Posted by: lrrp | September 23, 2009

තිස්‌ස කාවන්තිස්‌සවුණේ මෙහෙමයි

ගෝඨාභය රජු තම පුතුට තැබූ නම තිස්‌සය. මහාවංසයේ පවතින්නේ “කාවන්තිස්‌ස කියාය. එම කෘතියේම සමහර තැන්වල “කාකවණ්‌ණ” පමණක්‌ ලෙස යොදා ඇත. මහාවංශ ටීකාවේද “කාකණ්‌ණ” යන උප පදය දක්‌නට ලැබේ. දීප වංසයේද මහා වංසයේ දැක්‌වෙන පරිදිමය. රසවාහිනියේ පමණක්‌ “කාකවණ්‌ණ” යන උප පදය රජුට භාවිතයට හේතු භූත වූ කරුණු හෙළිකරයි. ඔහු “කාක භාෂාව” දැන සිටි හෙයින් කාක බස කියවා තේරුම් ගැනීමට හැකි නිසා “කාකවණ්‌ණ” යන උප පදය එකතු වූ බව දක්‌වයි. එයින්ද නොනවතින රසවාහිනිය තවදුරටත් කරුණු ගෙනහැර දක්‌වයි. කාක යනු කවුඩා යෑයි ගෙන වර්තමානයේ කපුටා” යනුවෙන් වහරේ පවතී. කපුටෙකු ගෙනා හසුන් පත් කීපයක්‌ රජු තේරුම් ගත් බව ලේඛනවල දැක්‌වේ. මාගම විසූ කාකයෙකු නාගදීපයේ කාකියන් සමග ඇති කරගත් සම්බන්ධයක්‌ පිළිබඳවද රසවාහිනියේ දැක්‌වේ.

කාවන්තිස්‌ස රජු ජීවත්ව සිටි අවධියේ “කපුටු පාට තිස්‌ස කාවන් තිස්‌ස” යනුවෙන් යෙදුනායි කියන තර්කය පිළිගත නොහේ. මන්ද යත් රජෙකුට එසේ අභිමුඛව යෙදිය හැක්‌කේ කවරෙකුටද? සෙල්ලිපි වලද “කාක වරන පි” යනුවෙන් ද සහස්‌ථත්ථුපකරණය “කාකවණ්‌ණ තිස්‌ස”, කාකවණ්‌ණ යනුවෙන්ද සඳහන් කරයි. තිස්‌ස අභය යන නාමය සිංහල ධාතු වංශයේ දැක්‌වෙන අතර කාවන්තිස්‌ස, කාවන්තිස්‌ස අභය යනුවෙන්ද දැක්‌වේ.

වට්‌ටගාමිණී අභය මහරජතුමා දෙමළ ආක්‍රමණිකයන් හා යුද වැදී පැරද දේවිවරුන් දෙදෙනා සහ පුතා සමග පලා යන අවස්‌ථාවේ ගිරි ආශ්‍රමයේ සිටි නිගන්ඨයා “මහා කාලෝ සිහලෝ පලායති” යනුවෙන් අවඥ ස්‌වරයෙන් හඬ තැලීය. නිගන්ඨයාගේ මෙම ප්‍රකාශය බොහෝ වියතුන් තර්ක කරන්නේ “මහා කලු සිංහලයා පලා යනවා යන වචයාර්ථයටම වහල් මෙනි. ඊට වඩා යුක්‌ති යුත්ත අදහසක්‌ මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතා ගෙන ඒ. එතුමා කියන්නේ මහා කලු සිංහලයා යනුවෙන් ඇමැතුවේ “කලු පාට සිංහලයා නොව යම, හෙවත් යක්‌ පරපුරෙන් පැවතගෙන එන නිසා මහා කලු සිංහලයා යනුවෙන් පැවැසූ බවයි.

වට්‌ටගාමිණී අභය රජතුමාගේ පියා සද්ධාතිස්‌සය. සද්ධාතිස්‌සගේ පියා කාවන්තිස්‌සය. එසේ නම් වලගම්බා රජතුමා යම හෙවත් යක්‌ පරපුරේ යනුවෙන් පණවිතාන මහතා ගෙන එන තර්කය කාවන්තිස්‌සටත් පොදුය. මන්ද යත් වලගම්බා රජතුමාගේ පියා කාවන්තිස්‌ස වන හෙයිනි. කාක, කා යන්න යමු, හෙවත් යක්‌ යන්නට සමාන නාමයක්‌ වේ. ඒ අනුව යක්‌, යම කාක යන වර්ගයෙන් (ස්‌වදේශිකයන්ගෙන්) පැවතගෙන එන නිසා කාවන්තිස්‌ස, කාකවණ්‌ණ තිස්‌ස යනුවෙන් හැඳින්වීම යුක්‌ති යුක්‌තය. තිස්‌සට කාකවණ්‌ණ යන උපපදය ලැබුණේ මේ අයුරිනි.

Advertisements

Responses

  1. කාවන්තිස්ස රජුට ඒ නම ලැබුණේ මෙහෙමයි. තම පිය රජු වන ආසියාවේ ප‍්‍රබලතම නැව් සමාගමේ අයිතිකරුව ද සිටි. (ඇතමකුගේ මෙම මතය ආචාර්ය සූරිය ගුණසේකරයන්ද තහවුරු කරයි) ඉන්‍දීය ආක‍්‍රමණික ක්‍ෂති‍්‍රයන්ගෙන් ගෝඨාභය රජු, නිරවුල් කර දුන් ඒ රුහුණ රාජ්‍යය, මේ අතිජාත පුත‍්‍රයා වන කාවන්තිස්ස රජු මනා කොට රැුක ගන්නට සැරසේ.
    කාවන්තිස්ස රජුගේ පියා ගෝඨාභය වූයේ ගෝඨවිය ූ අභය යන වචන දෙක සන්‍ධි වීමෙනි. ගෝඨවිය යන්නෙහි අරුත සුක්කානමයි. (සිරිසේන මාඉටිපේ ශබ්ද කෝෂය) මගේ අභිමානි හෙළන්කා ග‍්‍රන්‍ථයෙන් පෙන්වා දුන්නේ රාජ්‍ය සුක්කානම ක්‍ෂති‍්‍රයයන්ගෙන් ගත් නිසා අභයට මේ ගෝඨවිය යන පදය උපහාරයක් වශයෙන් එක්වන්නට ඇත කියාය. එහෙත් ආචාර්ය සූරිය ගුණසේකරයන් මා අමතා පැවසුවේ මේ වචනයේ තේරුම සුක්කානම නම් එයින් ඔවුනගේ මතය වඩාත් තහවුරු වන බවයි. එම රජුගේ සෑම සෙල්ලිපියකම රාජ්‍ය ලාංඡුනය ලෙස දක්වා ඇත්තේ මේ සුක්කානම් සලකුණලූ.
    අනුරපුරය දැන් පිට දේශක්කාරයකුගේ අතේ ය. ඒ නිසා මේ බුද්ධිමත් රජ අ`ඵත් ම සංඥා ක‍්‍රමයක් නිපදවූයේය. මේ සඳහා යොදා ගත්තේ ‘කාක්’ යන පදයයි. වර්තමානයේ මෙයට සමානMoss Code ක‍්‍රමය නාවුක ගමන්වලදී යොදා ගත් අතර, (එක්තරා ආකාරයකට තට්ටු කිරීමS.O.S.) එය දෙවැනි ලෝක යුද්ධයේදී ඔත්තු සැපයීමටත් ගැනුණි. කාක්කා යනු ඕනෑම තැනක සිටින පක්‍ෂියෙකි. ඌ අනිකුත් පක්‍ෂීන්ට වඩා වේලාසනින් අවදි වී සිය`ඵ ම පක්‍ෂීන්ට පසුව කූඩු කරා යයි. සුලභ පක්‍ෂියකු වන ඌ, මිනිසා අතරම ගැවසී තොරතෝංචියක් නැතිව කෑගසයි. ඉතින් කාක් නාදය කොහෙන් කොයි වේලේ ඇසුවද කිසිවකුට සැක පහළ නොවේ.
    මෙයයි කාක වණ්ණය. තිස්ස රජු බුද්ධි අංශය තම භාරයේම රඳවා තබා ගත්තේය. ඒ නිසා කපුටු සංඥාව උපයෝගී කර ගෙන එවන සෑම පණිවිඩයක් ම රජතුමා දක්වා ම එවීමට සතර වාහල්කඩ ඔත්තුකරුවන් සතර දෙනකු යොදවා තිබුණි. මේ බව සනාථ කරන එක් සිද්ධියකි, රජ වාසල මහා දානයක් දෙන අවස්ථාවකදී කාක්කකු පැමිණ රන් රුවන් පිරි යාත‍්‍රාවක් අසල වරායට පැමිණ තිබෙන බව රජුට කිව්වා යැයි කියන පුවත.
    කාක්කා නම් පක්‍ෂියාට එවැනි පුවතක් කිව නොහැක. අඩුමවශයෙන් ඌට මා`ඵ නැවක් ආවා කියාවත් කිව නොහැක. මෙයින් ගම්‍ය වන්නේ රජ වාසල එක් වාහල්කඩක සිටි ඔත්තුකරුවකු තමාට ලැබුණු ඔත්තුව රජුට සංනිවේදනය කළ අයුරුය. රජතුමා කාක් හ`ඩකට උනන්දුවෙන් කන්දී සිටි ආකාරයත්, අනතුරු ව වරායට පැමිණි නෞකාව ගැන අවශ්‍ය උපදෙස් දුන් ආකාරය දුටු අය රජුට කාක් බස කතා කළ හැකි යැයි සිතන්නට ඇත.
    බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස අවසන් තීරණය ගත්තේ රජුය. මෙවැනි මනා පාලන සංවිධාන නිසා එතරම් බලවත් දරුණු එළාර වුවද රුහුණට අත පොවන්නට නොපැමිණියේය.thilakarandeni.lk වෙබ් අඩවියට පිවිසෙන්න


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: