පාරම්පරික ඉඩම් බවත්, යුද්ධයෙන් පසු නැවත පදිංචිකිරීමේ කටයුතු සඳහා ඒවා භාවිත කළ බවත්ය. “බළල්ලුද දී කිරට සාක්‍ෂි” යෑයි කියන්නා සේ මන්නාරම් මහ දිසාපති නොහොත් දිස්‌ත්‍රික්‌ ලේකම් දේශප්‍රිය මහතාද මූලික විරෝධතා හමුවේ අවධාරණය කර සිටියේ මෙම නැවත පදිංචි ඉඩම් එම ජනතාවගේ පාරම්පරික ඉඩම්ව තිබූ බවකි. ඔවුන් වන සතුන් මරාගෙන කාපු ඉඩම් වන බවකි. මෙවන් තත්ත්වයක්‌ තුළ අපට අසන්නට ඇත්තේ මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා තරම් මෙරටේ පරිසර නීතිය, වනජීවී නීතිය පිළිබඳව හෝ සමාජ අධ්‍යයනය ගැනවත් නොදන්නා අඳබාල නිලධාරීන් කුමන හේතුවක්‌ සඳහා මෙවන් දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ තනතුරු සඳහා පත්කර ඇත්තේද යන්නය. මන්ද, වනසතුන් මරාගෙන කෑම 1938 වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත අනුව දැඩි දඬුවම් ලැබිය යුතු වරදක්‌ නිසාවෙනි. එසේම ඔහු එක්‌ තැනෙක සඳහන් කරන දිසාපතිවරයාට අයත් කැලෑ ඉඩම් මෙම කටයුත්ත සඳහා නිදහස්‌ කළේය යන කරුණද අතිශය වැරදිසහගත ප්‍රකාශයකි. මන්ද අතීතයේදී දිසාපතිවරුන්ට අයත් කැලෑ ඉඩම් තිබුණද 2001 වසරේ පටන් දිසාපතිවරුන්ට අයත් කැලෑ ඉඩම්ද වන ආඥ පනත යටතේ වන සංරක්‍ෂණ ජනරාල්වරයා වෙත ගැසට්‌ නිවේදනයකින් පවරා ඇති නිසාය. එනිසා මන්නාරම් මහ දිසාපතිවරයා වන හා වනජීවි නීතිය ගැන නොදන්නා අයකු වනවා සේම හේ මෙරටේ වනාන්තර විනාශයට අනුබල දෙන පුද්ගලයකු වශයෙන්ද අප හඳුන්වා දෙන්නෙමු.

මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ගලේ පහරපු බළලෙක්‌ ගාණට වැටුණු අවස්‌ථාවක්‌ ගැනද මෙහි සනිටුහන් කිරීම වටී. එනම්, කල්ලාරු කැලෑ විනාශය පිළිබඳව දිගින් දිගටම විරෝධතා පැන නැඟෙද්දී ඒ පිළිබඳව වහාම සොයා බලන්නට කමිටුවක්‌ පත්කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේය. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සමන්විත එම කමිටුවේ මූලික විමර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර ඒ සඳහාද මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පැමිණ සිටියේය.

එහිදී සිද්ධිය පිළිබඳව හඳුන්වා දුන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වන සංරක්‍ෂක ජනරාල්වරයාට සැබෑ තත්ත්වය පහදා දෙන්නට අවස්‌ථාව ලබා දුන්නේය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වන සංරක්‍ෂක ජනරාල් අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය (මහින්ද රාජපක්‍ෂ) පාලන කාලයේදී නැවත පදිංචිකිරීමේ කාර්ය සාධක බළකායේ ඉල්ලීම පරිදි මෙසේ කල්ලාරු සහ මඩු රක්‍ෂිත වනාන්තරවලින් හෙක්‌ටයාර් 2500 ක්‌ නිදහස්‌ කරන්නට තම දෙපාර්තමේන්තුවට සිදුවූ බවයි. හිටපු වන සංරක්‍ෂක ජනරාල්වරයා ඒ සඳහා අනුමැතිය දී තිබිණි.

මෙම ප්‍රවෘත්තිය දැනුම් දෙනවිට මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ඊට යාබද ආසනයේ සිටි අතර ගලේ පහරපු බළලකු ගාණට වැටුණු ඔහුගේ හිස මතට තවත් මරාලයක්‌ කඩාගෙන වැටුණේය. ඒ අනිකක්‌ නොව මෙසේ හෙළි පෙහෙළි කරන ලද හෙක්‌ටයාර් 2500 ක වනාන්තර ප්‍රදේශවල පලු, වීර, බුරුත වැනි වටිනා දැවවලට සිදුවූයේ කුමක්‌ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්‌ථාවේදීය. වන සංරක්‍ෂක ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ විධිමත් රාජ්‍ය ක්‍රමවේදය අනුව අදාළ දැව, දැව සංස්‌ථාව මගින් ලබාගත යුතු වුවත් පසුගිය රජය නැවත පදිංචිකිරීමේ අවශ්‍යතාව ඉක්‌මන් කිරීම නිසා දැව සමඟම වනාන්තරය ජනාධිපති කාර්ය සාධක බළකායට නිදහස්‌ කළ බවකි. මෙය මහා අපරාධයකි. මහා දැව කොල්ලයකි. අහස පොළොව නුහුලනා වනාන්තර විනාශයකි. ලෝකයේ සිදුවූ සියවසේ අතිවිශාලතම වනාන්තර විනාශය මෙය ලෙස සලකන අතර, එයින් ඉවත්වූ දැව කළු කඩයේ විකුණා ගැනීමද අතිවිශාල ජාවාරමක්‌ම වෙයි. ඒ පිළිබඳව මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට හේ කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවය. තමන් විටින් විට පොලිසිය දැනුවත් කළද කුමක්‌ සිදුවී දැයි තමන් නොදන්නා බව ඔහු එම පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේය. කල්ලාරු සහ මඩු වනාන්තරවලට සිදුවූයේ එවන් බලවත් අපරාධයකි.

නැවත පදිංචිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ගැන අප හරිහැටි නොදන්නා මුත්, මෙම වනාන්තර විනාශය පිටුපස සිටි යෝධ හස්‌තය එවක නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රිෂාඩ් ඇමැතිවරයාගේ රැකවරණයට යෝධ සෙවණැල්ල සේ ක්‍රියා කළ අතර, මන්නාරම් මහ දිසාපති මොවුන්ගේ සෙවණැල්ලට පෑගුණු ලිලිපුට්‌ටකු පමණක්‌ විය. ඒ අපගේ විශ්වාසයයි.

දැනට හඳුනාගෙන ඇති පරිදි මෙසේ විල්පත්තුව උතුරේ කල්ලාරු – මරිච්චි කඩ්ඩි ප්‍රදේශයේ ඉඩම්ලාභී බහුතරය යුද්ධයෙන් අනාථ වූවන් නොවේ. පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ මුස්‌ලිම් බහුතරයකටද මෙම වනාන්තර ප්‍රදේශවලින් ඉඩම් ලබාදී තිබේ. ඒ අනුව අපට තර්ක කළ හැක්‌කේ හුදෙක්‌ අනාථයින් මුවාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තමන්ගේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට නොහොත් මුස්‌ලිම් ව්‍යාප්තවාදය උදෙසා අති විශාල ක්‍රියාමාර්ගයක්‌ ගෙන ඇති බවයි. එහෙත්, ගැටළුවකට ඇත්තේ මෙසේ රජයේ ගණ වනාන්තර බුල්ඩෝසර් කර වනසා දමමින් මහත් පරිසර විනාශයකට මඟ පාදමින් භූමිය අයථා ලෙස පටු අරමුණු වෙනුවෙන් භාවිතයට ගනිද්දී එය මධ්‍යම රජයේ කිසිදු බලධාරියකු, කමිටුවක්‌, හෝ ආයතනයක්‌ මගින් අධීක්‍ෂණයට ලක්‌ නොකිරීමය, අධීක්‍ෂණය කළ යුතු ප්‍රධාන පුද්ගලයා මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාය. එහෙත් ඔහු දෙබිඩි චරිතයකි. රජය වෙනුවෙන් පෙනී සිටිමින් හේ වනාන්තර, වනජීවීන්ගේ විනාශය හමුවේ අඳ ගොළු බිහිරකු සේ ක්‍රියාකර ඇති අතර ඒ මදිවාට ඒවා සාධාරණීයකරණය සඳහාද කටයුතු කරයි.

විල්පත්තු උතුරු අභය භූමියේ ඉඩම් අල්ලා ගැනීම මෙම නැවත පදිංචිකිරීම යටතේ සිදුවූ පළමු ඉඩම් කොල්ලයයි. එම අවස්‌ථාවේදීද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා කීවේ එම ඉඩම් විල්පත්තුවේ නොවන බවකි. එසේම එවක වනජීවී ඇමැති විජයමුණි සොයිසාද එහි නිරීක්‍ෂණයක්‌ සිදුකර පැමිණ එය විල්පත්තුව නොවේ යෑයිද ඒවා වන සංරක්‍ෂණ ඉඩම් යෑයිද කීවේය. එහෙත් සැබෑව නම් අවසානයේදී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවූයේ එය තමන්ගේ අභයභූමියක්‌ ලෙස පිළිගැනීමටය. එහි පදිංචිව සිටි පවුල් 30 කට අධික පිරිසක්‌ ඒ අනුව වනජීවී ආඥපනත යටතේ මන්නාරම් අධිකරණයේ නියෝගයෙන් ඉවත් කෙරිණි.

මෙවර මෙම ඉඩම් කොල්ලයට ගොදුරු වූයේ වන සංරක්‍ෂණය සතු ඉඩම්ය. පෙර පරිදිම රජයේ කැළෑ නොවේ යෑයි කියූ බලධාරීන්ම අවසානයේ මේවා ලිත ඉල්ලීම් මත ලිපියක්‌ මගින් නැවත පදිංචි කිරීමට පවරා දුන් ඉඩම් බවට පිළිගන්නා ලදී.

මෙවන් තත්ත්වයක්‌ තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වනාන්තරය හෙළි පෙහෙළි නොකරන ලෙසටත් නැවත පදිංචිය තාවකාලිකව නවතන ලෙසටත් නියෝගයක්‌ නිකුත් කළද, එවන් නියෝග පිළිගන්නට හෝ නියෝග ක්‍රියාත්මක කරන්නට හෝ නිලධාරියකු බලධාරියකු කල්ලාරු මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේ නැත. එම ප්‍රදේශයට බලපාන්නේ වෙනම නීතියකි. තවදුරටත් එහි වනාන්තර කපමින් දැවැන්ත දැව ජාවාරමක්‌ සිදුකරන අතර ඉඩම් අල්ලාගැනීම සහ අනවසර පදිංචියද දිගින් දිගටම සිදුකර ගෙන යයි. මේ බව අපට පසක්‌ වූයේ ඉකුත්දා විල්පත්තු උතුරු මරිච්චිකඩ්ඩි මොල්ලිකුලම හා සීලාවතුර ප්‍රදේශයේ කළ සංචාරයකදීය.

විල්පත්තු ජාතික වනෝදනයේ සීමාව කෙළවර වන්නේ මොල්ලිකුලම වනජීවී අඩිවි ආරක්‍ෂක කාර්යාලයට යාබද මෝදරගංආරු ඔයෙනි. එතැන් පටන් උතුරින් විල්පත්තුව උතුරු අභය භූමිය පිහිටා ඇත. මෙම අභ්‍ය භූමියද නැවත පදිංචියට ගොදුරු වුවත් දැන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් එය යළිත් තහවුරු කර තිබේ. මේ වනවිට ඊට අදාළ මායිම්ගල් දැමීම සිදුකරතත් එය සිදුවන්නේ ඉබි ගමනෙනි. ඒ සඳහා වාහන හා අනෙකුත් කම්කරු පහසුකම් හරිහැටි ලබා දෙන්නට වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාකර නැත.

උතුරු අභය භූමියෙන් උතුරට ඇත්තේ මොල්ලිකුලම ප්‍රදේශයයි. මෙතැන් පටන් උතුරු දෙසට මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේ මීට වසර හයකට පෙර තිබුණේ අති විසල් ගණ වනාන්තරයකි. එය විල්පත්තුව හා යාවුණු එකම වනාන්තරයකි. නොහොත් මේ සියල්ලම විල්පත්තු වනාන්තරයම විය. මරිච්චිකඩ්ඩි සිලාවතුර මාර්ගය අතිශය දුෂ්කර වල ගොඩැලිවලින් පිරි ගුරුපාරක්‌ වූ අතර මාර්ගයට දෙපසින් තිබුණේ වන අලින් ගැවසෙන මහා වනාන්තරයයි. එහෙත් දැන් එසේ නොවේ. මන්නාරමේ සිට සිලාවතුර හරහා විල්පත්තු බෝඩරය (සීමාව) දක්‌වාම පුළුල් කාපට්‌ මාර්ගයක්‌ තනා ඇත.

(පුත්තලම – එළුවන්කුලම විල්පත්තු මායිම දක්‌වා මාර්ගයද එසේමය.)

විදුලි රැහැන් පද්ධතියක්‌ද සහිත මෙම සමස්‌ථ ප්‍රදේශයම අද නගර සංකීර්ණයක්‌ තරමට පහසුකම් සපයාදී මුස්‌ලිම්වරුන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත. “ජාසිම් සිටි” නම් වන මෙම ප්‍රදේශයේ විදෙස්‌ ආධාර යටතේ ස්‌ථීර ගොඩනැගිලි නිවාස ඉදිකර දී ඇති අතර තවදුරටත් අලිමංකඩ හා වනරක්‍ෂිත විනාශ කරමින් තාවකාලික ටකරං ගෙවල් රැසක්‌ද තනාදී ඇත. එනම් ඉතිරි රක්‍ෂිත වනාන්තර හා අලිමංකඩද යන සියලු වනගත ඉඩම් පදිංචිය සඳහා යොදාගනු ලබන්නේ පරිසරය පිළිබඳ අබමල් රේණුවක තරම් වටිනාකමක්‌ ගැන නොසලකාය.

මෙම ප්‍රදේශයේ ගුවන් ඡායාරූප සහ ගූගල් සිතියම් මගින් මෙම දැවැන්ත වන විනාශය තේරුම් ගත හැකිය. එහෙත්, මෙතරම් ගෝලීය පාරිසරික විනාශයක්‌ සිදු වෙද්දීත් ජාතික හෝ අන්තර්ජාතික මට්‌ටමින් ඊට එරෙහිව පරීක්‍ෂණ සිදු නොවීම කණගාටුවට කරුණකි. යුද්ධය නිසා වසර 30 ක්‌ ආරක්‍ෂාවුණු මෙම වනාන්තර වසර හයක්‌ තුළ අතිශය බරපතල අයුරින් විනාශයට ලක්‌වී ඇති අතර එය තවදුරටත් සිදුවීම විශ්මයකි. පරිසරවේදීන්, මාධ්‍ය සහ බහුජන සංවිධාන කොතරම් හඬ නැඟුවත් විරෝධතා දියත් කළත් බලධාරීන් බිහිරන් සේ ක්‍රියාකරනු පෙනේ.

විල්පත්තු උතුරේ අප කළ සංචාරයේදී මේ පිළිබඳව ඉතා හොඳින් අප අධ්‍යයනය කළ අතර අපට දැනගන්නට ලැබුණේ වනාන්තර ඉඩම්වලින් වන්නාතරය දෙසට මාර්ග කපා පදිංචිකරුවන් නැතත් විදුලි වයර් කණු කැළෑව දෙසට ඇද විදුලිය පහසුකම් ලබාදී ඇති බවකි. එනම් තවදුටත් පදිංචිකරුවන් අපේක්‍ෂාවෙන් එහි ඉඩම් අතිරික්‌තයක්‌ තබාගෙන ඇති බවකි. එසේම මෙම වනාන්තරවලින් කිසිදු අවහිරයකින් බාධාවකින් තොරව දැව, පස්‌, වැලි කපා ට්‍රැක්‌ටර් හා ට්‍රක්‌රථ මගින් ගෙන යන ලබන බවකි. එසේම පිටතින් එහි පැමිණෙන පුද්ගලයින් කවුරුන්ද යන්න විමසීම සඳහා වෙනමම කණ්‌ඩායම් යොදවා ඇති බවද අප අත්දුටු සත්‍යකි.

මෙවන් අවසනාවන්ත තත්ත්වයකින් විල්පත්තු හා කල්ලාරු වනාන්තර අද පීඩා විඳී. එහෙත් එහි වෘක්‍ෂ දේවතාවන් අලි ඇතුන් වන සතුන් නඟන දුක්‌ඛ දොaමනස්‌සයන් අෙ¹aනාවන් අසන්නට කෙනෙකු අද ලක්‌දෙරණ තලය මත නැත. එහෙයින් මෙවන් විනාශයන්ට හෙණ ගෙඩි ඉල්ලා සිටින්නට අපට සිදුවන්නේ තිස්‌තුන් කෝටියක්‌ දෙවියන්ගෙනි.

Professor Raj Somadeva conducted a survey on the macro area of the Kaltota escarpment, which houses the controversial Kuragala site. What he unearthed about Kuragala is part of a research project called ‘Hunters in Transition’.


Prof. Raj Somadeva  provides more information on the his work and the controversial Kuragala site.

DR- Why is this specially launched? Is it general practice to launch every archaeological survey ceremoniously?
RS- No. there is a demand from the people who funded the project to launch the publication ceremoniously

DR- Who funded it?
RS- The Dayaka Sabha of the Dewram Wehera in Pannipitiya

DR- So the Kaltota survey is not government funded?
RS- Actually even though it comes under the memoirs of the PGIA, even the printing cost is borne by the Dayaka Sabha

book-coverDR- Is it because the sight is of special significance?
RS- Yes, because there is a lot of controversy propagated on Kuragala. They wanted to clarify the archaeology and the history of the sight and tell this scientifically constructed story to the society

DR- Does this Dayaka Sabha have any connection with the BBS or the Sinhala Ravaya?
RS- No. That is I don’t know. Even if there is any connection it does not matter to me because I did the survey as a professional according to the laws and principles of archaeology.

DR- So civil society is taking an interest in archaeology and funding it?
RS- The Department of Archaeology which is the apex institute having sole responsibility for archaeological sites have big responsibilities, but little money. I don’t see any problem with asking the public to contribute. All the cultural things whether tangible or intangible belong to the people irrespective of ethnicity

DR- So did the department make an appeal to the public or did the Dayaka Sabha take the initiative in funding this Kuragala report?
RS- No this is not a survey centering on Kuragala. It’s part of my research project called ‘Hunters in Transition’. Its geographical focus includes the Kaltota escarpment which includes Kuragala. So I asked a couple of friends, I want to survey the macro area of the Kaltota escarpment, you are interested in Kuragala. You have soft funding resources. So please help me.

DR- Did you mention the Arabic/Islamic cultural layer of the Kuragala site in your survey?
RS- Yes. I quoted an article by Dr H.M Shukri, Director of the Naleemiah Institute of Islamic Studies in Beruwala about the Arabic inscriptions of Sri Lanka. In this article he mentioned the inscription of Kuragala. I published a photograph of the Arabic inscription and I said that there is a multiple layer of cultural existence in Kuragala. Apart from the long standing heritage of Holocene hunter gatherers and early Buddhist residential abodes there is evidence of some Arabic/Islamic affiliation suggested by this Arabic inscription. But according to Shukri this inscription has no intelligible meaning. So I said this Arabic inscription does not establish a long standing tradition of Arabic presence or Islamic religious practice at the site. But the current Muslim population of the locality have attributed intangible cultural values to the site and we have to respect that. Because it reflects historical cultural interactions in a modern context. We should allow all the people of the country to experience the intangible cultural values adopted by them to the site within the legal provisions prescribed in the Antiquities Ordinance. You can’t do anything tangible within the site. You can’t construct anything. But you can experience the site without any ethnic boundaries.

DR- So you are saying the present mosque should never have been built?
RS- Actually some work has to be done to find a place outside the archaeological site and help them rebuild the mosque there. It’s a problem for the Archaeological Department and the politicians. I am a professional. I have done an archaeological survey of the site and established the historicity and the archaeological importance of the site. So in future, for managing this site you have to follow the legal provisions of the Antiquities Ordinance.

DR- What does it really mean professor?
RS- It means you have to remove all new constructions from the site whether it’s Islamic, Hindu or Buddhist

DR- But a Buddhist stupa has been built there?
RS- It’s an old one

DR- How old?
RS- Normally that kind of Stupa belongs to the tradition of ‘akasha chaithyas’. The purpose of constructing ‘akasha chaithyas’ is to establish a line of sites. When you construct small stupas or ‘akasha chaithyas’ in the summit of a rock they serve as communication beacons giving directions. These ‘akasha chaithyas’ have been constructed since 7th century CE.

DR- But the chaithya at Kuragala is a modern construction
RS-Yes you are right. It’s a common practice in archaeology. If you have identified a location with residues of ancient construction you use modern bricks to simulate it.

DR- I see…Like the Sigiriya ponds?  
RS- Yes.

DR- So even though certain parties have accused that the Stupa is a modern construction by the Dept. of Archaeology…
RS- It is a modern construction manifesting the ancient stupa. It’s an established principle in archaeology. It’s not conservation but restoration. Conservation is when you have the collapsed thing and you have consolidated it and completed it. Restoration is when you have signs of existence of a thing but you don’t have any residue, only some scanty signs. Then according to the physical features remaining you rebuild for the sake of the citizen

DR- But some allege that the Kuragala stupa was only constructed a few feet high and abandoned due to the protests of the Muslim community.
RS- No, that is the way in restoration. If you do not have any material residues remaining at site manifesting the super structure of the stupa you can’t do much. What you can do is to demarcate the outer periphery of the stupa and build 3 or 5 lines of bricks depicting the shadow appearance of the ancient structure.

DR- But professor what If a Muslim says; if a Sufi saint meditated here, don’t we have a right to demand that a mosque be constructed here?
RS- No. if you have a set of ruins depicting the cell the Sufi saint used to meditate and reside in, it’s ok. You have a legal right to ask that cell be conserved or restored. But you don’t have any tangible evidence to promote the intangible aspects of the Islamic heritage of Kuragala except that Arabic inscription.

DR- What about the famous tombstone of Kuragala?
RS- One of the walls of the mosque there have a small inscription indited on top indicating 1926. So all tangible manifestations of the mosque site postdate 1926.

DR- So there’s no tombstone datable to the 13th 14th centuries
RS- No, the only thing that could be assigned some sort of historicity is the Arabic inscription

DR- You haven’t asked Dr. Shukri to read the inscription anew. You just took his old reading?
RS- Yes, the Shukri article gives a holistic approach to the Arabic inscriptions found in Sri Lanka. He wrote it before all the controversies about Kuragala arose.

DR- Does he date the Kuragala Arabic inscription?
RS- Yes to a period between 10th and 16th centuries CE. He says it could be the work of a Sufi saint of north Indian or Persian origin

DR- Can Arabic script be dated?
RS- Yes it can be dated on palaeographic grounds

DR- So you think you have made your contribution to resolving a controversy that has been raging for some time
RS- I had no intention of resolving any controversy or conflict. As a professional I did a survey based on empirical grounds. I constructed a synthesis based on my observations. I included maps, photos, readings of inscriptions and copies and that’s it. For the first time the Arabic inscription comes on my report excepting its appearance in the Shukri article.

Kuragala (2)
A view of the rocky landscape of the Kuragala hillock. Most of such caves
had been utilized in different periods from prehistory to early
historic period.

Kuragala (5)

A drip-ledged cave at Kuragala. This photograph shows how such caves are
vandalized by the modern visitors photo. Raj Somadeva
Kuragala (3)
A view of cave number 1 at Kuragala. The hut constructed in front of the
cave is used as a Mosque (photo: Raj Somadeva)
Kuragala (4)
View of one of the large caves situated on the Kuragala hillock.
This cave is called Lunugalge in Kuragala
Kuragala (6)
The restored brick stupa in Kuragala
Kuragala (7)
An inscription engraved in Kufic Arabic characters on a rock surface in
Kuragala that could be post-dated to the 10th century CE.
Kuragala (8)
An eye-copy of the Arabic inscription at Kuragala (after Shukri 2000)

Older Posts »